ගීතාවලිය 31:1-8

ගීතාවලිය 31:1-8 සිංහල කාලීන පරිවර්තනය (SCV)

සරණය සොයමි මම, ඔබවහන්සේ තුළ, අහෝ ස්වාමින්වහන්ස, ලජ්ජාවට පත්වන්න කිසි දින මට ඉඩ නො තබනු මැනවි; මුදනු මැනවි මා, ඔබේ දමිටුකම නිසා. යොමනු මැනවි ඔබේ සවන මා වෙත, ඉක්මන් වුව මැනවි මා බේරා ගන්නට; මා ගලවා ගන්නට සවිමත් බළකොටුවක්, සරණයේ පර්වතය වුව මැනව මට. ඔබ ම ය මගේ පර්වතයත්, මගේ බළකොටුවත්; ඔබගේ නාමයේ ගෞරවය උදෙසා, මට පෙරටුව ගිය මැනව; මට මගපෙන්වුව මැනව. සඟවා මට එළන ලද දැලෙන් මා ඉවතට ගනු මැනව. මන්ද, ඔබ ය, මගේ සරණ ය. බාර දෙමි මම, ඔබගේ දෝතට මගේ ආත්මය; ඔබ මා මුදා ගෙන ඇත, අහෝ ස්වාමින්වහන්ස, විශ්වසනීය දෙවියන්වහන්ස. කමකට නැති පිළිම රූප නමදින්නන්ට මම ද්වේෂ කරන්නෙමි. එහෙත් මම ස්වාමින්වහන්සේ තුළ විශ්වාසය තබන්නෙමි. ඔබගේ නොමියෙන ප්‍රේමයෙහි, සොම්නස් වෙමි; මම ප්‍රීති ප්‍රමෝද වෙමි; මන්ද මගේ පීඩාව ඔබ දුටු බැවිනි; මා සිත් සංතාපය ඔබ දත් බැවිනි. සතුරු අත්වලට ඔබ මා පාවා නුදුන් සේක; නිදහස් තැනක ඔබ මගේ පාද පිහිටෙවූ සේක.

ගීතාවලිය 31:1-8 Sinhala Revised Old Version (SROV)

ස්වාමිනි, ඔබ කෙරෙහි විශ්වාසකරමි; කිසිකලකත් ලජ්ජා නොවෙම්වා. ඔබගේ ධර්මිෂ්ඨකමින් මා මිදුව මැනව. මා දෙසට ඔබගේ කන නමා, ඉක්මනින් මා මිදුව මැනව. මා ගළවන්ට ශක්තිමත් පර්වතයක්ද ආරක්ෂා ගෘහයක්ද වුව මැනව. මක්නිසාද ඔබ මාගේ පර්වතය සහ බලකොටුවය; එබැවින් ඔබගේ නාමය නිසා මට මඟ පෙන්වමින් මා ගෙනගිය මැනව.‍ ඔවුන් රහසින් මට හෙළූ දැලින් මා බැහැරගත මැනව; මක්නිසාද ඔබ මාගේ රක්ෂාස්ථානයය. ඔබ අතට මාගේ ආත්මය භාරදෙමි. සැබෑකමේ දෙවිවූ ස්වාමිනි, ඔබ මා මිදූසේක. බොරුවූ හිස්වූ දේ සලකන්නන්ට ද්වේෂකරමි. නුමුත් මම ස්වාමීන් කෙරෙහි විශ්වාස කරමි. ඔබගේ කරුණාව ගැන සතුටුව ප්‍රීති වන්නෙමි. මක්නිසාද ඔබ මාගේ පීඩාව දුටුසේක; පීඩාවලදී මාගේ ආත්මය හැඳිනගත්සේක. ඔබ සතුරාගේ අතේ මා හිරකොට නොතැබූසේක; විශාල භූමියක මාගේ පාද පිහිටෙවුසේක.

ගීතාවලිය 31:1-8 Sinhala New Revised Version (NRSV)

සමිඳුනි, ඔබේ රැකවරණය සොයා එමි. කිසිදාක මම නින්දාවට පත් නොවෙම්වා. ඔබේ දැහැමිකමින් මා මුදාලුව මැනව. මා දෙස ඔබේ දෙසවන යොමා, නොපමා ව මා මිදුව මැනව, මට බලගතු විමුක්ති පර්වතයක් ද ආරක්ෂක බලකොටුවක් ද වුව මැනව. ඔබ මාගේ පර්වතය හා බලකොටුව ය. එබැවින් ඔබේ නාමයේ අනුහසින් මට මඟපෙන්වා මා ගෙන ගිය මැනව. මා ඇල්ලීමට ඔවුන් සඟවා ඇති දැලෙන් මා බේරාගත මැනව. ඔබ මාගේ රක්ෂස්ථානය ය. ඔබ අතට මාගේ ජීවිතය භාර කරමි. සත්‍යවාදී දෙවි සමිඳුනි, ඔබ මා මිදූ සේක. බොරු දෙවි දේවතාවන් නමදින අයට මම ද්වේෂ කරමි. එහෙත්, මම සමිඳුන් කෙරේ විශ්වාසය තබමි. ඔබේ කරුණාව ගැන සතුටු වී උදන් අනමි. ඔබ මාගේ දුක් පීඩා දුටු සේක; ඔබ මාගේ සිත් වේදනා තේරුම් ගත් සේක. සතුරා අතේ මා සිර කොට නොතබා, නිදහසේ යන්න එන්න ඔබ මට ඉඩ දුන් සේක.

ගීතාවලිය 31:1-8 Sinhala New Revised Version 2018 (SNRV)

සමිඳාණන් වහන්ස, ඔබේ රැකවරණය සොයා එමි. කිසිදාක මම නින්දාවට පත් නොවෙම්වා. ඔබේ දැහැමිකමින් මා මුදාලුව මැනව. මා දෙස ඔබේ දෙසවන යොමා, නොපමා ව මා මිදුව මැනව, මට බලගතු විමුක්ති පර්වතයක් ද ආරක්ෂක බලකොටුවක් ද වුව මැනව. ඔබ මාගේ පර්වතය හා බලකොටුව ය. එබැවින් ඔබේ නාමයේ අනුහසින් මට මඟපෙන්වා මා ගෙන ගිය මැනව. මා ඇල්ලීමට ඔවුන් සඟවා ඇති දැලෙන් මා බේරාගත මැනව. ඔබ මාගේ රක්ෂස්ථානය ය. ඔබ අතට මාගේ ජීවිතය භාර කරමි. සත්‍යවාදී දෙවි සමිඳුනි, ඔබ මා මිදූ සේක. බොරු දෙවි දේවතාවන් නමදින අයට මම ද්වේෂ කරමි. එහෙත්, මම සමිඳුන් කෙරේ විශ්වාසය තබමි. ඔබේ කරුණාව ගැන සතුටු වී උදන් අනමි. ඔබ මාගේ දුක් පීඩා දුටු සේක; ඔබ මාගේ සිත් වේදනා තේරුම් ගත් සේක. සතුරා අතේ මා සිර කොට නොතබා, නිදහසේ යන්න එන්න ඔබ මට ඉඩ දුන් සේක.