ගීතාවලිය 42:8-11
ගීතාවලිය 42:8-11 සිංහල කාලීන පරිවර්තනය (SCV)
දහවලේ ස්වාමින්වහන්සේ නොමියෙන තම ප්‍රේමය පානා සේක; රැයේ උන්වහන්සේගේ ගීතය මා ගයන්නේ, මගේ ජීවනයේ දෙවියන්වහන්සේට යාච්ඤාවක් වශයෙනි. මගේ පර්වතයාණන් වන දෙවියන්වහන්සේට මම මෙසේ හඬ ගසමි: “ඇයි ඔබ මා අමතක කළේ? සතුරා විසින් පීඩා කරනු ලැබ, මා ශෝකයෙන් පීඩිත විය යුත්තේ ඇයි?” මගේ ඇටකටු බිඳින්නාක් මෙන් නින්දා කරමින්, මගේ එදිරිවාදීහු, “කෝ! නුඹේ දෙවියන්වහන්සේ කෝ!” යි දවස මුළුල්ලේ මට කියති. එම්බා මගේ ආත්මය, කුමට ඔතරම් අධෛර්යට පත් වී ද? කුමට ඔතරම් තමා තුළ නො සන්සුන් වී ද? දෙවියන්වහන්සේ වෙත ඔබේ බලාපොරොත්තු තබන්න. මන්ද මම තවමත් ප්‍රශංසා කරමි, මගේ ගැලවුම්කරු වූ මගේ දෙවියන්වහන්සේට.
ගීතාවලිය 42:8-11 Sinhala Revised Old Version (SROV)
එහෙත් ස්වාමීන්වහන්සේ තමන්ගේ කරුණාගුණය දිවාභාගයේදී නියමකරනසේක, රාත්‍රිභාගයේදීත් උන්වහන්සේට ගීතිකාවක්, එනම් මාගේ ජීවනයේ දෙවියන්වහන්සේට යාච්ඤාවක්, මා සමඟ වන්නේය. ඔබ කුමට මා සිහිනැතිකළසේක්ද? සතුරාගේ පීඩාව නිසා කුමට විලාප කියමින් පසුවෙම්දැයි මාගේ පර්වතයවූ දෙවියන්වහන්සේට කියන්නෙමි. මාගේ එදිරිකාරයෝ: නුඹේ දෙවියන්වහන්සේ කොයිදැයි නිතර මට කියමින්, මාගේ ඇටවලට කඩුවකින් ඇන්නාක්මෙන් මට නින්දාකෙරෙති. එම්බා මාගේ ආත්මය, මක්නිසා මලානිකව ඉන්නෙහිද? මක්නිසා මා තුළ කැලඹෙන්නෙහිද? දෙවියන්වහන්සේ කෙරෙහි බලාපොරොත්තුවෙව; මක්නිසාද මාගේ මුහුණේ සැපදායකවූ, මාගේ දෙවිවූ උන්වහන්සේට තවම ස්තුති ප්‍රශංසා කරන්නෙමි.
ගීතාවලිය 42:8-11 Sinhala New Revised Version (NRSV)
එබැවින් හිමි තුමාණෝ සිය තිර පෙම් කඳ දිවා භාගයේ දී මට දක්වන සේක් වා! රෑ යාමවල දී එතුමන්ට මසිතෙහි නඟින ගීය මට දිවි දෙන දෙවිඳුන් හට යැදුමක් වේ වා! මා රක්නා දෙවිඳුන් හට මම මෙසේ කියමි: “ඔබ මා අමතක කෙළේ මන් ද? සතුරාගෙන් පීඩා විඳ විලාප කීමට මට ඉඩ හැරියේ මන් ද?” මාගේ සතුරෝ, ‘ඔබේ දෙවියෝ කොහේ දැ’යි නිරතුරු කියමින්, කඩුපතින් ඇන මාගේ ඉල ඇට කඩන්නාක් මෙන් නිගා කරති. ඇයි මා මෙසේ දුක් සයුරේ කිමිදෙන්නේ? ඇයි මා මෙසේ කෙඳිරිගාමින් ළතවන්නේ? දෙවි තුමන් ගැන බලා සිටිමි. මාගේ දෙවිඳුන් හට, මිදුම්කරුන් හට, යළිත් මෙ මම් පැසසුම් දෙමි.
ගීතාවලිය 42:8-11 Sinhala New Revised Version 2018 (SNRV)
එබැවින් හිමිතුමාණෝ සිය තිර පෙම් කඳ දිවා භාගයේ දී මට දක්වන සේක් වා! රෑ යාමවල දී එතුමාණන්ට මසිතෙහි නඟින ගීය මට දිවි දෙන දෙවිඳුන් හට යැදුමක් වේ වා! මා රක්නා දෙවිඳුන් හට මම මෙසේ කියමි: “ඔබ මා අමතක කෙළේ මන් ද? සතුරාගෙන් පීඩා විඳ විලාප කීමට මට ඉඩ හැරියේ මන් ද?” මාගේ සතුරෝ, ‘ඔබේ දෙවියෝ කොහේ දැ’යි නිරතුරු කියමින්, කඩුපතින් ඇන මාගේ ඉල ඇට කඩන්නාක් මෙන් නිගා කරති. ඇයි මා මෙසේ දුක් සයුරේ කිමිදෙන්නේ? ඇයි මා මෙසේ කෙඳිරිගාමින් ළතවන්නේ? දෙවි තුමන් ගැන බලා සිටිමි. මාගේ දෙවිඳුන් හට, මිදුම්කරුන් හට, යළිත් මෙ මම් පැසසුම් දෙමි.
ගීතාවලිය 42:8-11 New International Version (NIV)
By day the LORD directs his love, at night his song is with me— a prayer to the God of my life. I say to God my Rock, “Why have you forgotten me? Why must I go about mourning, oppressed by the enemy?” My bones suffer mortal agony as my foes taunt me, saying to me all day long, “Where is your God?” Why, my soul, are you downcast? Why so disturbed within me? Put your hope in God, for I will yet praise him, my Savior and my God.