ගීතාවලිය 22:1-2
ගීතාවලිය 22:1-2 සිංහල කාලීන පරිවර්තනය (SCV)
මගේ දෙවියන්වහන්ස, මගේ දෙවියන්වහන්ස, ඔබ මා අත්හැරියේ මන්ද? මට උපකාර නො කර, ඔතරම් ඈත් ව සිටින්නේ මන්ද? මගේ මොර ගැසීමේ වදනට සවන් නො දී සිටින්නේ මන්ද? අහෝ මගේ දෙවියන්වහන්ස, දහවලේ මම මොර ගසමි; එහෙත් ඔබ පිළිතුරු දෙන්නේ නැත. රාත්රියේ ද මම මොර ගසමි; එහෙත් කිසි සැනසිල්ලක් නැත.
බෙදාගන්න
ගීතාවලිය 22 කියවන්නගීතාවලිය 22:1-2 Sinhala Revised Old Version (SROV)
මාගේ දෙවියනි, මාගේ දෙවියනි, ඔබ මා අත්හැරියේ මක්නිසාද? මට පිහිට නොවී, මාගේ මොරගැසීමේ වචනවලින් මෙසේ දුරුව සිටින්නේ මක්නිසාද? මාගේ දෙවියනි, දාවල් ඔබට හඬ ගසමි, එහෙත් ඔබ උත්තර නොදෙනසේක; රාත්රියේද නිශ්ශබ්දව නොසිටිමි.
බෙදාගන්න
ගීතාවලිය 22 කියවන්නගීතාවලිය 22:1-2 Sinhala New Revised Version (NRSV)
මාගේ දෙවියෙනි, මාගේ දෙවියෙනි, ඔබ මා අත්හැරියේ මන් ද? මට පිහිට නොවී මාගේ යාදිනිවලින් ඈත් ව සිටින්නේ මන් ද? මාගේ දෙවියෙනි, දවාලෙහි මම ඔබට හඬගසමි; පිළිතුරක් නැත; රාත්රියේදීත් හඬගසමි; ඉස්පාසුවක් නැත.
බෙදාගන්න
ගීතාවලිය 22 කියවන්න