ගීතාවලිය 27:4-5
ගීතාවලිය 27:4-5 සිංහල කාලීන පරිවර්තනය (SCV)
ස්වාමින්වහන්සේගෙන් එක් දෙයක් ඉල්ලන්නෙමි; ඒ දේ ම ඉල්ලා සිටින්නෙමි; එනම්, ස්වාමින්වහන්සේගේ ශෝභාලංකාරය දෙස බලා හිඳිමින්, දේව මාලිගයේ සිට මෙනෙහි කරන පිණිස මගේ ජීවිතයේ සියලු දවස්හි, ස්වාමින්වහන්සේගේ ගෘහයේ වාසය කරන්නට ය. මන්ද, විපත්ති දවසේ, උන්වහන්සේ තම වාසභවනෙහි මා සඟවා තබන සේක; උන්වහන්සේගේ කූඩාරම් සෙවණේ මට රක්ෂාවරණ දෙමින්, පර්වතයක් පිට මා ඔසවා තබන සේක.
ගීතාවලිය 27:4-5 Sinhala Revised Old Version (SROV)
ස්වාමීන්ගෙන් එක දෙයක් ඉල්ලීමි, ඒක සොයන්නෙමි; එනම් ස්වාමීන්ගේ අලංකාරය දකින පිණිසත් උන්වහන්සේගේ මාලිගාවේදී භාවනාකරන පිණිසත් මාගේ ජීවිතයේ සියලු දවස්වලදී ස්වාමීන්ගේ ගෘහයෙහි වාසය කිරීමය. මක්නිසාද විපත්ති දවසේදී උන්වහන්සේ ස්වකීය විමානයෙහි මා වසා තබනසේක, ස්වකීය මණ්ඩපයෙහි වූ අප්රකාශ ස්ථානයෙහි මා සඟවනසේක; උන්වහන්සේ පර්වතයක් පිට මා ඔසවා තබනසේක.
ගීතාවලිය 27:4-5 Sinhala New Revised Version (NRSV)
හිමි තුමන්ගෙන් එක ම යැදුමක් යදිමි; එය තරයේ සොයන්නෙමි. එනම්, හිමි තුමන්ගේ ශෝභාලංකාරය නරඹන පිණිසත්, දේව මාලිගාවේ දී උදය භාවනා කරන පිණිසත් මා දිවි ඇති තාක් හැම දා සමිඳුන්ගේ මන්දිරයේ විසීමට ය. විපත් දවසේ දී එතුමාණෝ සිය භවනෙහි මා තබා රක්නා සේක; සිය මණ්ඩපයෙහි රහස් කාමරයක මා සඟවන සේක. එතුමාණෝ මා ඔසවා පව්වක් මත මා තබන සේක.
ගීතාවලිය 27:4-5 Sinhala New Revised Version 2018 (SNRV)
හිමිතුමාණන්ගෙන් එක ම යැදුමක් යදිමි; එය තරයේ සොයන්නෙමි. එනම්, හිමිතුමාණන්ගේ ශෝභාලංකාරය නරඹන පිණිසත්, දේව මාලිගාවේ දී උදය භාවනා කරන පිණිසත් මා දිවි ඇති තාක් හැම දා සමිඳුන්ගේ මන්දිරයේ විසීමට ය. විපත් දවසේ දී එතුමාණෝ සිය භවනෙහි මා තබා රක්නා සේක; සිය මණ්ඩපයෙහි රහස් කාමරයක මා සඟවන සේක. එතුමාණෝ මා ඔසවා පව්වක් මත මා තබන සේක.
ගීතාවලිය 27:4-5 New International Version (NIV)
One thing I ask from the LORD, this only do I seek: that I may dwell in the house of the LORD all the days of my life, to gaze on the beauty of the LORD and to seek him in his temple. For in the day of trouble he will keep me safe in his dwelling; he will hide me in the shelter of his sacred tent and set me high upon a rock.