ගීතාවලිය 47:6-9
ගීතාවලිය 47:6-9 සිංහල කාලීන පරිවර්තනය (SCV)
පැසසුම් ගී ගයන්න; දෙවියන්වහන්සේට පැසසුම් ගී ගයන්න; පැසසුම් ගී ගයන්න; අපගේ රජ්ජුරුවන්ට පැසසුම් ගී ගයන්න; මන්ද දෙවියන්වහන්සේ මුළු පොළොවට ම රජ්ජුරුවෝ ය. උන්වහන්සේට පැසසුම් හඬ නගන්න. දෙවියන්වහන්සේ ජාතීන්ට ඉහළින් රජකම් කරන සේක; දෙවියන්වහන්සේ ස්වකීය ශුද්ධ සිංහාසනයේ හිඳ සිටිනා සේක. ආබ්‍රහම්ගේ දෙවියන්වහන්සේගේ ජනයා ලෙසින් ජාතීන්ගේ අධිපතීහු එක් රොක් වෙති. මන්ද පොළොවේ රජවරු අයිති දෙවියන්වහන්සේට ය; උන්වහන්සේ අතිශයෙන් උත්තරීතර ය.
ගීතාවලිය 47:6-9 Sinhala Revised Old Version (SROV)
දෙවියන්වහන්සේට ප්‍රශංසා ගී කියව්, ප්‍රශංසා ගී කියව්. අපේ රජ්ජුරුවන්ට ප්‍රශංසා ගී කියව්, ප්‍රශංසා ගී කියව්. මක්නිසාද දෙවියන්වහන්සේ මුළු පොළොවට රජ්ජුරුවෝය. අර්ථ දැන ප්‍රශංසා ගී කියව්. දෙවියන්වහන්සේ ජාතීන් කෙරෙහි රජකම්කරනසේක. දෙවියන්වහන්සේ ස්වකීය ශුද්ධ සිංහාසනයෙහි වැඩහිඳිනසේක. ආබ්‍රහම්ගේ දෙවියන්වහන්සේගේ සෙනඟ වන පිණිස, මනුෂ්‍ය වර්ගයන්ගේ අධිපතීහු රැස්ව සිටිති. මක්නිසාද පොළොවේ පලිස් දෙවියන්වහන්සේට අයිතිය; උන්වහන්සේ අතිශයින් උසස්ව සිටිනසේක.
ගීතාවලිය 47:6-9 Sinhala New Revised Version (NRSV)
දෙවි තුමන් හට ගී පසස් නඟන්න. ගී පසස් නඟන්න. අපේ නිරිඳු හට ගී පසස් නඟන්න; ගී පසස් නඟන්න. දෙවිඳාණෝ මුළු දෙරණට නිරිඳාණෝ ය. එතුමන් හට ගී පැසසුම් ගයන්න. දෙවිඳාණෝ ජාතීන් අතර රජිඳාණෝ ය; එතුමාණෝ සුවිශුද්ධ සිහසුන් අරා වැඩ සිටින සේක. ජාතීන්ගේ අධිපතීහු, ආබ්‍රහම්ගේ වංශයට අයත් දේව සෙනඟ සමඟ එක් රැස් වන්නෝ ය. පොළොවේ බලවත් ජාතීහු දෙවි තුමන්ට අයිති ය; එතුමාණෝ උන් හැම කෙරේ රජකම් කරන සේක.
ගීතාවලිය 47:6-9 Sinhala New Revised Version 2018 (SNRV)
දෙවි තුමන් හට ගී පසස් නඟන්න. ගී පසස් නඟන්න. අපේ නිරිඳු හට ගී පසස් නඟන්න; ගී පසස් නඟන්න. දෙවිඳාණෝ මුළු දෙරණට නිරිඳාණෝ ය. එතුමාණෝ හට ගී පැසසුම් ගයන්න. දෙවිඳාණෝ ජාතීන් අතර රජිඳාණෝ ය; එතුමාණෝ සුවිශුද්ධ සිහසුන් අරා වැඩ සිටින සේක. ජාතීන්ගේ අධිපතීහු, ආබ්‍රහම්ගේ වංශයට අයත් දේව සෙනඟ සමඟ එක් රැස් වන්නෝ ය. පොළොවේ බලවත් ජාතීහු දෙවි තුමන්ට අයිති ය; එතුමාණෝ ඔවුන් සැම කෙරේ රජකම් කරන සේක.
ගීතාවලිය 47:6-9 New International Version (NIV)
Sing praises to God, sing praises; sing praises to our King, sing praises. For God is the King of all the earth; sing to him a psalm of praise. God reigns over the nations; God is seated on his holy throne. The nobles of the nations assemble as the people of the God of Abraham, for the kings of the earth belong to God; he is greatly exalted.