ගීතාවලිය 25:3-5 - Compare All Versions

ගීතාවලිය 25:3-5 SCV (සිංහල කාලීන පරිවර්තනය)

ඔබ තුළ බලාපොරොත්තු තබන කිසිවකු කිසි දින ලජ්ජාවට පත් නො වේ; එහෙත්, අහේතුක ව ද්‍රෝහිවන්නෝ ලජ්ජාවට පත් වෙති. ඔබේ මාර්ග මට පෙන්වුව මැන, අහෝ ස්වාමින්වහන්ස, ඔබේ මාවත් මට ඉගැන්වුව මැනව. ඔබගේ සත්‍යතාවයෙහි මට මඟපෙන්වුව මැන; මට ඉගැන්වුව මැනව; මන්ද, මගේ ගැලවුම්කාර දෙවියන්වහන්සේ ඔබ ය. දවස මුළුල්ලේ මගේ බලාපොරොත්තුව ඔබ තුළ ය.

බෙදාගන්න
ගීතාවලිය 25 SCV

ගීතාවලිය 25:3-5 SROV (Sinhala Revised Old Version)

එසේය, ඔබ කෙරෙහි බලා සිටින කවරෙක්වත් ලජ්ජා නොවන්නේය. නිෂ්කාරණයේ ද්‍රෝහිකම්කරන්නෝ ලජ්ජාවන්නෝය. ස්වාමිනි, ඔබගේ මාර්ග මට දැක්වුවමැනව; ඔබගේ මාවත් මට ඉගැන්නුව මැනව. ඔබගේ සැබෑකමෙහි මා හසුරුවමින් මට ඉගැන්නුව මැනව; මක්නිසාද ඔබ මාගේ ගැළවීමේ දෙවියන්වහන්සේය; දවස මුළුල්ලේ ඔබ කෙරෙහි බලාසිටිමි.

බෙදාගන්න
ගීතාවලිය 25 SROV

ගීතාවලිය 25:3-5 NRSV (Sinhala New Revised Version)

ඔබ කෙරේ විශ්වාසය තබන කිසිවෙකු පරාජය වන්නේ නැත. හිතුවක්කාර ලෙස විශ්වාසය කඩ කරන අය පරාජය වන්නෝ ය. සමිඳුනි, ඔබේ ක්‍රියා මාර්ගය මට හෙළි කළ මැනව; ඔබේ මාවත් මට පැහැදිලි කළ මැනව. ඔබේ සත්‍යය අනුව මා ගෙන ගිය මැනව; මට එය ඉගැන්නුව මැනව; මන්ද, ඔබ මාගේ විමුක්තිදායක දෙවිඳාණෝ ය. දවස පුරා ඔබ එන මඟ බලා සිටිමි.

බෙදාගන්න
ගීතාවලිය 25 NRSV

ගීතාවලිය 25:3-5 SNRV (Sinhala New Revised Version 2018)

ඔබ කෙරේ විශ්වාසය තබන කිසිවෙකු පරාජය වන්නේ නැත. හිතුවක්කාර ලෙස විශ්වාසය කඩ කරන අය පරාජය වන්නෝ ය. සමිඳුනි, ඔබේ ක්‍රියා මාර්ගය මට හෙළි කළ මැනව; ඔබේ මාවත් මට පැහැදිලි කළ මැනව. ඔබේ සත්‍යය අනුව මා ගෙන ගිය මැනව; මට එය ඉගැන්නුව මැනව; මන්ද, ඔබ මාගේ විමුක්තිදායක දෙවිඳාණෝ ය. දවස පුරා ඔබ එන මඟ බලා සිටිමි.

බෙදාගන්න
ගීතාවලිය 25 SNRV

ගීතාවලිය 25:3-5 NIV (New International Version)

No one who hopes in you will ever be put to shame, but shame will come on those who are treacherous without cause. Show me your ways, LORD, teach me your paths. Guide me in your truth and teach me, for you are God my Savior, and my hope is in you all day long.

බෙදාගන්න
ගීතාවලිය 25 NIV