ගීතාවලිය 19:12-14
ගීතාවලිය 19:12-14 සිංහල කාලීන පරිවර්තනය (SCV)
තමාගේ ම වරද වටහා ගත හැක්කේ කවරකුට ද? මගේ රහස්-දෝෂවලට කමා වුව මැනව. උඩඟු ලෙස පව් කිරීමෙන් මා වැළැක්වුව මැනව, ඒවායේ පාලනයට මා නතු නො වේවා. එවිට මම නිදොස් කෙනකු වන්නෙමි. මහත් අපරාධයෙන් නිදොස් වන්නෙමි. අහෝ ස්වාමින්වහන්ස, මගේ පර්වතයාණෙනි, මගේ මිදුම්කරුවාණනි, මගේ මුවෙහි වචන ද මගේ හදෙහි භාවනා ද ඔබට ප්රසන්න වේවා!
ගීතාවලිය 19:12-14 Sinhala Revised Old Version (SROV)
ස්වකීය වැරදි දැනගත හැකි කාටද? නොදන්නා වරදවලින් මා නිදොස් කළ මැනව. එඩිතරව පව්කිරීමෙන් ඔබගේ මෙහෙකරුවා වැලැක්වුව මැනව; ඒවා මා කෙරෙහි අධිපතිකම් නොකෙරේවා. එවිට මම නිර්දෝෂ වන්නෙමි, මහත් අපරාධයෙන් නිදොස්වන්නෙමි. මාගේ පර්වතයද මිදුම්කාරද වූ ස්වාමිනි, මාගේ මුඛයෙහි වචන හා සිතෙහි භාවනාද ඔබ ඉදිරියෙහි පිළිගැන්මට සුදුසු වේවා.
ගීතාවලිය 19:12-14 Sinhala New Revised Version (NRSV)
මාගේ රහස් වැරදි දන්නෝ කවුරු ද? නොදැන මා කළ පව් සෝදා හළ මැනව. උඩඟුකමේ පාපයෙන් මා වැළැක්වුව මැනව. එහි බලපෑමට මම යටත් නොවෙම්වා. එවිට මම දරුණු පවින් නිදහස් වී, නිදොස් කෙනෙක් වන්නෙමි. මාගේ පර්වතය ද මාගේ මිදුම්කරු ද වන සමිඳුනි, මා මුවේ වචන ද මා සිතෙහි භාවනා ද ඔබ හට ප්රිය මනාප වේ වා!
ගීතාවලිය 19:12-14 Sinhala New Revised Version 2018 (SNRV)
මාගේ රහස් වැරදි දන්නෝ කවුරු ද? නොදැන මා කළ පව් සෝදා හළ මැනව. උඩඟුකමේ පාපයෙන් මා වැළැක්වුව මැනව. එහි බලපෑමට මම යටත් නොවෙම්වා. එවිට මම දරුණු පවින් නිදහස් වී, නිදොස් කෙනෙක් වන්නෙමි. මාගේ පර්වතය ද මාගේ මිදුම්කරු ද වන සමිඳුනි, මා මුවේ වචන ද මා සිතෙහි භාවනා ද ඔබ හට ප්රිය මනාප වේ වා!
ගීතාවලිය 19:12-14 New International Version (NIV)
But who can discern their own errors? Forgive my hidden faults. Keep your servant also from willful sins; may they not rule over me. Then I will be blameless, innocent of great transgression. May these words of my mouth and this meditation of my heart be pleasing in your sight, LORD, my Rock and my Redeemer.