ගීතාවලිය 30:2-5
ගීතාවලිය 30:2-5 සිංහල කාලීන පරිවර්තනය (SCV)
අහෝ මගේ දෙවියන්වහන්සේ වූ ස්වාමින්වහන්ස, පිහිට පතා මම ඔබ අබියස හඬා වැටුණෙමි; ඔබ මා සුවපත් කළ සේක. අහෝ ස්වාමින්වහන්ස, ඔබ මගේ ජීවය ෂෙයෝලයෙන් ගොඩ ගත් සේක; වළ පල්ලට බැස ගියවුන් වෙතින් ඔබ මා ජීවනයට යළි ගෙනා සේක. ස්වාමින්වහන්සේට පැසසුම් ගී ගයන්න, උන්වහන්සේගේ ශුද්ධවන්තයිනි, උන්වහන්සේගේ ශුද්ධ වූ නාමයට ස්තුති පුදන්න. මන්ද, සුළු මොහොතකට පමණි උන්වහන්සේගේ කෝපය, එහෙත් දිවි හිමි තුරාවට ය, උන්වහන්සේගේ ආදර කරුණාව; පුරා රැයක් කඳුළු සැලීමෙන්, ගෙවී යා හැකි නමුදු, උදෑසන ම ප්රීතිය උදා වෙයි.
ගීතාවලිය 30:2-5 Sinhala Revised Old Version (SROV)
මාගේ දෙවිවූ ස්වාමිනි, ඔබට මොරගැසීමි, ඔබද මා සුවකළසේක. ස්වාමිනි, ඔබ ෂෙයෝලෙන් මාගේ ආත්මය ගොඩගත්සේක. මා වළට නොබසින පිණිස මාගේ ජීවිතය ආරක්ෂාකළසේක. ස්වාමීන්ගේ ශුද්ධවන්තයෙනි, උන්වහන්සේට ප්රශංසා ගී කියව්, උන්වහන්සේගේ ශුද්ධවූ නාමයට ස්තුතිකරව්. මක්නිසාද උන්වහන්සේගේ උදහස ඇසිල්ලකට පමණය; උන්වහන්සේගේ කරුණාව දිවිහිම් කොටය. රාත්රියේ හැඬීම පවතින නුමුත්, උදය ප්රීතිය පැමිණෙන්නේය.
ගීතාවලිය 30:2-5 Sinhala New Revised Version (NRSV)
මාගේ දෙවි සමිඳුනි, ඔබට යාදිනි කීවෙමි, ඔබ මට සුව සෙත දුන් සේක. සමිඳුනි, ඔබ පාතාලයෙන් මා ගොඩ ගත් සේක; මා වළ පල්ලට නොයන පරිදි ඔබ මා දිවි රැකගත් සේක. පින්වතුනි, සමිඳුන්ට ගී පසස් නඟන්න; ඒ නිර්මල නාමයට තුති ගී ගයන්න. මන්ද, එතුමන්ගේ උදහස ඇසිල්ලකට පමණ ය. එතුමන්ගේ කරුණාව දිවි ඇති තාක් ය. රැයේ හැඬීම පවතියි; උදය ප්රීතිය උදා වෙයි.
ගීතාවලිය 30:2-5 Sinhala New Revised Version 2018 (SNRV)
මාගේ දෙවි සමිඳුනි, ඔබට යාදිනි කීවෙමි, ඔබ මට සුව සෙත දුන් සේක. සමිඳුනි, ඔබ පාතාලයෙන් මා ගොඩ ගත් සේක; මා වළ පල්ලට නොයන පරිදි ඔබ මා දිවි රැකගත් සේක. සැදැහැවතුනි, සමිඳුන්ට ගී පසස් නඟන්න; ඒ නිර්මල නාමයට තුති ගී ගයන්න. මන්ද, එතුමාණන්ගේ උදහස ඇසිල්ලකට පමණ ය. එතුමාණන්ගේ කරුණාව දිවි ඇති තාක් ය. රැයේ හැඬීම පවතියි; උදය ප්රීතිය උදා වෙයි.
ගීතාවලිය 30:2-5 New International Version (NIV)
LORD my God, I called to you for help, and you healed me. You, LORD, brought me up from the realm of the dead; you spared me from going down to the pit. Sing the praises of the LORD, you his faithful people; praise his holy name. For his anger lasts only a moment, but his favor lasts a lifetime; weeping may stay for the night, but rejoicing comes in the morning.