ගීතාවලිය 37:22-23
ගීතාවලිය 37:22-23 සිංහල කාලීන පරිවර්තනය (SCV)
ස්වාමින්වහන්සේගෙන් ආශිර්වාද ලබන්නෝ දේශය උරුම කර ගන්නෝ ය. එහෙත් උන්වහන්සේගෙන් ශාප ලබන්නෝ සිඳ දමනු ලබන්නෝ ය. කෙනකුගේ පැවැත්ම ගැන ස්වාමින්වහන්සේ ප්‍රමෝද වන විට, උන්වහන්සේ ඔහුගේ පියවර ස්ථාවර කරන සේක.
බෙදාගන්න
ගීතාවලිය 37 කියවන්නගීතාවලිය 37:22-23 Sinhala Revised Old Version (SROV)
මක්නිසාද උන්වහන්සේගෙන් ආශීර්වාදලද්දෝ දේශය උරුමකර ගන්නෝය; උන්වහන්සේගෙන් ශාපලද්දෝ සිඳිනු ලබන්නෝය. මනුෂ්‍යයෙකුගේ ගමන් ස්වාමීන් කරණකොටගෙන ස්ථිරවෙයි; උන්වහන්සේ ඔහුගේ මාර්ගය ගැන ප්‍රීතිවනසේක.
බෙදාගන්න
ගීතාවලිය 37 කියවන්නගීතාවලිය 37:22-23 Sinhala New Revised Version (NRSV)
හිමි තුමන්ගෙන් ආසිරි ලද්දෝ දේශයෙහි යෙහෙන් වැජඹෙති; දේව සාපය ලද්දෝ රටෙන් නෙරපනු ලබති. සමිඳාණෝ මිනිසෙකුගේ දිවි මඟ හසුරුවන සේක; ඔහුගේ ක්‍රියා කලාපය ගැන සතුටු වන සේක.
බෙදාගන්න
ගීතාවලිය 37 කියවන්න