ගීතාවලිය 27:1-4
ගීතාවලිය 27:1-4 සිංහල කාලීන පරිවර්තනය (SCV)
ස්වාමින්වහන්සේ මගේ ආලෝකය ය, මගේ ගැලවීම ය; මම කවරකුට භය වන්නෙම් ද? ස්වාමින්වහන්සේ මගේ ජීවිතයේ බළකොටුව ය; මම කවරකුට බය වන්නෙම් ද? දුෂ්ට මිනිසුන් මා කා දමන්නට පෙරට එන කල, මගේ සතුරන් හා මගේ එදිරිවාදීන් මට පහර දෙන කල, ඔවුහු ම පැකිළී වැටෙන්නෝ ය. සතුරු සේනාංකයක් මා වටලා ගත්ත ද, මහදට බියක් නො දැනේ; මට එරෙහිව යුද ගිනි ඇවිළුණත්, මම නො සැලී සිටින්නෙමි. ස්වාමින්වහන්සේගෙන් එක් දෙයක් ඉල්ලන්නෙමි; ඒ දේ ම ඉල්ලා සිටින්නෙමි; එනම්, ස්වාමින්වහන්සේගේ ශෝභාලංකාරය දෙස බලා හිඳිමින්, දේව මාලිගයේ සිට මෙනෙහි කරන පිණිස මගේ ජීවිතයේ සියලු දවස්හි, ස්වාමින්වහන්සේගේ ගෘහයේ වාසය කරන්නට ය.
ගීතාවලිය 27:1-4 Sinhala Revised Old Version (SROV)
ස්වාමීන්වහන්සේ මාගේ ආලෝකයත් ගැළවීමත්ය; මම කාට භයවන්නෙම්ද? ස්වාමීන්වහන්සේ මාගේ ජීවිතයේ ශක්තියය; මම කාට භීතවන්නෙම්ද? නපුරුකම්කරන්නෝ එනම් මාගේ එදිරිකාරයන් හා සතුරෝ මාගේ මාංසය කන පිණිස මට විරුද්ධව ආ කල පැකිල වැටුණෝය. සේනාවක් මට විරුද්ධව කඳවුරු බැන්දත්, මාගේ සිත භය නොවන්නේය. මට විරුද්ධව යුද්ධයක් හටගත්තත්, එකල්හිත් මම සුරක්ෂිතව සිටින්නෙමි. ස්වාමීන්ගෙන් එක දෙයක් ඉල්ලීමි, ඒක සොයන්නෙමි; එනම් ස්වාමීන්ගේ අලංකාරය දකින පිණිසත් උන්වහන්සේගේ මාලිගාවේදී භාවනාකරන පිණිසත් මාගේ ජීවිතයේ සියලු දවස්වලදී ස්වාමීන්ගේ ගෘහයෙහි වාසය කිරීමය.
ගීතාවලිය 27:1-4 Sinhala New Revised Version (NRSV)
හිමිසඳ මාගේ ආලෝකය හා විමුක්තිය ය; මම කිසිවෙකුට බිය නොවෙමි. හිමිසඳ මාගේ ජීව ශක්තිය ය; මට භීතියක් නැත. දුදනන් වන මාගේ විරුද්ධකාරයෝ සහ සතුරෝ මා කා දමන පිණිස ආ කල ඔව්හු පැකිළී වැටුණෝ ය. බළ ඇණියක් මට විරුද්ධ ව කඳවුරු බැන්දත්, මසිතට බියක් නැත. මට විරුද්ධ ව යුද ගිනි ඇවිළුණත්, මම සුරක්ෂිත ව සිටිමි. හිමි තුමන්ගෙන් එක ම යැදුමක් යදිමි; එය තරයේ සොයන්නෙමි. එනම්, හිමි තුමන්ගේ ශෝභාලංකාරය නරඹන පිණිසත්, දේව මාලිගාවේ දී උදය භාවනා කරන පිණිසත් මා දිවි ඇති තාක් හැම දා සමිඳුන්ගේ මන්දිරයේ විසීමට ය.
ගීතාවලිය 27:1-4 Sinhala New Revised Version 2018 (SNRV)
සමිඳාණන් වහන්සේ මාගේ ආලෝකය හා විමුක්තිය ය; මම කිසිවෙකුට බිය නොවෙමි. හිමිතුමාණෝ මාගේ ජීව ශක්තිය ය; මට භීතියක් නැත. දුදනන් වන මාගේ විරුද්ධකාරයෝ සහ සතුරෝ මා කා දමන පිණිස ආ කල ඔව්හු පැකිළී වැටුණෝ ය. බළ ඇණියක් මට විරුද්ධ ව කඳවුරු බැන්දත්, මසිතට බියක් නැත. මට විරුද්ධ ව යුද ගිනි ඇවිළුණත්, මම සුරක්ෂිත ව සිටිමි. හිමිතුමාණන්ගෙන් එක ම යැදුමක් යදිමි; එය තරයේ සොයන්නෙමි. එනම්, හිමිතුමාණන්ගේ ශෝභාලංකාරය නරඹන පිණිසත්, දේව මාලිගාවේ දී උදය භාවනා කරන පිණිසත් මා දිවි ඇති තාක් හැම දා සමිඳුන්ගේ මන්දිරයේ විසීමට ය.
ගීතාවලිය 27:1-4 New International Version (NIV)
The LORD is my light and my salvation— whom shall I fear? The LORD is the stronghold of my life— of whom shall I be afraid? When the wicked advance against me to devour me, it is my enemies and my foes who will stumble and fall. Though an army besiege me, my heart will not fear; though war break out against me, even then I will be confident. One thing I ask from the LORD, this only do I seek: that I may dwell in the house of the LORD all the days of my life, to gaze on the beauty of the LORD and to seek him in his temple.
