ගීතාවලිය 22:22-25
ගීතාවලිය 22:22-25 සිංහල කාලීන පරිවර්තනය (SCV)
මගේ සහෝදරයින්ට ඔබගේ නාමය මම ප්‍රකාශ කරන්නෙමි; සභාව මධ්‍යයයේ මම ඔබට ප්‍රශංසා කරන්නෙමි. ස්වාමින්වහන්සේට භය පක්ෂපාත ඇත්තෙනි, උන්වහන්සේට ප්‍රශංසා කරන්න; යාකොබ්ගෙන් පැවත එන සියල්ලෙනි, උන්වහන්සේට ගෞරව කරන්න; ඉශ්‍රායෙල් වංශික සියල්ලෙනි, උන්වහන්සේට බුහුමන් දක්වන්න. හිංසා-පීඩා ලද්දාණන්ගේ දුක් පීඩා ගැන උන්වහන්සේ ගර්හා කළේවත්, පිළිකුල් කළේවත් නැත, ඔහු වෙතින් තම මුහුණ සඟවා ගත්තේ ද නැත; පිහිට ඉල්ලූ කල, ඔහුගේ මොර ගැසීමට උන්වහන්සේ සවන් දුන් සේක. මහා එක් රැස්වීමේ මගේ ප්‍රශංසාවේ තේමාව පැමිණෙන්නේ ඔබ වෙතින් ම ය; ඔබට භය පක්ෂපාතවූවන් ඉදිරියේ මම මගේ භාර ඉටු කරන්නෙමි.
ගීතාවලිය 22:22-25 Sinhala Revised Old Version (SROV)
ඔබගේ නාමය මාගේ සහෝදරයන්ට ප්‍රකාශකරන්නෙමි, සභා මධ්‍යයෙහි ඔබට ප්‍රශංසාකරන්නෙමි. ස්වාමින් කෙරෙහි භය ඇත්තෙනි, උන්වහන්සේට ප්‍රශංසාකරව්; යාකොබ් වංශයේ සියල්ලෙනි, උන්වහන්සේට ගෞරවකරව්; ඉශ්‍රායෙල් වංශයේ සියල්ලෙනි, උන්වහන්සේ කෙරෙහි භයින් සිටිව්. මක්නිසාද උන්වහන්සේ විපත් පැමිණි තැනැත්තාගේ විපතට නින්දා නොකළසේක, එය පිළිකුල්කොට නොසිතූසේක; ඔහු කෙරෙන් තමන් මුහුණ සඟවා නොගත්සේක; ඔහු හඬගැසූ කල උන්වහන්සේ ඇසූසේක. මහත් සභාවේදී මාගේ ප්‍රශංසාව පැමිණෙන්නේ ඔබ කෙරෙන්ය. උන්වහන්සේට භයවෙන්නන් ඉදිරියේ මාගේ භාර ඉෂ්ටකරන්නෙමි.
ගීතාවලිය 22:22-25 Sinhala New Revised Version (NRSV)
ඔබේ නාමය මාගේ සහෝදරයන්ට ප්‍රකාශ කරන්නෙමි; බැතිමතුන්ගේ සභාවේ දී ඔබට ප්‍රශංසා කරන්නෙමි. හිමි සමිඳාණන්ට ගරුබිය ඇත්තෙනි, එතුමන් පසසන්න; ජාකොබ් වංශයේ සියල්ලෙනි, එතුමන්ට ගෞරවය දෙන්න; ඉශ්‍රායෙල් වංශයේ සියල්ලෙනි, එතුමන් ඉදිරියෙහි ගරු බියෙන් සිටින්න; එතුමාණෝ විපතට පත් අයගේ විපතට අවමන් නොකළ සේක; එය පිළිකුල් කොට නොසිතූ සේක; ඔහු කෙරෙන් සිය මුහුණ අහකට හරවා නොගත් සේක; ඔහු හඬගැසූ කල එතුමාණෝ සවන් දුන් සේක. මහා සභාවේ මාගේ ප්‍රශංසාවේ තේමාව ඔබ ය. එතුමන්ට ගරුබිය ඇති අය අබිමුව මාගේ භාර ඉටු කරන්නෙමි.
ගීතාවලිය 22:22-25 Sinhala New Revised Version 2018 (SNRV)
ඔබේ නාමය මාගේ සහෝදරයන්ට ප්‍රකාශ කරන්නෙමි; බැතිමතුන්ගේ සභාවේ දී ඔබට ප්‍රශංසා කරන්නෙමි. හිමි සමිඳාණන්ට ගරුබිය ඇත්තෙනි, එතුමාණෝ පසසන්න; ජාකොබ් වංශයේ සියල්ලෙනි, එතුමාණන්ට ගෞරවය දෙන්න; ඉශ්‍රායෙල් වංශයේ සියල්ලෙනි, එතුමාණෝ ඉදිරියෙහි ගරු බියෙන් සිටින්න; එතුමාණෝ විපතට පත් අයගේ විපතට අවමන් නොකළ සේක; එය පිළිකුල් කොට නොසිතූ සේක; ඔහු කෙරෙන් සිය මුහුණ අහකට හරවා නොගත් සේක; ඔහු හඬගැසූ කල එතුමාණෝ සවන් දුන් සේක. මහා සභාවේ මාගේ ප්‍රශංසාවේ තේමාව ඔබ ය. එතුමාණන්ට ගරුබිය ඇති අය අබිමුව මාගේ භාර ඉටු කරන්නෙමි.
ගීතාවලිය 22:22-25 New International Version (NIV)
I will declare your name to my people; in the assembly I will praise you. You who fear the LORD, praise him! All you descendants of Jacob, honor him! Revere him, all you descendants of Israel! For he has not despised or scorned the suffering of the afflicted one; he has not hidden his face from him but has listened to his cry for help. From you comes the theme of my praise in the great assembly; before those who fear you I will fulfill my vows.