ගීතාවලිය 37:32-40
ගීතාවලිය 37:32-40 සිංහල කාලීන පරිවර්තනය (SCV)
අදමිටුවෝ රහසේ රැක සිටිමින්, දමිටුන් මරා දමන්නට බලති; එහෙත් ස්වාමින්වහන්සේ ඒ අදමිටුවන්ගේ අතට ඔවුන් හසුකර දෙන්නේවත්, විනිශ්චයට ගෙනෙනු ලැබූ කල, ඔවුන් වරදට පත් කරන්නේවත් නැත. ස්වාමින්වහන්සේ ගැන බලා සිටිමින්, උන්වහන්සේගේ මාර්ගයේ පවතින්න. දේශය උරුම කර ගන්නට උන්වහන්සේ ඔබ උසස් කරන සේක. අදමිටුන් සිඳ දැමෙන කල, ඒ වග ඔබට දකින්නට ලැබේ. දුෂ්ට කෲර මිනිසා තම නිජ බිමෙහි සරු සාර ගසක් සේ නැගී සිටිනවා මම දුටිමි. එහෙත් ඉතා ඉක්මනින් ඔහු පහව ගියේ ය; තවත් ඔහු නැත; මා ඔහු ගැන සොයා බැලුවත් තවත් ඔහු දක්නට නැත. නිර්දෝෂී අය ගැන අවධානය යොමන්න; අවංක අය නිරීක්ෂණ කරන්න; සාමයේ මනුෂ්‍යයාගේ හෙට දවස සෞභාග්‍යවත් ය. එහෙත් පව්කාර සියල්ලෝ විනාශ කරනු ලබති; දුෂ්ටයාගේ අනාගතය මොට කරනු ලැබේ. ධර්මිෂ්ඨයාගේ ගැලවීම පැමිණෙන්නේ ස්වාමින්වහන්සේගෙනි. විපත්ති කාලයේදී ඔවුන්ගේ සුරැකුම් පොළ උන්වහන්සේ ම ය. ස්වාමින්වහන්සේ ඔවුන්ට උපකාර කරන සේක; ඔවුන් ගලවන සේක; මන්ද ඔවුන් සරණය ගොස් ඇත්තේ, උන්වහන්සේ තුළ ය.
ගීතාවලිය 37:32-40 Sinhala Revised Old Version (SROV)
දුෂ්ටයා ධර්මිෂ්ඨයා බලා රැක හිඳ ඔහු මරන්ට සොයයි. ස්වාමීන්වහන්සේ ඔහුගේ අතට ඔහු අත් නාරිනසේක, ඔහු විනිශ්චයකරනු ලබන කල වරදට පත් නොකරනසේක. ස්වාමීන් කෙරෙහි බලාසිටිමින් උන්වහන්සේගේ මාර්ගය රක්ෂාකරව, දේශය ඔබට උරුමවන පිණිස උන්වහන්සේ ඔබ උසස්කරනසේක. දුෂ්ටයන් සිඳිනු ලබන කල ඔබ එය දකින්නෙහිය. දුෂ්ටයා ඉතා බලවත්ව ජන්ම භූමියෙහි වැවෙන අමු ගසක් මෙන් විශාලවෙනවා දුටිමි. එහෙත් යමෙක් ළඟින් ගිය කල, බලව, ඔහු එහි නැත. එසේය, ඔහු සෙවුවෙමි, නුමුත් මට සම්බ නොවීය. නිර්දෝෂ තැනැත්තා කල්පනාකොට අවංක තැනැත්තා බලාගනුව. මක්නිසාද ඒ මනුෂ්‍යයාගේ අනාගතය සමාදානය වේ. අපරාධකාරයෝ එකට විනාශකරනු ලබන්නෝය; දුෂ්ටයන්ගේ දිවි කෙළවර සිඳිනු ලබන්නේය. නුමුත් ධර්මිෂ්ඨයන්ගේ ගැළවීම ස්වාමීන්ගෙන්ය. විපත්ති කාලයේදී උන්වහන්සේ ඔවුන්ගේ බලකොටුව වනසේක. ස්වාමීන්වහන්සේ ඔවුන්ට පිහිටව, ඔවුන් මුදනසේක. ඔවුන් උන්වහන්සේ සරණගත් නිසා, උන්වහන්සේ ඔවුන් දුෂ්ටයන්ගෙන් මුදා ගළවනසේක.
ගීතාවලිය 37:32-40 Sinhala New Revised Version (NRSV)
දුදනා සුදනාගේ වගතුග සොයා, බලා හිඳ, ඔහු මැරීමට සොයයි. එහෙත්, සමිඳාණෝ දුදනාගේ අතට ඔහු අත් නාරින සේක; ඔහු උසාවියට ගෙන ගියත්, වරදට පත් නොකරන සේක. සමිඳුන් කෙරේ බලාපොරොත්තුව රඳවා, එතුමන්ගේ අණපණත් රක්ෂා කරන්න; දේශය ඔබට හිමි වන පිණිස එතුමන් ඔබ උසස් කරනු ඇත; දුදනන් වැනසෙන හැටි ඔබේ ඇසින් ඔබ දකිනු ඇත. දුෂ්ටයා දැඩි කුරිරු නායකයෙකු වී, ලෙබනොන්හි දේවදාර රුකක් මෙන් සශ්‍රීක ව වැඩෙනු බලා සිටියෙමි. එහෙත්, කලකට පසු මම ඔහු වෙත ගියෙමි; ඔහු සිටියේ නැත. ඔහු සෙවීමි; එහෙත්, සම්බ වූයේ නැත. නිදොස් තැනැත්තෙකු සොයන්න; අවංක කෙනෙකු දෙස බලන්න; ඔහුට නම්, සාමකාමී අනාගතයක් ඇත. අපරාධකරුවෝ එක ගොඩේ විනාශ කරනු ලබති; දුදනන්ගේ පරපුර වැනසී නිම වෙයි. හිමි තුමාණෝ දැහැමියන් ගළවන සේක. විපතේ දී ඔවුන්ට බලකොටුවක් වන සේක. හිමි තුමාණෝ ඔවුන්ට පිහිට වී ඔවුන් මුදන සේක. සිය සරණ සොයා එන ඔවුන් එතුමාණෝ දුදනන්ගෙන් මුදා ලන සේක.
ගීතාවලිය 37:32-40 Sinhala New Revised Version 2018 (SNRV)
දුදනා සුදනාගේ වගතුග සොයා, බලා හිඳ, ඔහු මැරීමට සොයයි. එහෙත්, සමිඳාණෝ දුදනාගේ අතට ඔහු අත් නාරින සේක; ඔහු උසාවියට ගෙන ගියත්, වරදට පත් නොකරන සේක. සමිඳුන් කෙරේ බලාපොරොත්තුව රඳවා, එතුමාණන්ගේ අණපනත් රක්ෂා කරන්න; දේශය ඔබට හිමි වන පිණිස එතුමාණෝ ඔබ උසස් කරනු ඇත; දුදනන් වැනසෙන හැටි ඔබේ ඇසින් ඔබ දකිනු ඇත. දුෂ්ටයා දැඩි කුරිරු නායකයෙකු වී, ලෙබනොන්හි දේවදාර රුකක් මෙන් සශ්‍රීක ව වැඩෙනු බලා සිටියෙමි. එහෙත්, කලකට පසු මම ඔහු වෙත ගියෙමි; ඔහු සිටියේ නැත. ඔහු සෙවීමි; එහෙත්, සම්බ වූයේ නැත. නිදොස් තැනැත්තෙකු සොයන්න; අවංක කෙනෙකු දෙස බලන්න; ඔහුට නම්, සාමකාමී අනාගතයක් ඇත. අපරාධකරුවෝ එක ගොඩේ විනාශ කරනු ලබති; දුදනන්ගේ පරපුර වැනසී නිම වෙයි. හිමිතුමාණෝ දැහැමියන් ගළවන සේක. විපතේ දී ඔවුන්ට බලකොටුවක් වන සේක. හිමිතුමාණෝ ඔවුන්ට පිහිට වී ඔවුන් මුදන සේක. සිය සරණ සොයා එන ඔවුන් එතුමාණෝ දුදනන්ගෙන් මුදා ලන සේක.
ගීතාවලිය 37:32-40 New International Version (NIV)
The wicked lie in wait for the righteous, intent on putting them to death; but the LORD will not leave them in the power of the wicked or let them be condemned when brought to trial. Hope in the LORD and keep his way. He will exalt you to inherit the land; when the wicked are destroyed, you will see it. I have seen a wicked and ruthless man flourishing like a luxuriant native tree, but he soon passed away and was no more; though I looked for him, he could not be found. Consider the blameless, observe the upright; a future awaits those who seek peace. But all sinners will be destroyed; there will be no future for the wicked. The salvation of the righteous comes from the LORD; he is their stronghold in time of trouble. The LORD helps them and delivers them; he delivers them from the wicked and saves them, because they take refuge in him.