ගීතාවලිය 2:7-11
ගීතාවලිය 2:7-11 සිංහල කාලීන පරිවර්තනය (SCV)
ස්වාමින්වහන්සේගේ නියෝගය මම ප්රකාශයට පත් කරමි: උන්වහන්සේ මා අමතා මෙසේ කී සේක: “ඔබ මගේ පුත්රයාණන් ය; මම අද ඔබ ජනිත කළෙමි; මගෙන් ඉල්ලන්න; එවිට, මම, ජාතීන් ඔබගේ උරුමය කර දෙමි; පොළෝ සීමාන්තය තෙක් ඔබ සන්තක කරලමි. ඔබ, යදණ්ඩකින් ඔවුන් ආණ්ඩු-මට්ටු කරනු ඇත; මැටි බඳුනක් බිඳින්නා සේ ඔවුන් විසුණු කරනු ඇත.” එබැවින් දැන්, එම්බා රජවරුනි, නැණවත් වනු! මිහි පිට පාලකයනි, පරෙස්සම් වනු! ස්වාමින්වහන්සේට භය බැතියෙන් නමදින්න; වෙවුලුම් සහිත ව ප්රීති වන්න.
ගීතාවලිය 2:7-11 Sinhala Revised Old Version (SROV)
මම නියමය ප්රකාශකරන්නෙමි. ස්වාමීන්වහන්සේ මට කථාකොට: නුඹ මාගේ පුත්රයෙහිය; අද නුඹ ජනිතකෙළෙමි. මාගෙන් ඉල්ලව, එවිට නුඹේ උරුමයට ජාතීන්ද නුඹේ කොටසට පොළොවේ සීමාන්තය දක්වාද දෙන්නෙමි. නුඹ ඔවුන් යදණ්ඩකින් බිඳ, කුඹලෙකුගේ භාජනයක් මෙන් ඔවුන් සුණුකරන්නෙහියයි කීසේක. එබැවින් රජදරුවෙනි, දැන් ඥානවත්ව සිටිව්. පොළොවේ විනිශ්චයකාරයෙනි, ගුරුකම් ගනිව්. ස්වාමීන්ට භයින් මෙහෙකරව්, වෙවුලුම් සහිතව ප්රීතිවව්.
ගීතාවලිය 2:7-11 Sinhala New Revised Version (NRSV)
මම මේ දේව නියෝගය ප්රකාශ කරන්නෙමි; එතුමාණෝ මට කතා කොට, “නුඹ මාගේ පුත් කුමරු ය, අද මම ඔබේ පිය රජ වූයෙමි. නුඹ කැමැති දෙයක් මාගෙන් අයැදින්න. සකල ජාතීහු නුඹ උරුමය වන්නෝ ය; මුළු මහ පොළොව ද නුඹ සන්තක වන්නේ ය. නුඹ දරදඬු පාලනයකින් ඔවුන් සිඳබිඳ, මැටි බඳුනක් සේ සුණු විසුණු කර ඇතැ”යි වදාරන සේක. රජවරුනි! ඒ නිසා සිහි පරීක්ෂාකාරී ව සිටින්න. භූපතිවරුනි! මෙයින් ගුරුකම් සිතට ගන්න. සමිඳුන් හට ගරුබියෙන් සේවය කරන්න
ගීතාවලිය 2:7-11 Sinhala New Revised Version 2018 (SNRV)
මම මේ දේව නියෝගය ප්රකාශ කරන්නෙමි; එතුමාණෝ මට කතා කොට, “නුඹ මාගේ පුත් කුමරු ය, අද මම ඔබේ පිය රජ වූයෙමි. නුඹ කැමැති දෙයක් මාගෙන් අයැදින්න. සකල ජාතීහු නුඹ උරුමය වන්නෝ ය; මුළු මහ පොළොව ද නුඹ සන්තක වන්නේ ය. නුඹ දරදඬු පාලනයකින් ඔවුන් සිඳබිඳ, මැටි බඳුනක් සේ සුණු විසුණු කර ඇතැ”යි වදාරන සේක. රජවරුනි! ඒ නිසා සිහි පරීක්ෂාකාරී ව සිටින්න. භූපතිවරුනි! මෙයින් ගුරුකම් සිතට ගන්න. සමිඳුන් හට ගරුබියෙන් සේවය කරන්න
ගීතාවලිය 2:7-11 New International Version (NIV)
I will proclaim the LORD’s decree: He said to me, “You are my son; today I have become your father. Ask me, and I will make the nations your inheritance, the ends of the earth your possession. You will break them with a rod of iron; you will dash them to pieces like pottery.” Therefore, you kings, be wise; be warned, you rulers of the earth. Serve the LORD with fear and celebrate his rule with trembling.