ගීතාවලිය 19:1-3
ගීතාවලිය 19:1-3 සිංහල කාලීන පරිවර්තනය (SCV)
අහස, දෙවියන්වහන්සේගේ මහිමය ප්රකාශ කරයි; උන්වහන්සේගේ දෑතේ වැඩ විදහා දක්වන්නේ, ගුවනයි. දවසක් නෑර ඊළඟ දවසට ඒ ගැන පවසයි; රැයකින්, රැයකට නිරතුරු ඒ දැනගැන්ම බෙදයි. ඔවුන්ගේ කතාවට වදනක්, බසක්, ඇසෙනා කටහඬක් නැත.
ගීතාවලිය 19:1-3 Sinhala Revised Old Version (SROV)
අහස දෙවියන්වහන්සේගේ මහිමය ප්රකාශකරයි; ගුවන්තලය උන්වහන්සේගේ හස්ත කර්මාන්තය දක්වයි. දවාල දවාලට කථාකරයි, රාත්රිය රාත්රියට ඥානය දක්වයි. කථාවක්වත් වචනයක්වත් නැත; ඒවායේ ශබ්දය නොඇසෙයි.
ගීතාවලිය 19:1-3 Sinhala New Revised Version (NRSV)
අහස් තලය දෙවි මහිමය ප්රකාශ කරන්නේ ය; ගුවන් තලය එතුමන්ගේ අත්කම් විදහා පාන්නේ ය. එක් දිනක් තව දිනකට මෙපුවත කියන්නේ ය; එක් රැයක් තව රැයකට එය ම පවසන්නේ ය. කතාවක්, වදනක්, කිසියම් හඬක් ඇසෙන්නේ නැති වුව ද ඒ පණිවුඩය ලොව පුරා පැතිරී යන්නේ ය.
ගීතාවලිය 19:1-3 Sinhala New Revised Version 2018 (SNRV)
අහස් තලය දෙවි මහිමය ප්රකාශ කරන්නේ ය; ගුවන් තලය එතුමාණන්ගේ අත්කම් විදහා පාන්නේ ය. එක් දිනක් තව දිනකට මෙපුවත කියන්නේ ය; එක් රැයක් තව රැයකට එය ම පවසන්නේ ය. කතාවක්, වදනක්, කිසියම් හඬක් ඇසෙන්නේ නැති වුව ද ඒ පණිවුඩය ලොව පුරා පැතිරී යන්නේ ය.
ගීතාවලිය 19:1-3 New International Version (NIV)
The heavens declare the glory of God; the skies proclaim the work of his hands. Day after day they pour forth speech; night after night they reveal knowledge. They have no speech, they use no words; no sound is heard from them.