ගීතාවලිය 51:8-15 - Compare All Versions
ගීතාවලිය 51:8-15 SROV (Sinhala Revised Old Version)
ඔබ බින්දාවූ ඇටවලට සැප ලැබෙන පිණිස ප්‍රීති සන්තෝෂය මට ඇසෙන්ට සැලැස්සුව මැනව. මාගේ පාපය කෙරෙන් ඔබගේ මුහුණ සඟවාගත මැනව, මාගේ සියලු අයුතුකම් මැකුව මැනව. දෙවියන්වහන්ස, පවිත්‍ර සිතක් මා තුළ මැවුව මැනව; ස්ථිර ආත්මයක් මා තුළෙහි අලුතෙන් සෑදුව මැනව. ඔබ ඉදිරියෙන් මා බැහැර නොකළ මැනව; ඔබගේ ශුද්ධාත්මය මාගෙන් පහ නොකළ මැනව. ඔබගේ ගැළවීමේ ප්‍රීතිය මට නැවත දුන මැනව. නිදහස් ආත්මයකින් මා දැරුව මැනව. එවිට මම අපරාධකාරයන්ට ඔබගේ මාර්ග උගන්වන්නෙමි; පව්කාරයෝද ඔබ වෙතට හරවනු ලබන්නෝය. දෙවියන්වහන්ස, මාගේ ගැළවීමේ දෙවියන්වහන්ස, මිනීමැරීමේ අපරාධයෙන් මා මුදාහැරිය මැනව; මාගේ දිවද ඔබගේ ධර්මිෂ්ඨකම ගැන ශබ්දනගා ගීතිකාකරන්නේය. ස්වාමිනි, කට අරින්ට මට පිහිටවුව මැනව; එවිට මාගේ මුඛය ඔබගේ ප්‍රශංසාව දන්වන්නේය.
ගීතාවලිය 51:8-15 SCV (සිංහල කාලීන පරිවර්තනය)
ප්‍රීතියත්, ප්‍රමෝදයත් යළි මට අසන්නට සැලසුව මැනව. ඔබ බිඳිනු ලැබූ මගේ ඇටකටු දැන් සොම්නස් වේවා! මගේ පාප වෙතින් ඔබේ මුහුණ සඟවා ගත මැනව. මගේ සියලු අයුතුකම් මකා දැමුව මැනව. මා තුළෙහි පවිත්‍ර හදක් නිර්මාණ කළ මැනවි. අහෝ දෙවියන්වහන්ස, තිරසර ආත්මයකින් මා ඇතුළාන්තය අලුත් කළ මැනව. ඔබ අබියසින් මා පලවා හැරීමත්, ඔබගේ ශුද්ධාත්මයාණන් මවෙතින් ඉවත ගැනීමත් නො කළ මැනව. ඔබගේ ගැලවීමේ ප්‍රීතිය යළි මට දුන මැනව; අවනත සිතක් මට දී මා දරා සිටිය මැනව. එවිට අපරාධකරුවනට මම ඔබේ මාර්ග කියා දෙන්නෙමි; එකල පව්කරුවන්, ඔබ වෙත හැරී එනු ඇත. අහෝ දෙවියන්වහන්ස, මා ගලවා ගන්නා දෙවියන්වහන්ස, ලේ වැගිරීමේ අපරාධයෙන් මා ගැලෙවුව මැනව; එවිට මගේ දිවෙන් ඔබේ ධර්මිෂ්ඨකමට ගී ගැයේ. අහෝ ස්වාමින්වහන්ස, මගේ තොල් විවර කළ මැනව; එවිට මගේ මුව ඔබට ප්‍රශංසා කරයි.
ගීතාවලිය 51:8-15 NRSV (Sinhala New Revised Version)
මා සිතට සතුට හා සොම්නස දුන මැනව; ඔබ තැළූ පෙළූ මා කයට යළි සුව සෙත දුන මැනව. මාගේ පවින් ඔබේ බැල්ම හරවා ගත මැනව; මාගේ සියලු අපරාධ මකා හැරිය මැනව. දෙවිඳුනි, මා තුළ නිර්මල සිතක් මවා වදාළ මැනව; තිරසර නව ආධ්‍යාත්මයක් මට දුන මැනව. ඔබ හමුයෙන් මා පලවා නොහැරිය මැනව; ඔබේ ශුද්ධාත්මය මා කෙරෙන් ඉවත් නොකළ මැනව. විමුක්තියේ ප්‍රීතිය මට යළි දුන මැනව; අවනත සිතක් දී මා දැරුව මැනව. එවිට මම අපරාධකරුවන්ට ඔබ මඟ පහදා දෙන්නෙමි; පව්කරුවන් ඔබ වෙත හරවාගෙන එන්නෙමි. දෙවිඳුනි, මා ගැළවුම්කාර දෙවිඳුනි, මිනී මැරීමේ අපරාධයෙන් මා මුදාලුව මැනව. එවිට ඔබේ දැහැමි ක්‍රියා ගැන මම උස් හඬින් ගීත ගයන්නෙමි. සමිඳුනි, ගී ගැයුමේ වරම මට දුන මැනව. එවිට මා මුවින් ඔබ පැසසුම් ගයන්නෙමි.
ගීතාවලිය 51:8-15 SNRV (Sinhala New Revised Version 2018)

ගීතාවලිය 51:8-15 NIV (New International Version)
Let me hear joy and gladness; let the bones you have crushed rejoice. Hide your face from my sins and blot out all my iniquity. Create in me a pure heart, O God, and renew a steadfast spirit within me. Do not cast me from your presence or take your Holy Spirit from me. Restore to me the joy of your salvation and grant me a willing spirit, to sustain me. Then I will teach transgressors your ways, so that sinners will turn back to you. Deliver me from the guilt of bloodshed, O God, you who are God my Savior, and my tongue will sing of your righteousness. Open my lips, Lord, and my mouth will declare your praise.