ගීතාවලිය 42:9-10
ගීතාවලිය 42:9-10 සිංහල කාලීන පරිවර්තනය (SCV)
මගේ පර්වතයාණන් වන දෙවියන්වහන්සේට මම මෙසේ හඬ ගසමි: “ඇයි ඔබ මා අමතක කළේ? සතුරා විසින් පීඩා කරනු ලැබ, මා ශෝකයෙන් පීඩිත විය යුත්තේ ඇයි?” මගේ ඇටකටු බිඳින්නාක් මෙන් නින්දා කරමින්, මගේ එදිරිවාදීහු, “කෝ! නුඹේ දෙවියන්වහන්සේ කෝ!” යි දවස මුළුල්ලේ මට කියති.
බෙදාගන්න
ගීතාවලිය 42 කියවන්නගීතාවලිය 42:9-10 Sinhala Revised Old Version (SROV)
ඔබ කුමට මා සිහිනැතිකළසේක්ද? සතුරාගේ පීඩාව නිසා කුමට විලාප කියමින් පසුවෙම්දැයි මාගේ පර්වතයවූ දෙවියන්වහන්සේට කියන්නෙමි. මාගේ එදිරිකාරයෝ: නුඹේ දෙවියන්වහන්සේ කොයිදැයි නිතර මට කියමින්, මාගේ ඇටවලට කඩුවකින් ඇන්නාක්මෙන් මට නින්දාකෙරෙති.
බෙදාගන්න
ගීතාවලිය 42 කියවන්නගීතාවලිය 42:9-10 Sinhala New Revised Version (NRSV)
මා රක්නා දෙවිඳුන් හට මම මෙසේ කියමි: “ඔබ මා අමතක කෙළේ මන් ද? සතුරාගෙන් පීඩා විඳ විලාප කීමට මට ඉඩ හැරියේ මන් ද?” මාගේ සතුරෝ, ‘ඔබේ දෙවියෝ කොහේ දැ’යි නිරතුරු කියමින්, කඩුපතින් ඇන මාගේ ඉල ඇට කඩන්නාක් මෙන් නිගා කරති.
බෙදාගන්න
ගීතාවලිය 42 කියවන්න