ගීතාවලිය 24:1-3
ගීතාවලිය 24:1-3 සිංහල කාලීන පරිවර්තනය (SCV)
පොළොවත්, එහි ඇති සියල්ලත් ස්වාමින්වහන්සේගේ ය; ලෝකය ද එහි වෙසෙනා සියල්ලන් ද උන්වහන්සේගේ ය. උන්වහන්සේ එය සයුරු පිට පිහිටූ සේක්, ජල මතුයෙහි එය ස්ථාපිත කළ සේක. ස්වාමින්වහන්සේගේ කන්දට නැගෙනු ඇත්තේ කවුරු ද? උන්වහන්සේගේ ශුද්ධස්ථානයේ නැගිට සිටිනු ඇත්තේ කවුරු ද?
ගීතාවලිය 24:1-3 Sinhala Revised Old Version (SROV)
පොළොව හා එහි සම්පූර්ණත්වයද ලෝකය හා එහි වැසියෝද ස්වාමීන්ගේ ය. මක්නිසාද උන්වහන්සේ එය මුහුදු පිට පිහිටෙවුසේක, ගංගා පිට ස්ථිරකළසේක. ස්වාමීන්ගේ කන්දට නගින්නේ කවුද? උන්වහන්සේගේ ශුද්ධස්ථානයෙහි සිටින්නේ කවුද?
ගීතාවලිය 24:1-3 Sinhala New Revised Version (NRSV)
පොළොව හා එහි ඇති සෑම දෙය ද සකල ලෝ වාසීහු ද සමිඳුන් සන්තක වෙති. මුහුදු ජලය පිට පොළොව පිහිටුවා, සයුරු පත්ලෙහි එය ස්ථාපිත කෙළේ එතුමාණෝ ය. හිමි තුමන්ගේ කන්දට නඟින්නට ශුද්ධ කවුරු ද? එතුමන්ගේ ශුද්ධ දෙව් මැදුරෙහි නවතින්නට හැකි කාට ද?
ගීතාවලිය 24:1-3 Sinhala New Revised Version 2018 (SNRV)
පොළොව හා එහි ඇති සෑම දෙය ද සකල ලෝ වාසීහු ද සමිඳාණන් වහන්සේ සන්තක වෙති. මුහුදු ජලය පිට පොළොව පිහිටුවා, සයුරු පත්ලෙහි එය ස්ථාපිත කෙළේ එතුමාණෝ ය. හිමිතුමාණන්ගේ කන්දට නඟින්නට ශුද්ධ කවුරු ද? එතුමාණන්ගේ ශුද්ධ දෙව් මැදුරෙහි නවතින්නට හැකි කාට ද?