ගීතාවලිය 2:7-8
ගීතාවලිය 2:7-8 සිංහල කාලීන පරිවර්තනය (SCV)
ස්වාමින්වහන්සේගේ නියෝගය මම ප්රකාශයට පත් කරමි: උන්වහන්සේ මා අමතා මෙසේ කී සේක: “ඔබ මගේ පුත්රයාණන් ය; මම අද ඔබ ජනිත කළෙමි; මගෙන් ඉල්ලන්න; එවිට, මම, ජාතීන් ඔබගේ උරුමය කර දෙමි; පොළෝ සීමාන්තය තෙක් ඔබ සන්තක කරලමි.
බෙදාගන්න
ගීතාවලිය 2 කියවන්නගීතාවලිය 2:7-8 Sinhala Revised Old Version (SROV)
මම නියමය ප්රකාශකරන්නෙමි. ස්වාමීන්වහන්සේ මට කථාකොට: නුඹ මාගේ පුත්රයෙහිය; අද නුඹ ජනිතකෙළෙමි. මාගෙන් ඉල්ලව, එවිට නුඹේ උරුමයට ජාතීන්ද නුඹේ කොටසට පොළොවේ සීමාන්තය දක්වාද දෙන්නෙමි.
බෙදාගන්න
ගීතාවලිය 2 කියවන්නගීතාවලිය 2:7-8 Sinhala New Revised Version (NRSV)
මම මේ දේව නියෝගය ප්රකාශ කරන්නෙමි; එතුමාණෝ මට කතා කොට, “නුඹ මාගේ පුත් කුමරු ය, අද මම ඔබේ පිය රජ වූයෙමි. නුඹ කැමැති දෙයක් මාගෙන් අයැදින්න. සකල ජාතීහු නුඹ උරුමය වන්නෝ ය; මුළු මහ පොළොව ද නුඹ සන්තක වන්නේ ය.
බෙදාගන්න
ගීතාවලිය 2 කියවන්න