ගීතාවලිය 3:1-4
ගීතාවලිය 3:1-4 සිංහල කාලීන පරිවර්තනය (SCV)
මට එදිරිවාදීන් බොහොමයක් ය, අහෝ ස්වාමින්වහන්ස, මට එරෙහිව නැගිට එන්නෝ බොහෝ දෙනෙක් ය! බොහෝ දෙනා මා ගැන කියන්නේ, “දෙවියන්වහන්සේ ඔහුට පිහිට වන්නේ නැත” කියා ය. සෙලා එහෙත් ස්වාමින්වහන්ස, මා සුරකින පලිහ ඔබ ය; මගේ තේජස ද මගේ හිස ඉහළට ඔසවන්නා ද ඔබ ය; හඬ නගා ස්වාමින්වහන්සේට මම යදින්නෙමි; තමන් ශුද්ධ කන්දේ සිට උන්වහන්සේ මට පිළිසරණ වෙති. සෙලා
ගීතාවලිය 3:1-4 Sinhala Revised Old Version (SROV)
ස්වාමිනි, මාගේ එදිරිකාරයෝ කොපමණ වැඩිවූද! මට විරුද්ධව නැගිටින්නෝ බොහෝය. දෙවියන්වහන්සේ තුළ ඔහුට ගැළවීමක් නැතැයි මාගේ ප්රාණය ගැන කියන්නෝ බොහෝය. නුමුත් ස්වාමිනි, ඔබ මා අවට පලිහක්ද මාගේ ගෞරවයද මාගේ හිස ඔසවන්නාද වනසේක. ස්වාමීන්ට මාගේ ශබ්දයෙන් හඬගසමි, උන්වහන්සේ තමන්ගේ ශුද්ධ කන්දේ සිට මට උත්තරදෙනසේක.
ගීතාවලිය 3:1-4 Sinhala New Revised Version (NRSV)
සමිඳුනි, මට සතුරෝ ගණනින් බොහෝ වන්නෝ ය; මට විරුද්ධ වන්නෝ එන්න එන්න වැඩි වන්නෝ ය. “දෙවි පිහිටක් ඔහුට නැතැ”යි මා ගැන කියන්නෝ වැඩි වැඩියෙන් නැඟී එන්නෝ ය. සමිඳුනි, එහෙත් ඔබ මා අවට පලිහක් වැන්න. මා මහිමය ඔබ ය; ඔබ මා දිරි ගන්වන සේක. මම සමිඳුන්ට හඬ නඟා මොරගසමි; එතුමාණෝ සිය ශුද්ධ කන්දේ සිට මට පිළිතුරු දෙන සේක.
ගීතාවලිය 3:1-4 Sinhala New Revised Version 2018 (SNRV)
සමිඳාණන් වහන්ස, මට සතුරෝ ගණනින් බොහෝ වන්නෝ ය; මට විරුද්ධ වන්නෝ එන්න එන්න වැඩි වන්නෝ ය. “දෙවි පිහිටක් ඔහුට නැතැ”යි මා ගැන කියන්නෝ වැඩි වැඩියෙන් නැඟී එන්නෝ ය. සමිඳුනි, එහෙත් ඔබ මා අවට පලිහක් වැන්න. මා මහිමය ඔබ ය; ඔබ මා දිරි ගන්වන සේක. මම සමිඳුන්ට හඬ නඟා මොරගසමි; එතුමාණෝ සිය ශුද්ධ කන්දේ සිට මට පිළිතුරු දෙන සේක.
ගීතාවලිය 3:1-4 New International Version (NIV)
LORD, how many are my foes! How many rise up against me! Many are saying of me, “God will not deliver him.” But you, LORD, are a shield around me, my glory, the One who lifts my head high. I call out to the LORD, and he answers me from his holy mountain.