ගීතාවලිය 23:1-4
ගීතාවලිය 23:1-4 සිංහල කාලීන පරිවර්තනය (SCV)
ස්වාමින්වහන්සේ මගේ එඬේරාණෝ ය; මට හිඟයක් නො වන්නේ ය. උන්වහන්සේ නිල් තණ බිම්වල මට ලගින්නට සලස්වන සේක. උන්වහන්සේ නිසල දිය අසලට මා ගෙන යන සේක. උන්වහන්සේ මගේ ජීවය, යළි ප්‍රාණවත් කරන සේක. ස්වකීය නාමයේ ගෞරවය උදෙසා දමිටුකමේ මාවත්වල මා ගෙන යන සේක. මරණ සෙවණැලි මිටියාවත ඔස්සේ ගමන් ගනිද්දී පවා, කිසි විපතකට මම බය නො වෙමි; මන්ද ඔබ මා සමඟ ය; ඔබගේ කෙවිට හා සැරයටිය, මට සැනසිල්ල සලසයි.
ගීතාවලිය 23:1-4 Sinhala Revised Old Version (SROV)
ස්වාමීන්වහන්සේ මාගේ එඬේරාය; මට හිඟයක් නොවන්නේය. උන්වහන්සේ නිල් ගොදුරු බිම්වල මා ලගින්ට සලස්වනසේක. නිශ්චලවූ දිය අසලින් මා ගෙනයනසේක. උන්වහන්සේ මාගේ ආත්මය ප්‍රාණවත්කරනසේක; ස්වකීය නාමය නිසා ධර්මිෂ්ඨකමේ මාවත්වල මා ගෙනයනසේක. එසේය, මරණ සෙවණේ මිටියාවත මැදින් යන්නෙම් නමුත්, කිසි උපද්‍රවයකට භය නොවන්නෙමි; මක්නිසාද ඔබ මා සමඟය. ඔබගේ දණ්ඩෙන් හා සැරයටියෙන් මට සැනසිල්ල ලැබේ.
ගීතාවලිය 23:1-4 Sinhala New Revised Version (NRSV)
සමිඳාණෝ මා එඬේරාණෝ ය; අග හිඟ මට නොවන්නේ ය. එතුමාණෝ නිල් තණ බිම් මත මා සතප්වා, නිසල දිය වෙත පමුණුවා, මා පණගන්වන සේක. සිය නාමයේ මහිමය සැලසෙන ලෙස දමිටු මඟ මා ගෙන යන සේක. මරණය වැනි ගන’ඳුරු රුදුරු නිම්නය මැදින් ගියත්, ඔබ මා සමඟ බැවින්, මට කිසි බියක් නොවන්නේ ය. ඔබේ කෙවිට ද සැරයටිය ද මා නියත සැනසිල්ල වන්නේ ය.
ගීතාවලිය 23:1-4 Sinhala New Revised Version 2018 (SNRV)
සමිඳාණෝ මා එඬේරාණෝ ය; අග හිඟ මට නොවන්නේ ය. එතුමාණෝ නිල් තණ බිම් මත මා සතප්වා, නිසල දිය වෙත පමුණුවා, මා පණගන්වන සේක. සිය නාමයේ මහිමය සැලසෙන ලෙස දමිටු මඟ මා ගෙන යන සේක. මරණය වැනි ගන’ඳුරු රුදුරු නිම්නය මැදින් ගියත්, ඔබ මා සමඟ බැවින්, මට කිසි බියක් නොවන්නේ ය. ඔබේ කෙවිට ද සැරයටිය ද මා නියත සැනසිල්ල වන්නේ ය.
ගීතාවලිය 23:1-4 New International Version (NIV)
The LORD is my shepherd, I lack nothing. He makes me lie down in green pastures, he leads me beside quiet waters, he refreshes my soul. He guides me along the right paths for his name’s sake. Even though I walk through the darkest valley, I will fear no evil, for you are with me; your rod and your staff, they comfort me.