ගීතාවලිය 37:9-13 - Compare All Versions
ගීතාවලිය 37:9-13 SCV (සිංහල කාලීන පරිවර්තනය)
මන්ද දුෂ්ටකම් කරන්නෝ සිඳ දමනු ලබන්නෝ ය. එහෙත් ස්වාමින්වහන්සේ උදෙසා බලා සිටින්නෝ දේශය උරුම කර ගන්නෝ ය. ටික කලකින් දුෂ්ටයෝ අතුරුදහන් ව යති; ඔබ ඔවුන් ගැන සොයා බැලුවත් ඔවුන් තවත් නැත. එහෙත් මෘදු ගුණ ඇත්තෝ, දේශය උරුම කර ගනිති; ඔවුහු සෞභාග්‍යය, සාමයෙන් භුක්ති විඳිති. දුෂ්ටයෝ දමිටුනට එරෙහිව කුමන්ත්‍රණ කරමින්, ඔවුන් දෙස බලා දත්මිටි කති. එහෙත් සමිඳාණෝ දුෂ්ටයනට සිනාසෙන සේක; ඔවුන්ගේ ඉරණම් දවස ළඟ බව උන්වහන්සේ දන්නා සේක.
ගීතාවලිය 37:9-13 SROV (Sinhala Revised Old Version)
මක්නිසාද නපුරු ක්‍රියා කරන්නෝ සිඳිනු ලබන්නනෝය. නුමුත් ස්වාමීන් කෙරෙහි බලා සිටින්නෝ දේශය උරුමකරගන්නෝය. මද කලකින් දුෂ්ටයා නැතිවන්නේය. එසේය, නුඹ ඔහුගේ ස්ථානය පරීක්ෂාකර බලන්නෙහිය, ඔහු සම්බනොවන්නේය. නුමුත් මොළොක් ගුණ ඇත්තෝ දේශය උරුමකරගන්නෝය; ඔව්හු මහත් සමාදානයෙන් ප්‍රීතිමත් වන්නෝය. දුෂ්ටයා ධර්මිෂ්ඨයාට විරුද්ධව උපා යොදමින් ඔහුට විරුද්ධව දත්මිටිකයි. ස්වාමීන්වහන්සේ ඔහුට සිනාසෙනසේක. මක්නිසාද ඔහුගේ දවස පැමිණෙන බව උන්වහන්සේට පෙනෙයි.
ගීතාවලිය 37:9-13 NRSV (Sinhala New Revised Version)
නපුර කරන්නෝ නෙරපා දමනු ලබන්නෝ ය. හිමි තුමන් කෙරේ විශ්වාසය තබන්නෝ දේශය හිමි කරගන්නෝ ය. දුදනා මඳ කලකින් නැති වී යයි; ඔබ ඔහු සෙව්වත් ඔහු නැත. මුදු මොළොක් සිත් ඇත්තෝ දේශය හිමි කරගනිති; ඔව්හු සව්සිරි වින්දනය කරති. දුදනා සුදනාට එරෙහි ව උපා යොදයි; ඔහුට විරුද්ධ ව දත්මිටි කයි. සමිඳාණෝ ඔහු ගැන සිනාසෙන සේක; ඔහුගේ අවසානය ළඟ බව දන්න සේක.
ගීතාවලිය 37:9-13 SNRV (Sinhala New Revised Version 2018)
නපුර කරන්නෝ නෙරපා දමනු ලබන්නෝ ය. හිමිතුමාණන් කෙරේ විශ්වාසය තබන්නෝ දේශය හිමි කරගන්නෝ ය. දුදනා මඳ කලකින් නැති වී යයි; ඔබ ඔහු සෙව්වත් ඔහු නැත. මුදු මොළොක් සිත් ඇත්තෝ දේශය හිමි කරගනිති; ඔව්හු සව්සිරි වින්දනය කරති. දුදනා සුදනාට එරෙහි ව උපා යොදයි; ඔහුට විරුද්ධ ව දත්මිටි කයි. සමිඳාණෝ ඔහු ගැන සිනාසෙන සේක; ඔහුගේ අවසානය ළඟ බව දන්න සේක.
ගීතාවලිය 37:9-13 NIV (New International Version)
For those who are evil will be destroyed, but those who hope in the LORD will inherit the land. A little while, and the wicked will be no more; though you look for them, they will not be found. But the meek will inherit the land and enjoy peace and prosperity. The wicked plot against the righteous and gnash their teeth at them; but the Lord laughs at the wicked, for he knows their day is coming.