ගීතාවලිය 22:1-8
ගීතාවලිය 22:1-8 සිංහල කාලීන පරිවර්තනය (SCV)
මගේ දෙවියන්වහන්ස, මගේ දෙවියන්වහන්ස, ඔබ මා අත්හැරියේ මන්ද? මට උපකාර නො කර, ඔතරම් ඈත් ව සිටින්නේ මන්ද? මගේ මොර ගැසීමේ වදනට සවන් නො දී සිටින්නේ මන්ද? අහෝ මගේ දෙවියන්වහන්ස, දහවලේ මම මොර ගසමි; එහෙත් ඔබ පිළිතුරු දෙන්නේ නැත. රාත්‍රියේ ද මම මොර ගසමි; එහෙත් කිසි සැනසිල්ලක් නැත. එහෙත් ඔබ ශුද්ධ තැනැන්වහන්සේ ය, ඉශ්‍රායෙල්ගේ ප්‍රශංසාව මධ්‍යයේ සිංහාසනාරූඪ තැනැන්වහන්සේ ය. අපගේ පියවරුන් විශ්වාසය තැබුවේ ඔබ තුළ ය; ඔවුහු ඔබ විශ්වාස කළහ; ඔබ ඔවුන් මිදූ සේක. ඔවුහු ඔබවහන්සේට මොර ගැසුවෝ, ගලවනු ලැබුවෝ ය; ඔබවහන්සේ වෙත විශ්වාසය තැබූ ඔවුන් ලජ්ජාවට පත් වූයේ නැත. එහෙත් මම මිනිසකු නො ව පණුවෙක්මි; මිනිසුන් විසින් අවමන් කරනු ලද්දෙක්මි; ජනයා විසින් නීච කරනු ලැබූවෙක්මි. මා දකින සියල්ලෝ මට සමච්චල් කරති; කට ඇද කරමින්, හිස වනමින්, “ඔහු විශ්වාසය තැබුවේ, ස්වාමින්වහන්සේ තුළ ය; උන්වහන්සේ ම ඔහු ගලවත්දෙන්, ඔහු උන්වහන්සේ තුළ ම සොම්නස් වූ නිසා, උන්වහන්සේ ම ඔහු ගලවත්දෙන්” යැයි කියති.
ගීතාවලිය 22:1-8 Sinhala Revised Old Version (SROV)
මාගේ දෙවියනි, මාගේ දෙවියනි, ඔබ මා අත්හැරියේ මක්නිසාද? මට පිහිට නොවී, මාගේ මොරගැසීමේ වචනවලින් මෙසේ දුරුව සිටින්නේ මක්නිසාද? මාගේ දෙවියනි, දාවල් ඔබට හඬ ගසමි, එහෙත් ඔබ උත්තර නොදෙනසේක; රාත්‍රියේද නිශ්ශබ්දව නොසිටිමි. නුමුත් ඉශ්‍රායෙල්ගේ ප්‍රශංසා මධ්‍යයෙහි වාසයකරන්නාවූ ඔබ ශුද්ධසේක. අපේ පියවරු ඔබ කෙරෙහි විශ්වාස කළෝය. ඔව්හු විශ්වාසකළෝය, ඔබද ඔවුන් මිදූසේක. ඔව්හු ඔබට හඬගැසුවෝය, මුදනු ලැබුවෝය; ඔබ කෙරෙහි විශ්වාසකළෝය, ලජ්ජානුවූවෝය. මම නම් මනුෂ්‍යයෙක් නොව පණුවෙක්මි; මිනිසුන් අතරෙහි නින්දිතයෙක්මි, සෙනඟ විසින් හෙළාදක්නා ලද්දෙක්මි. මා දකින සියල්ලෝම මට කවටකම් කෙරෙති. ඔව්හු තොල් දික්කරමින්, හිස වනමින්: ස්වාමීන්ට භාරවෙව; උන්වහන්සේ ඔහු මුදනසේක්වා; උන්වහන්සේ ඔහු කෙරෙහි ප්‍රසන්න බැවින් ඔහු මුදනසේක්වයි කියති.
ගීතාවලිය 22:1-8 Sinhala New Revised Version (NRSV)
මාගේ දෙවියෙනි, මාගේ දෙවියෙනි, ඔබ මා අත්හැරියේ මන් ද? මට පිහිට නොවී මාගේ යාදිනිවලින් ඈත් ව සිටින්නේ මන් ද? මාගේ දෙවියෙනි, දවාලෙහි මම ඔබට හඬගසමි; පිළිතුරක් නැත; රාත්‍රියේදීත් හඬගසමි; ඉස්පාසුවක් නැත. ඉශ්රායෙල් ජනතාවගේ ප්‍රශස්ති ගීත මැද වැඩ වසන සුවිශුද්ධවරයාණෝ ඔබ ම ය. අපේ මුතුන්මිත්තෝ ඔබ අදහා, ඔබ සරණ සොයා ගියෝ ය. ඔබ ඔවුන්ට මිදුම දුන් සේක. ඔව්හු ඔබට යැදුම් කළහ; මුදනු ලැබුවෝ ය. ඔබ මත විශ්වාසය තැබූ හ; ලජ්ජා නොවූවෝ ය. අනේ! මම මිනිසෙක් නොව නර පණුවෙකි; මිනිසුන් අතර නීචයෙකි. ඔව්හු මෙමා හෙළා දකිති. සියල්ලෝ මා දෙස බලා, කවටකම් කරති; දත නියවා, හිස වනා මෙසේ කියති: “සමිඳුන්ට ඔහු බාර විණි, එතුමන් ඔහු ගළවා නොගන්නේ මන් ද? සමිඳුන්ට ඔහු ප්‍රිය මනාප විණි, එතුමන් ඔහු මුදා නොගන්නේ මන් ද?”
ගීතාවලිය 22:1-8 Sinhala New Revised Version 2018 (SNRV)
මාගේ දෙවියෙනි, මාගේ දෙවියෙනි, ඔබ මා අත්හැරියේ මන් ද? මට පිහිට නොවී මාගේ යාදිනිවලින් ඈත් ව සිටින්නේ මන් ද? මාගේ දෙවියෙනි, දවාලෙහි මම ඔබට හඬගසමි; පිළිතුරක් නැත; රාත්‍රියේදීත් හඬගසමි; ඉස්පාසුවක් නැත. ඉශ්රායෙල් ජනතාවගේ ප්‍රශස්ති ගීත මැද වැඩ වසන සුවිශුද්ධවරයාණෝ ඔබ ම ය. අපේ මුතුන්මිත්තෝ ඔබ අදහා, ඔබ සරණ සොයා ගියෝ ය. ඔබ ඔවුන්ට මිදුම දුන් සේක. ඔව්හු ඔබට යැදුම් කළහ; මුදනු ලැබුවෝ ය. ඔබ මත විශ්වාසය තැබූ හ; ලජ්ජා නොවූවෝ ය. අනේ! මම මිනිසෙක් නොව නර පණුවෙකි; මිනිසුන් අතර නීචයෙකි. ඔව්හු මෙමා හෙළා දකිති. සියල්ලෝ මා දෙස බලා, කවටකම් කරති; දත නියවා, හිස වනා මෙසේ කියති: “සමිඳුන්ට ඔහු බාර විණි, එතුමාණෝ ඔහු ගළවා නොගන්නේ මන් ද? සමිඳුන්ට ඔහු ප්‍රිය මනාප විණි, එතුමාණෝ ඔහු මුදා නොගන්නේ මන් ද?”
ගීතාවලිය 22:1-8 New International Version (NIV)
My God, my God, why have you forsaken me? Why are you so far from saving me, so far from my cries of anguish? My God, I cry out by day, but you do not answer, by night, but I find no rest. Yet you are enthroned as the Holy One; you are the one Israel praises. In you our ancestors put their trust; they trusted and you delivered them. To you they cried out and were saved; in you they trusted and were not put to shame. But I am a worm and not a man, scorned by everyone, despised by the people. All who see me mock me; they hurl insults, shaking their heads. “He trusts in the LORD,” they say, “let the LORD rescue him. Let him deliver him, since he delights in him.”