ගීතාවලිය 41:4-5
ගීතාවලිය 41:4-5 සිංහල කාලීන පරිවර්තනය (SCV)
“අහෝ ස්වාමින්වහන්ස, මට දයා වුව මැනව, මා සුව කළ මැනව, මම ඔබට එරෙහිව පව් කර ඇත්තෙමි” යි මම යැදීමි. මගේ සතුරෝ මා ගැන ද්වේෂ සහගත ව, “මොහු මැරෙන්නේ කවදා ද? ඔහුගේ නම මැකී යන්නේ කවදා දැ?” යි අසති.
බෙදාගන්න
ගීතාවලිය 41 කියවන්නගීතාවලිය 41:4-5 Sinhala Revised Old Version (SROV)
මම කථාකොට: ස්වාමිනි, මට කරුණාකළ මැනව. ඔබට විරුද්ධව පව්කෙළෙමි, එබැවින් මාගේ ආත්මය සුවකළ මැනවයි කීමි. මාගේ සතුරෝ මට විරුද්ධව නපුර කථාකරමින්: කවදා ඔහු මැරෙන්නේද? කවදා ඔහුගේ නාමය මැකෙන්නේදැයි කියති.
බෙදාගන්න
ගීතාවලිය 41 කියවන්නගීතාවලිය 41:4-5 Sinhala New Revised Version (NRSV)
“සමිඳුනි, මට කරුණා කළ මැනව; ඔබට විරුද්ධ ව පව් කෙළෙමි, මෙමා සුව කළ මැනව”යි මම පවසමි. “ඔය මිනිසා කවදා මැරේ ද? කවදා ඔහුගේ නාමය මැකී යන්නේ දැ”යි මාගේ සතුරෝ මා ගැන අවලාද කියති.
බෙදාගන්න
ගීතාවලිය 41 කියවන්න