ගීතාවලිය 37:3-5
ගීතාවලිය 37:3-5 සිංහල කාලීන පරිවර්තනය (SCV)
ස්වාමින්වහන්සේ තුළ විශ්වාසය තබා, යහ වැඩ කරන්න; දේශයෙහි වෙසෙමින් සමෘද්ධිය භුක්ති විඳින්න. ස්වාමින්වහන්සේ තුළ ප්රීති ප්රමෝද වන්න; උන්වහන්සේ ඔබේ හදේ අභිලාෂය ඉටු කරන සේක. ඔබේ ජීවිත මාර්ගය ස්වාමින්වහන්සේට භාරකරන්න; උන්වහන්සේ පිට විශ්වාසය තබන්න; එවිට උන්වහන්සේ මෙසේ කරන සේක
ගීතාවලිය 37:3-5 Sinhala Revised Old Version (SROV)
ස්වාමීන් කෙරෙහි විශ්වාසය තබා යහපත්කම් කරව; දේශයෙහි වාසයකරමින් විශ්වාසකම අනුව යව. ස්වාමීන්, කෙරෙහි ප්රීතිමත්වෙව; උන්වහන්සේද ඔබගේ සිතෙහි ආශාවන් ඉෂ්ටකරනසේක. ඔබගේ මාර්ගය ස්වාමීන්ට භාරදෙව; උන්වහන්සේ කෙරෙහි විශ්වාසයද තබව, උන්වහන්සේ එය ඉෂ්ටකරනසේක.
ගීතාවලිය 37:3-5 Sinhala New Revised Version (NRSV)
සමිඳුන් කෙරේ විශ්වාසය තබා යහපත කරන්න; දේශයෙහි සුව සේ වෙසෙන්න. සමිඳුන් කෙරේ ප්රීතිමත් වන්න; එතුමන් ඔබේ මන දොළ ඉටු කරනු ඇත. ඔබේ ඉරණම හිමි තුමන්ට භාර දෙන්න; එතුමන් කෙරේ විශ්වාසය තබන්න; හිමි තුමන් හැම දෙය ඉටු කර දෙනු ඇත.
ගීතාවලිය 37:3-5 Sinhala New Revised Version 2018 (SNRV)
සමිඳාණන් වහන්සේ කෙරේ විශ්වාසය තබා යහපත කරන්න; දේශයෙහි සුව සේ වෙසෙන්න. සමිඳුන් කෙරේ ප්රීතිමත් වන්න; එතුමාණෝ ඔබේ මන දොළ ඉටු කරනු ඇත. ඔබේ ගමන් මඟ හිමිතුමාණන්ට භාර දෙන්න; එතුමාණෝ කෙරේ විශ්වාසය තබන්න; හිමිතුමාණන් හැම දෙය ඉටු කර දෙනු ඇත.