ගීතාවලිය 18:7-18
ගීතාවලිය 18:7-18 සිංහල කාලීන පරිවර්තනය (SCV)
එවිට, භූමිය වෙවුලා, කම්පන විය; කඳුවල අත්තිවාරම් ද සෙලවිණ; ඒවා සැලී-වෙවුලා ගියේ, උන්වහන්සේ උරණ වූ නිසා ය. උන්වහන්සේගේ නාස් පුඩුවලින් දූම-වලා නැංගේ ය; උන්වහන්සේගේ මුවින් විනාශකාරී ගින්දර පිට පැන්නේ ය; දැවෙන අඟුරු එයින් ඇවිළ ගියේ ය. උන්වහන්සේ ස්වර්ගය විවර කර පහළට බැස ආ සේක; උන්වහන්සේගේ පා යටින් වූයේ ගන කළුවර ය; උන්වහන්සේ කෙරුබ් පිට නැගී පියාසර කළ සේක්, සුළඟේ පියාපත් පිට සීඝ්‍රයෙන් වැඩිය සේක. අහසේ අඳුරු වැහි-වලා අන්ධකාරය උන්වහන්සේ තමන්ට ආවරණයක්, තමා වටා උඩු වියනක් කර ගත් සේක. උන්වහන්සේ අබිමුවෙහි වූ දීප්තිය වෙතින් වලාකුළු ඇදී ගියේ ගල් වැහි ද ගිනි අඟුරු ද සමඟිනි. ස්වාමින්වහන්සේ අහසේ සිට ගර්ජනා කළ සේක; මහෝත්තමයාණන්ගේ කටහඬ ගිගුරුම් දුනි; ගල් වැහි ද ගිනි අඟුරු ද නික්මිණ. උන්වහන්සේ තම හී ගස් විද, සතුරන් විසුරූ සේක. මහ විදුලි අකුණු යවා, ඔවුන් පරදා ලූ සේක. අහෝ ස්වාමින්වහන්ස, ඔබගේ තරවටුවෙන්, ඔබගේ නාස් පුඩුවල හුස්ම පහරින්, සාගර පත්ල පෙනෙන්නට විණ; පොළොවේ අත්තිවාරම් ද නිරාවරණ විය. උන්වහන්සේ උස් තැන්හි සිට මා අල්ලා ගත් සේක්, ජලයේ ගැඹුරින් පිටතට මා ඇදගත් සේක. මගේ බලවත් සතුරාගෙන් උන්වහන්සේ මා මිදූ සේක; මට වඩා අතිශය ප්‍රබල මගේ එදිරිවාදීන්ගෙන් මා මිදූ සේක. මගේ විපත්ති දවසේ ඔවුහු මට විරුද්ධ ව පැමිණියහ; එහෙත්, ස්වාමින්වහන්සේ මගේ ආධාරය වූ සේක.
ගීතාවලිය 18:7-18 Sinhala Revised Old Version (SROV)
එවිට පොළොව සෙලවී කම්පාවූවාය, කඳුවල අත්තිවාරම්ද දෙදරා සෙලවුණේය, මක්නිසාද උන්වහන්සේ උදහස්වූසේක. උන්වහන්සේගේ නාස්පුටවලින් දුමක් නැංගේය, උන්වහන්සේගේ මුඛයෙන් ගිනි නික්ම විනාශකෙළේය. එයින් අඟුරු ඇවිළගත්තේය. උන්වහන්සේ අහස නමාගන බැස්සසේක; උන්වහන්සේගේ පාද යට ඝනාන්ධකාරය විය. උන්වහන්සේ කෙරුබයෙක් පිට නැඟී පියාසරකළසේක, එසේය, උන්වහන්සේ සුළඟ නමැති පියාපත් මතුයෙහි වේගයෙන් ගමන්කළසේක. උන්වහන්සේ අන්ධකාරය තමන්ට ආවරණයක්ද, ජලධාරාවල අන්ධකාරය සහ ආකාශ ඝන වලාකුල් තමන් වටකොට මණ්ඩපයක්ද කරගත්සේක. උන්වහන්සේ ඉදිරියෙහිවූ දීප්තිය නිසා උන්වහන්සේගේ ඝන වලාකුල් පහව ගියේය; ගල්වැසිද ගිනි අඟුරුද විය. ස්වාමීන්වහන්සේ අහසෙහි ගර්ජනා කළසේක, මහෝත්තමයාණෝද තමන් හඬ නිකුත්කළසේක; ගල්වැසිද ගිනි අඟුරුද විය. උන්වහන්සේ තමන් ඊගස් විද ඔවුන් විසිරවූසේක; එසේය, බොහෝ විදුළි එවා ඔවුන් පරාජයකළසේක. එවිට ස්වාමිනි, ඔබගේ තරවටුකිරීමෙන්ද ඔබගේ නාසා වාත වේගයෙන්ද ජල පාරවල් ප්‍රකාශවුණේය, ලෝකයේ අත්තිවාරම්ද ප්‍රකාශවිය. උන්වහන්සේ උඩින් අත පොවා මා අල්වාගත්සේක; බොහෝ ජලධාරාවලින් මා ඇදගත්සේක. උන්වහන්සේ මාගේ බලවත් සතුරාගෙන්ද මට වෛරවූවන්ගෙන්ද මා මුදාගත්සේක, මක්නිසාද ඔව්හු මට වඩා බලසම්පන්න වූය. මගේ විපත්ති දවසේදී ඔව්හු මට විරුද්ධව ආවෝය. නුමුත් ස්වාමීන්වහන්සේ මට ආධාරවූසේක.
ගීතාවලිය 18:7-18 Sinhala New Revised Version (NRSV)
එවිට මිහිකත සෙලවී කම්පා වූවා ය; කඳුවල පදනම් දෙදරා සෙලවුණේ ය; මන්ද, එතුමාණෝ උදහස් වූ සේක. එතුමාණන්ගේ නාස්පුඩුවලින් දුම් වලා නැඟිණි; මුවින් අග්නි ජාලා නික්ම සියල්ල දවා දැමී ය. එතුමාණෝ අහස නමාගෙන පහළ වූ සේක. එතුමන්ගේ පා යට ගන’ඳුර පැවතිණි. එතුමාණෝ දිව්‍ය රථය අරා යාත්‍රා කළ සේක; මාරුතය නමැති පියාපත් විදහා වේගයෙන් වැඩිය සේක. එතුමාණෝ අඳුර තමන්ට පොරෝනාවක් කරගත් සේක; වැහි වලා පටල තමන්ට මණ්ඩපයක් කරගත් සේක. එතුමාණන් වෙත වූ උද්දීප්තියෙන් ඝන වලාකුළු ද ගල් වැසි හා ගිනි අඟුරු ද නික්මිණි. සමිඳාණෝ අහස් කුසෙහි ගිගුරුම් දුන් සේක. මහෝත්තමයාණෝ සිය හඬ නික්මවූ සේක. එවිට ගල් වැසි හා ගිනි අඟුරු නික්මිණි. එතුමාණෝ සිය ඊතල විද සතුරන් දස දෙස යැවූ සේක; විදුලි සැර එවා ඔවුන් පරාජය කළ සේක. සමිඳුනි, ඔබේ තරවටු කිරීමෙන් ද ඔබේ නාසයේ හුස්මේ වේගයෙන් ද සත් සමුදුර හෙළි පෙහෙළි විය. එතුමාණෝ ඉහළින් අත පොවා, මා අල්ලාගත් සේක; ගැඹුරු ජලධාරාවලින් මා ඇදගත් සේක. එතුමාණෝ මාගේ බලවත් සතුරන්ගෙන් ද එදිරිකාරයන්ගෙන් ද මා මුදාගත් සේක. එසේ කෙළේ, ඔවුන් මට වඩා බලසම්පන්න බැවිනි. මාගේ විපත්ති කාලයේ දී ඔව්හු මට විරුද්ධ ව නැඟී ආහ; එහෙත්, සමිඳාණෝ මට සරණ වූ සේක.
ගීතාවලිය 18:7-18 Sinhala New Revised Version 2018 (SNRV)
එවිට මිහිකත සෙලවී කම්පා වූවා ය; කඳුවල පදනම් දෙදරා සෙලවුණේ ය; මන්ද, එතුමාණෝ උදහස් වූ සේක. එතුමාණන්ගේ නාස්පුඩුවලින් දුම් වලා නැඟිණි; මුවින් අග්නි ජාලා නික්ම සියල්ල දවා දැමී ය. එතුමාණෝ අහස නමාගෙන පහළ වූ සේක. එතුමාණන්ගේ පා යට ගන’ඳුර පැවතිණි. එතුමාණෝ දිව්‍ය රථය අරා යාත්‍රා කළ සේක; මාරුතය නමැති පියාපත් විදහා වේගයෙන් වැඩිය සේක. එතුමාණෝ අඳුර තමන්ට පොරෝනාවක් කරගත් සේක; වැහි වලා පටල තමන්ට මණ්ඩපයක් කරගත් සේක. එතුමාණන් වෙත වූ උද්දීප්තියෙන් ඝන වලාකුළු ද ගල් වැසි හා ගිනි අඟුරු ද නික්මිණි. සමිඳාණෝ අහස් කුසෙහි ගිගුරුම් දුන් සේක. මහෝත්තමයාණෝ සිය හඬ නික්මවූ සේක. එවිට ගල් වැසි හා ගිනි අඟුරු නික්මිණි. එතුමාණෝ සිය ඊතල විද සතුරන් දස දෙස යැවූ සේක; විදුලි සැර එවා ඔවුන් පරාජය කළ සේක. සමිඳුනි, ඔබේ තරවටු කිරීමෙන් ද ඔබේ නාසයේ හුස්මේ වේගයෙන් ද සත් සමුදුර හෙළි පෙහෙළි විය. එතුමාණෝ ඉහළින් අත පොවා, මා අල්ලාගත් සේක; ගැඹුරු ජලධාරාවලින් මා ඇදගත් සේක. එතුමාණෝ මාගේ බලවත් සතුරන්ගෙන් ද එදිරිකාරයන්ගෙන් ද මා මුදාගත් සේක. එසේ කෙළේ, ඔවුන් මට වඩා බලසම්පන්න බැවිනි. මාගේ විපත්ති කාලයේ දී ඔව්හු මට විරුද්ධ ව නැඟී ආහ; එහෙත්, සමිඳාණෝ මට සරණ වූ සේක.
ගීතාවලිය 18:7-18 New International Version (NIV)
The earth trembled and quaked, and the foundations of the mountains shook; they trembled because he was angry. Smoke rose from his nostrils; consuming fire came from his mouth, burning coals blazed out of it. He parted the heavens and came down; dark clouds were under his feet. He mounted the cherubim and flew; he soared on the wings of the wind. He made darkness his covering, his canopy around him— the dark rain clouds of the sky. Out of the brightness of his presence clouds advanced, with hailstones and bolts of lightning. The LORD thundered from heaven; the voice of the Most High resounded. He shot his arrows and scattered the enemy, with great bolts of lightning he routed them. The valleys of the sea were exposed and the foundations of the earth laid bare at your rebuke, LORD, at the blast of breath from your nostrils. He reached down from on high and took hold of me; he drew me out of deep waters. He rescued me from my powerful enemy, from my foes, who were too strong for me. They confronted me in the day of my disaster, but the LORD was my support.