ගීතාවලිය 25:1-3
ගීතාවලිය 25:1-3 සිංහල කාලීන පරිවර්තනය (SCV)
අහෝ ස්වාමින්වහන්ස, ඔබවහන්සේ වෙත, මම මගේ ආත්මය ඔසවමි. අහෝ මගේ දෙවියන්වහන්ස, ඔබ තුළ මම විශ්වාසය තබමි. ලජ්ජාවට පත් වන්නට මට ඉඩ නුදුන මැනවි; මා පරදා, ජය පැන් බොන්නට සතුරාට ඉඩ නුදුන මැනවි. ඔබ තුළ බලාපොරොත්තු තබන කිසිවකු කිසි දින ලජ්ජාවට පත් නො වේ; එහෙත්, අහේතුක ව ද්රෝහිවන්නෝ ලජ්ජාවට පත් වෙති.
ගීතාවලිය 25:1-3 Sinhala Revised Old Version (SROV)
ස්වාමිනි, ඔබ දෙසට මාගේ ආත්මය ඔසවමි. මාගේ දෙවියන්වහන්ස, ඔබ කෙරෙහි විශ්වාසකෙළෙමි, මම ලජ්ජා නොවෙම්වා; මා කෙරෙහි ජය නාද පවත්වන්ට මාගේ සතුරන්ට ඉඩ නුදුන මැනව. එසේය, ඔබ කෙරෙහි බලා සිටින කවරෙක්වත් ලජ්ජා නොවන්නේය. නිෂ්කාරණයේ ද්රෝහිකම්කරන්නෝ ලජ්ජාවන්නෝය.
ගීතාවලිය 25:1-3 Sinhala New Revised Version (NRSV)
ඔබ වෙත සමිඳුනි මා හදවත ඔසවමි. මාගේ දෙවියෙනි ඔබ කෙරේ විශ්වාසය තබමි. මා ලජ්ජාවට පත් වන්න ඉඩ නුදුන මැනව; මා පරදා ජය හඬ නඟන්න මා සතුරන්ට ඉඩ නොතැබුව මැනව. ඔබ කෙරේ විශ්වාසය තබන කිසිවෙකු පරාජය වන්නේ නැත. හිතුවක්කාර ලෙස විශ්වාසය කඩ කරන අය පරාජය වන්නෝ ය.
ගීතාවලිය 25:1-3 Sinhala New Revised Version 2018 (SNRV)
ඔබ වෙත සමිඳාණන් වහන්ස මා හදවත ඔසවමි. මාගේ දෙවියෙනි ඔබ කෙරේ විශ්වාසය තබමි. මා ලජ්ජාවට පත් වන්න ඉඩ නුදුන මැනව; මා පරදා ජය හඬ නඟන්න මා සතුරන්ට ඉඩ නොතැබුව මැනව. ඔබ කෙරේ විශ්වාසය තබන කිසිවෙකු පරාජය වන්නේ නැත. හිතුවක්කාර ලෙස විශ්වාසය කඩ කරන අය පරාජය වන්නෝ ය.
ගීතාවලිය 25:1-3 New International Version (NIV)
In you, LORD my God, I put my trust. I trust in you; do not let me be put to shame, nor let my enemies triumph over me. No one who hopes in you will ever be put to shame, but shame will come on those who are treacherous without cause.