ගීතාවලිය 3:2-6
ගීතාවලිය 3:2-6 සිංහල කාලීන පරිවර්තනය (SCV)
බොහෝ දෙනා මා ගැන කියන්නේ, “දෙවියන්වහන්සේ ඔහුට පිහිට වන්නේ නැත” කියා ය. සෙලා එහෙත් ස්වාමින්වහන්ස, මා සුරකින පලිහ ඔබ ය; මගේ තේජස ද මගේ හිස ඉහළට ඔසවන්නා ද ඔබ ය; හඬ නගා ස්වාමින්වහන්සේට මම යදින්නෙමි; තමන් ශුද්ධ කන්දේ සිට උන්වහන්සේ මට පිළිසරණ වෙති. සෙලා මම වැතිර නිදි සුව ලබමි. නිදි ලැබ මා යළි පිබිදෙන්නේ, ස්වාමින්වහන්සේ මා ඉසිලූ බැවිනි. ගණනින් සතුරන් දස දහසින්, වට කොට ගත්තත් මා දසතින්, මම බය නො වෙමි.
ගීතාවලිය 3:2-6 Sinhala Revised Old Version (SROV)
දෙවියන්වහන්සේ තුළ ඔහුට ගැළවීමක් නැතැයි මාගේ ප්රාණය ගැන කියන්නෝ බොහෝය. නුමුත් ස්වාමිනි, ඔබ මා අවට පලිහක්ද මාගේ ගෞරවයද මාගේ හිස ඔසවන්නාද වනසේක. ස්වාමීන්ට මාගේ ශබ්දයෙන් හඬගසමි, උන්වහන්සේ තමන්ගේ ශුද්ධ කන්දේ සිට මට උත්තරදෙනසේක. මම වැතිරී නිදාගතිමි; මම පිබිදුණෙමි; මක්නිසාද ස්වාමීන්වහන්සේ මා දරනසේක. මට විරුද්ධව මා වටකොට රැස්ව සිටින්නාවූ දස දහස් ගණන් සෙනඟට භය නොවන්නෙමි.
ගීතාවලිය 3:2-6 Sinhala New Revised Version (NRSV)
“දෙවි පිහිටක් ඔහුට නැතැ”යි මා ගැන කියන්නෝ වැඩි වැඩියෙන් නැඟී එන්නෝ ය. සමිඳුනි, එහෙත් ඔබ මා අවට පලිහක් වැන්න. මා මහිමය ඔබ ය; ඔබ මා දිරි ගන්වන සේක. මම සමිඳුන්ට හඬ නඟා මොරගසමි; එතුමාණෝ සිය ශුද්ධ කන්දේ සිට මට පිළිතුරු දෙන සේක. මම වැදහෙව නිදාගනිමි; යළි අවදි වෙමි. මන්ද, සමිඳාණෝ මට රැකවරණය දෙන සේක. දස දහසක් සතුරන් සිටියත් මා වට කොට, බිය සැක කිසිත් මාගේ සිතට නැත්තේ ය.
ගීතාවලිය 3:2-6 Sinhala New Revised Version 2018 (SNRV)
“දෙවි පිහිටක් ඔහුට නැතැ”යි මා ගැන කියන්නෝ වැඩි වැඩියෙන් නැඟී එන්නෝ ය. සමිඳුනි, එහෙත් ඔබ මා අවට පලිහක් වැන්න. මා මහිමය ඔබ ය; ඔබ මා දිරි ගන්වන සේක. මම සමිඳුන්ට හඬ නඟා මොරගසමි; එතුමාණෝ සිය ශුද්ධ කන්දේ සිට මට පිළිතුරු දෙන සේක. මම වැදහෙව නිදාගනිමි; යළි අවදි වෙමි. මන්ද, සමිඳාණෝ මට රැකවරණය දෙන සේක. දස දහසක් සතුරන් සිටියත් මා වට කොට, බිය සැක කිසිත් මාගේ සිතට නැත්තේ ය.
ගීතාවලිය 3:2-6 New International Version (NIV)
Many are saying of me, “God will not deliver him.” But you, LORD, are a shield around me, my glory, the One who lifts my head high. I call out to the LORD, and he answers me from his holy mountain. I lie down and sleep; I wake again, because the LORD sustains me. I will not fear though tens of thousands assail me on every side.