ගීතාවලිය 38:1-4
ගීතාවලිය 38:1-4 සිංහල කාලීන පරිවර්තනය (SCV)
අහෝ ස්වාමින්වහන්ස, ඔබගේ කෝපයෙන් මට තරවටු නො කළ මැනව. ඔබගේ උදහසින් මට දඬුවම් නො කළ මැනව. මන්ද ඔබගේ හී ගස් මා සිදුරු කොට ඇත; ඔබගේ හස්තය මා පිට බර වී ඇත. ඔබගේ උදහස නිසා මගේ මාංසයට කිසි සනීපයක් නැත. මගේ පාප නිසා, මගේ ඇටකටුවල සුවයක් නැත. මන්ද මගේ අයුතුකම්, මගේ හිසටත් උඩින් ගොසිනි. මහා බරක් සේ වූ ඒවා, මට බර වැඩි ය.
ගීතාවලිය 38:1-4 Sinhala Revised Old Version (SROV)
ස්වාමිනි, ඔබගේ උදහසින් මට තරවටු නොකළ මැනව. ඔබගේ කෝපයෙන් මට දඬුවම් නොකළ මැනව. මක්නිසාද ඔබගේ ඊගස් මට තදින් ඇනී තිබේ, ඔබගේ අතද මා පිට බරවේ. ඔබගේ උදහස නිසා මාගේ මාංසයෙහි කිසි නිරෝගි බවක් නැත; මාගේ පාපය නිසා මාගේ ඇටවලට කිසි සැපයක් නැත. මක්නිසාද මාගේ අයුතුකම් මාගේ හිස වසා නැංගේය. ඒවා අධික බරක් මෙන් මට ඉතා බරවෙයි.
ගීතාවලිය 38:1-4 Sinhala New Revised Version (NRSV)
සමිඳුනි, උදහස් වී මට තරවටු නොකළ මැනව; කෝපයෙන් ඇවිළී මට දඬුවම් නුදුන මැනව. ඔබ ඊගසින් විද මට තුවාළ කොට ඇත; බලවත් ලෙස මා තළා පෙළා ඇත. ඔබේ උදහස නිසා මම දහ දුක් විඳිමි; මාගේ පව් නිසා සර්වාංගය රෝගී වී ඇත. මාගේ අයුතුකම් මාගේ හිසටත් උඩින් නැඟී ඇත; ඒවා දැරිය නොහැකි බරක් වී ඇත.
ගීතාවලිය 38:1-4 Sinhala New Revised Version 2018 (SNRV)
සමිඳාණන් වහන්ස, උදහස් වී මට තරවටු නොකළ මැනව; කෝපයෙන් ඇවිළී මට දඬුවම් නුදුන මැනව. ඔබ ඊගසින් විද මට තුවාළ කොට ඇත; බලවත් ලෙස මා තළා පෙළා ඇත. ඔබේ උදහස නිසා මම දහ දුක් විඳිමි; මාගේ පව් නිසා සර්වාංගය රෝගී වී ඇත. මාගේ අයුතුකම් මාගේ හිසටත් උඩින් නැඟී ඇත; ඒවා දැරිය නොහැකි බරක් වී ඇත.
ගීතාවලිය 38:1-4 New International Version (NIV)
LORD, do not rebuke me in your anger or discipline me in your wrath. Your arrows have pierced me, and your hand has come down on me. Because of your wrath there is no health in my body; there is no soundness in my bones because of my sin. My guilt has overwhelmed me like a burden too heavy to bear.