ගීතාවලිය 37:12-30 - Compare All Versions

ගීතාවලිය 37:12-30 SROV (Sinhala Revised Old Version)

දුෂ්ටයා ධර්මිෂ්ඨයාට විරුද්ධව උපා යොදමින් ඔහුට විරුද්ධව දත්මිටිකයි. ස්වාමීන්වහන්සේ ඔහුට සිනාසෙනසේක. මක්නිසාද ඔහුගේ දවස පැමිණෙන බව උන්වහන්සේට පෙනෙයි. දුප්පතා සහ දිළිඳා හෙළාදමන පිණිසත් අවංකලෙස හැසිරෙන්නන් මරණ පිණිසත් දුෂ්ටයෝ කඩුව ඇද්දෝය, දුන්නද තැත්කැවුවෝය. ඔවුන්ගේ කඩුව ඔවුන්ගේම හෘදයට ඇතුල්වන්නේය. ඔවුන්ගේ දුනුද බිඳිනු ලබන්නේය. බොහෝ දුෂ්ටයන්ගේ වස්තු රාශියට වඩා ධර්මිෂ්ඨයාට ඇති ස්වල්පය යහපත. මක්නිසාද දුෂ්ටයන්ගේ බාහු බිඳිනු ලබන්නේය. නුමුත් ස්වාමීන්වහන්සේ ධර්මිෂ්ඨයන්ට පිහිටවනසේක. භක්තිවන්තයන්ගේ දවස් ස්වාමීන්වහන්සේ දන්නාසේක. ඔවුන්ගේ උරුමයද සදාකල් පවතින්නේය. ඔව්හු විපත්ති කාලයේදී ලජ්ජා නොවන්නෝය. දුර්භික්ෂ දවස්වලදී තෘප්තියට පැමිණෙන්නෝය. නුමුත් දුෂ්ටයෝ විනාශවන්නෝය, ස්වාමීන්ගේ සතුරෝද ගොදුරු බිම්වල සාරවූ කොටස මෙන් වන්නෝය. ඔව්හු ක්ෂයවන්නෝය; දුම මෙන් සහමුලින්ම ක්ෂයවන්නෝය. දුෂ්ටයා ණය ගෙන, නැවත නොගෙවයි. නුමුත් ධර්මිෂ්ඨයා කරුණාවෙන් ක්‍රියා කරමින් ප්‍රදානයකරයි. මක්නිසාද උන්වහන්සේගෙන් ආශීර්වාදලද්දෝ දේශය උරුමකර ගන්නෝය; උන්වහන්සේගෙන් ශාපලද්දෝ සිඳිනු ලබන්නෝය. මනුෂ්‍යයෙකුගේ ගමන් ස්වාමීන් කරණකොටගෙන ස්ථිරවෙයි; උන්වහන්සේ ඔහුගේ මාර්ගය ගැන ප්‍රීතිවනසේක. ඔහු වැටෙන නුමුත් සහමුලින්ම හෙළනු නොලබන්නේය. මක්නිසාද ස්වාමීන්වහන්සේ ස්වකීය හස්තයෙන් ඔහුට ආධාරකරන සේක. මම යෞවනව සිටියෙමි, දැන් මහලුව සිටිමි; එසේවී නුමුත් ධර්මිෂ්ඨයා අත්හරිනු ලැබූ බවවත්, ඔහුගේ වංශය කෑම සිඟන බවවත් නුදුටිමි. දවස මුළුල්ලේ ඔහු කරුණාවෙන් ක්‍රියාකරමින් ණයට දෙයි; ඔහුගේ වංශයද ආශීර්වාද ලබයි. නපුරෙන් ඉවත්ව යහපත්කම් කරමින් සදාකල් පවතුව. මක්නිසාද ස්වාමීන්වහන්සේ යුක්තියට ප්‍රියවනසේක, ස්වකීය ශුද්ධවන්තයන් අත් නාරිනසේක; ඔව්හු සදාකල් ආරක්ෂාකරනු ලබති. නුමුත් දුෂ්ටයන්ගේ වංශය සිඳිනු ලබන්නේය. ධර්මිෂ්ඨයෝ දේශය උරුමකර ගන්නෝය, එහි සදාකල් වාසයකරන්නෝය. ධර්මිෂ්ඨයාගේ මුඛය ඥානය කථා කරයි, ඔහුගේ දිවද යුක්තිය කියයි.

බෙදාගන්න
ගීතාවලිය 37 SROV

ගීතාවලිය 37:12-30 SCV (සිංහල කාලීන පරිවර්තනය)

දුෂ්ටයෝ දමිටුනට එරෙහිව කුමන්ත්‍රණ කරමින්, ඔවුන් දෙස බලා දත්මිටි කති. එහෙත් සමිඳාණෝ දුෂ්ටයනට සිනාසෙන සේක; ඔවුන්ගේ ඉරණම් දවස ළඟ බව උන්වහන්සේ දන්නා සේක. දුෂ්ටයෝ තම කඩු ඇද ගනිති, තම දුනු ද තැත් කවති; එසේ කරන්නේ, දුගී දුප්පතුන් බිම හෙළන පිණිස ය, අවංක ව හැසිරෙන්නන් මරා දමන පිණිස ය. එහෙත් ඔවුන්ගේ කඩුපත් ඔවුන්ගේ ම හදවත් සිදුරු කරනු ඇත; ඔවුන්ගේ දුනු කඩා බිඳ දැමේ. දුෂ්ටයින්ගේ ධන සම්භාරයට වඩා ධාර්මිකයාට ඇති අල්පය හොඳ ය. මන්ද දුෂ්ටයාගේ බලය සිඳ දමනු ලැබේ; එහෙත් ස්වාමින්වහන්සේ ධාර්මිකයා උසුලන සේක. නිර්දෝෂීන්ගේ දවස්, ස්වාමින්වහන්සේගේ අධීක්ෂණය යටතේ වේ; ඔවුන්ගේ උරුමය, සදහට ම පවත්නේ ය. විපත්ති කාලවලදී ඔවුන් ලජ්ජාවට පත් නො වේ; සාගත කාලවලදීත් ඔවුහු බහුලත්වය භුක්ති විඳිති. එහෙත් දුෂ්ටයෝ වැනසී යන්නෝ ය: ස්වාමින්වහන්සේගේ සතුරන්, වනයේ අලංකාරය වැන්න; ඔවුහු අන්තර්ධාන වෙති; දුම් රොදක් සේ අන්තර්ධාන වෙති. දුෂ්ටයා ණය ගෙන ආපසු නො ගෙවයි; එහෙත් ධාර්මිකයා ත්‍යාගශීලී ව පරිත්‍යාග කරයි. ස්වාමින්වහන්සේගෙන් ආශිර්වාද ලබන්නෝ දේශය උරුම කර ගන්නෝ ය. එහෙත් උන්වහන්සේගෙන් ශාප ලබන්නෝ සිඳ දමනු ලබන්නෝ ය. කෙනකුගේ පැවැත්ම ගැන ස්වාමින්වහන්සේ ප්‍රමෝද වන විට, උන්වහන්සේ ඔහුගේ පියවර ස්ථාවර කරන සේක. ඔහු පැකිළුන ද, වැටෙන්නේ නැත; මන්ද ස්වාමින්වහන්සේ ඔහුගේ අත අල්ලා සිටින සේක. මම යෞවනයේ සිටියෙමි; දැන් මා මහලු ය; ධාර්මිකයා අත්හැර දමනු ලැබීමක් හෝ ඔවුන්ගේ දරුවන් අහර සිඟා යෑමක් හෝ මා දැක නැත. ඔවුන් හැම විට ත්‍යාගශීලී ය; ණයට දෙන්නේ නො මසුරු ව ය; ඔවුන්ගේ දරුවෝ ආශිර්වාදයක් වන්නෝ ය. නපුරෙන් ඉවත හැරී, යහපත කරන්න; එවිට ඔබ සදහට ම දේශයේ වෙසෙනු ඇත. මන්ද ස්වාමින්වහන්සේ යුක්තියට ප්‍රේම වන සේක; උන්වහන්සේ තම විශ්වාසිකයින් අත්හැර දමන්නේ නැත. ඔවුහු සදහට ම සුරකිනු ලබති; එහෙත් දුෂ්ටයින්ගේ පරපුර සිඳ දමනු ලැබේ. ධර්මිෂ්ඨයෝ දේශය උරුම කර ගන්නෝ ය; ඔවුහු සදහට ම එහි වාසය කරන්නෝ ය. ධර්මිෂ්ඨයාගේ මුවින් පැවසෙන්නේ ප්‍රඥාව ය; ඔහුගේ දිවගින් නික්මෙන්නේ යුක්තිය ය.

බෙදාගන්න
ගීතාවලිය 37 SCV

ගීතාවලිය 37:12-30 NRSV (Sinhala New Revised Version)

දුදනා සුදනාට එරෙහි ව උපා යොදයි; ඔහුට විරුද්ධ ව දත්මිටි කයි. සමිඳාණෝ ඔහු ගැන සිනාසෙන සේක; ඔහුගේ අවසානය ළඟ බව දන්න සේක. දුගී දුප්පතුන් හෙළා දමන පිණිස ද අවංක අය වනසන පිණිස ද දුදනෝ කඩුව ඇද, දුන්න තැත් කවාගෙන සිටිති. එහෙත්, ඔවුන්ගේ කඩුපත ඔවුන්ගේ ම හදවත තුවාළ කරයි; ඔවුන්ගේ දුන්න බිඳ දමනු ලැබේ. දුදනන් සතු වස්තු රැසකට වඩා සුදනා සතු වස්තු බිඳක් යහපත. දුදනන්ගේ බාහු බලය බිඳ දමනු ඇත. එහෙත් හිමි තුමන් සුදනන් හට පිහිට වනු ඇත. හිමි තුමාණෝ සැදැහැවතුන් දිනෙන් දින රැකගනිති; ඔවුන්ගේ උරුමය සදහට ම පවතියි. විපත් සමයේ දී ඔවුන්ට විපතක් නැත; සාගත සමයේ දී ඔවුන්ට හිඟයක් නැත. එහෙත්, දුදනෝ වැනසෙති; හිමි තුමන්ගේ සතුරෝ වන මල් මෙන් මිය යති; දුම මෙන් පහවෙති. දුදනෝ ණය ගෙන යළි නොගෙවති; සුදනෝ කාරුණික ය, ත්‍යාගශීලී ය. හිමි තුමන්ගෙන් ආසිරි ලද්දෝ දේශයෙහි යෙහෙන් වැජඹෙති; දේව සාපය ලද්දෝ රටෙන් නෙරපනු ලබති. සමිඳාණෝ මිනිසෙකුගේ දිවි මඟ හසුරුවන සේක; ඔහුගේ ක්‍රියා කලාපය ගැන සතුටු වන සේක. ඔහු වැටුණත් වැටී ම නොසිටියි; සමිඳාණෝ සිය’තින් ඔහු නැඟුටුවන සේක. මම දැන් යොවුන් විය ගෙවා මහලු ව සිටිමි; සමිඳුන් සුදනෙකු අත්හළ බව වත්, ඔහුගේ දූදරුවන් සිඟමනේ ගිය බව වත් කිසි දා නුදුටිමි. දවස දෙවේලේ ඔහු නොමසුරු ව ණයට දෙයි; ඔහුගේ දරු පරපුර රටට ආසිරියකි. නපුර දුරු කොට යහපත කරන්න. තිර කල් යෙහෙන් වැජඹෙනු ඇත. හිමි තුමාණෝ යුක්තියට ප්‍රිය මනාප ය; සිය සැදැහැවතුන් අත් නොහරිති. ඔව්හු සදහට ම රැකවරණය ලබති. එහෙත්, දුදනන්ගේ පරපුර වැනසෙති. දැහැමියෝ දේශය හිමි කරගන්නෝ ය. එහි සදහට ම යෙහෙන් වසන්නෝ ය. දැහැමියන්ගේ මුවින් නැණ නුවණ නික්මෙයි; ඔව්හු යුක්ති සහගත දෙය ම පවසති.

බෙදාගන්න
ගීතාවලිය 37 NRSV

ගීතාවලිය 37:12-30 SNRV (Sinhala New Revised Version 2018)

දුදනා සුදනාට එරෙහි ව උපා යොදයි; ඔහුට විරුද්ධ ව දත්මිටි කයි. සමිඳාණෝ ඔහු ගැන සිනාසෙන සේක; ඔහුගේ අවසානය ළඟ බව දන්න සේක. දුගී දුප්පතුන් හෙළා දමන පිණිස ද අවංක අය වනසන පිණිස ද දුදනෝ කඩුව ඇද, දුන්න තැත් කවාගෙන සිටිති. එහෙත්, ඔවුන්ගේ කඩුපත ඔවුන්ගේ ම හදවත තුවාළ කරයි; ඔවුන්ගේ දුන්න බිඳ දමනු ලැබේ. දුදනන් සතු වස්තු රැසකට වඩා සුදනා සතු වස්තු බිඳක් යහපත. දුදනන්ගේ බාහු බලය බිඳ දමනු ඇත. එහෙත් හිමිතුමාණන් සුදනන් හට පිහිට වනු ඇත. හිමිතුමාණෝ සැදැහැවතුන් දිනෙන් දින රැකගනිති; ඔවුන්ගේ උරුමය සදහට ම පවතියි. විපත් සමයේ දී ඔවුන්ට විපතක් නැත; සාගත සමයේ දී ඔවුන්ට හිඟයක් නැත. එහෙත්, දුදනෝ වැනසෙති; හිමිතුමාණන්ගේ සතුරෝ වන මල් මෙන් මිය යති; දුම මෙන් පහවෙති. දුදනෝ ණය ගෙන යළි නොගෙවති; සුදනෝ කාරුණික ය, ත්‍යාගශීලී ය. හිමිතුමාණන්ගෙන් ආසිරි ලද්දෝ දේශයෙහි යෙහෙන් වැජඹෙති; දේව සාපය ලද්දෝ රටෙන් නෙරපනු ලබති. සමිඳාණෝ මිනිසෙකුගේ දිවි මඟ හසුරුවන සේක; ඔහුගේ ක්‍රියා කලාපය ගැන සතුටු වන සේක. ඔහු වැටුණත් වැටී ම නොසිටියි; සමිඳාණෝ සිය’තින් ඔහු නැඟුටුවන සේක. මම දැන් යොවුන් විය ගෙවා මහලු ව සිටිමි; සමිඳුන් සුදනෙකු අත්හළ බව වත්, ඔහුගේ දූදරුවන් සිඟමනේ ගිය බව වත් කිසි දා නුදුටිමි. දවස දෙවේලේ ඔහු නොමසුරු ව ණයට දෙයි; ඔහුගේ දරු පරපුර රටට ආසිරියකි. නපුර දුරු කොට යහපත කරන්න. තිර කල් යෙහෙන් වැජඹෙනු ඇත. හිමිතුමාණෝ යුක්තියට ප්‍රිය මනාප ය; සිය සැදැහැවතුන් අත් නොහරිති. ඔව්හු සදහට ම රැකවරණය ලබති. එහෙත්, දුදනන්ගේ පරපුර වැනසෙති. දැහැමියෝ දේශය හිමි කරගන්නෝ ය. එහි සදහට ම යෙහෙන් වසන්නෝ ය. දැහැමියන්ගේ මුවින් නැණ නුවණ නික්මෙයි; ඔව්හු යුක්ති සහගත දෙය ම පවසති.

බෙදාගන්න
ගීතාවලිය 37 SNRV

ගීතාවලිය 37:12-30 NIV (New International Version)

The wicked plot against the righteous and gnash their teeth at them; but the Lord laughs at the wicked, for he knows their day is coming. The wicked draw the sword and bend the bow to bring down the poor and needy, to slay those whose ways are upright. But their swords will pierce their own hearts, and their bows will be broken. Better the little that the righteous have than the wealth of many wicked; for the power of the wicked will be broken, but the LORD upholds the righteous. The blameless spend their days under the LORD’s care, and their inheritance will endure forever. In times of disaster they will not wither; in days of famine they will enjoy plenty. But the wicked will perish: Though the LORD’s enemies are like the flowers of the field, they will be consumed, they will go up in smoke. The wicked borrow and do not repay, but the righteous give generously; those the LORD blesses will inherit the land, but those he curses will be destroyed. The LORD makes firm the steps of the one who delights in him; though he may stumble, he will not fall, for the LORD upholds him with his hand. I was young and now I am old, yet I have never seen the righteous forsaken or their children begging bread. They are always generous and lend freely; their children will be a blessing. Turn from evil and do good; then you will dwell in the land forever. For the LORD loves the just and will not forsake his faithful ones. Wrongdoers will be completely destroyed; the offspring of the wicked will perish. The righteous will inherit the land and dwell in it forever. The mouths of the righteous utter wisdom, and their tongues speak what is just.

බෙදාගන්න
ගීතාවලිය 37 NIV