ගීතාවලිය 2:1-4
ගීතාවලිය 2:1-4 සිංහල කාලීන පරිවර්තනය (SCV)
කිමදෝ ජාතීන් උදහස් ව කුමන්ත්‍රණ කරන්නේ? ජනයා නිෂ්ඵල උපා යොදන්නේ? ස්වාමින්වහන්සේට ද උන්වහන්සේගේ අභිෂේක ලද්දාණන්ට ද එරෙහිව, පොළොවේ රජවරු සටනට සැරසෙති; පාලකයෝ එක් පිලකට රොක් වෙති. “ඔවුන්ගේ බැඳුම් අපි කඩා දමමු; විලංගු බිඳ ඔවුන්ගෙන් මිදෙමු” යි ඔවුහු කියති. ස්වර්ගවල සිහසුන දරනා, උතුමාණෝ සිනාසෙන්නාහ; සමිඳාණෝ ඔවුනට පරිහාස කරන්නාහ.
ගීතාවලිය 2:1-4 Sinhala Revised Old Version (SROV)
මනුෂ්‍ය ජාතීහු කුමට කෝලාහල කෙරෙද්ද? මනුෂ්‍ය වර්ගයෝ කුමට නිෂ්ඵල දෙයක් යෝජනාකෙරෙද්ද? ස්වාමීන්ට ද උන්වහන්සේගේ අභිෂේකලත් තැනැත්තාණන්ටද විරුද්ධව පොළොවේ රජවරු සැරසෙති, අධිපතියෝද එක්ව මන්ත්‍රණයකෙරෙති. අපි ඔවුන්ගේ බැමි කඩා දමා, ඔවුන්ගේ ලණු අප කෙරෙන් ඉවතලමුයයි කියති. ස්වර්ගයෙහි හිඳින තැනන්වහන්සේ සිනාසෙනසේක. ස්වාමීන්වහන්සේ ඔවුන්ට පරිහාසකරනසේක.
ගීතාවලිය 2:1-4 Sinhala New Revised Version (NRSV)
ජාතීන් විප්ලවයට සැරසෙනුයේ මන් ද? ජනතාවන් නිස්සාර කුමන්ත්‍රණ කරනුයේ මන් ද? සමිඳාණන්ට ද එතුමන්ගෙන් අබිසෙස් ලත් නිරිඳාණන්ට ද මහීපාලයෝ විරෝධී ව නැඟිට සිටින්නෝ ය; අධිපතිවරු එක් රැස් වී උපා යොදන්නෝ ය. අප හිර කර ඇති විලංගු බිඳදමමින්, යදම් කඩාදමමින් ‘අපි නිදහස ලබමු’යි ඔව්හු පවසන්නෝ ය. සගලොව සිහසුන් අරා වැඩ සිටින උත්තමයාණෝ සිනාසෙන සේක.
ගීතාවලිය 2:1-4 Sinhala New Revised Version 2018 (SNRV)
ජාතීන් විප්ලවයට සැරසෙනුයේ මන් ද? ජනතාවන් නිස්සාර කුමන්ත්‍රණ කරනුයේ මන් ද? සමිඳාණන්ට ද එතුමාණන්ගෙන් අබිසෙස් ලත් නිරිඳාණන්ට ද මහීපාලයෝ විරෝධී ව නැඟිට සිටින්නෝ ය; අධිපතිවරු එක් රැස් වී උපා යොදන්නෝ ය. අප හිර කර ඇති විලංගු බිඳදමමින්, යදම් කඩාදමමින් ‘අපි නිදහස ලබමු’යි ඔව්හු පවසන්නෝ ය. සගලොව සිහසුන් අරා වැඩ සිටින උත්තමයාණෝ සිනාසෙන සේක.
ගීතාවලිය 2:1-4 New International Version (NIV)
Why do the nations conspire and the peoples plot in vain? The kings of the earth rise up and the rulers band together against the LORD and against his anointed, saying, “Let us break their chains and throw off their shackles.” The One enthroned in heaven laughs; the Lord scoffs at them.