ගීතාවලිය 18:35-50 - Compare All Versions

ගීතාවලිය 18:35-50 SCV (සිංහල කාලීන පරිවර්තනය)

ඔබ මට ගැලවීමේ පලිහ දෙන සේක. ඔබගේ සුරත මා උසුලා සිටියි. ඔබගේ මෘදුකම මා උසස් කර ඇත. මා ගමන් ගන්නා අඩි පාර ඔබ පුළුල් කළ සේක. එබැවින් මගේ පාද නො ලිස්සී ය. මම මගේ සතුරන් ලුහුබැඳ, ඔවුන් අල්ලා ගතිමි; ඔවුන් වනසා දැමෙන තුරු මම ආපසු නො හැරුණෙමි. නැගිටින්නට නො හැකි වන ලෙස මම ඔවුන් පොඩිකර දැමීමි; මගේ පා යට ඔවුහු වැටී ගියහ. යුද්ධයට ශක්තියෙන් මා සන්නද්ධ කළ ඔබවහන්සේ, මගේ එදිරිවාදීන් මගේ පයට යටවන්නට සැලසූ සේක. ඔබවහන්සේ මගේ සතුරන් හැරී පලා යන්නට සැලසූ සේක. මම මගේ එදිරිවාදීන් වනසා දැමීමි. ඔවුහු උදවු ඉල්ලා කෑ මොර දුන්හ; එහෙත් ඔවුන් ගලවන්නට කෙනකු නො වී ය. ඔවුන් ස්වාමින්වහන්සේට මොර ගැසූ නමුදු උන්වහන්සේ උත්තර නුදුන් සේක. සුළඟේ ගසා ගෙන යන ධූලි බවට පත් වන සේ මම ඔවුන් තළා දැමීමි. වීදිවල මඩ මෙන් මම ඔවුන් පාගා දැමීමි. ජනතාවගේ විරෝධතාවලින් ඔබ මා මුදා ලූ සේක; ජාතීන්ගේ හිස බවට ඔබ මා පත් කළ සේක. මා නො හැඳින සිටි ජනයා මට සේවය කරති. මා ගැන ඇසූ විගස ඔවුහු මට කීකරු වෙති. විදේශීහු මා ඉදිරියෙහි බැගෑපත් වෙති. දිරිය බිඳී ගිය විදේශීහු සැවොම වෙවුල වෙවුලා තම බළකොටුවලින් පිටතට එති. ස්වාමින්වහන්සේ ජීවත් වන්නාහ! මගේ පර්වතයාණන්ට පැසසුම් වේවා! මගේ ගැලවුම්කාර දෙවියන්වහන්සේ උසස් වේවා! මා උදෙසා පළි ගන්නා දෙවියන්වහන්සේ උන්වහන්සේ ය. උන්වහන්සේ ජාතීන් මට යටත් කරන සේක; මගේ සතුරන්ගෙන් මා ආරක්ෂා කරන්නේ උන්වහන්සේ ය. මගේ එදිරිවාදීන්ට ඉහළින් මා උසස් කළ සේක. සැහැසි මිනිසුන්ගෙන් ඔබවහන්සේ මා බේරූ සේක. එබැවින් අහෝ ස්වාමින්වහන්ස, ජාතීන් අතරේ මම ඔබ පසසමි. ඔබේ නමට මම පැසසුම් ගී ගයන්නෙමි. උන්වහන්සේ තම රජ්ජුරුවන්ට මහා ජයග්‍රහණ දෙන සේක. උන්වහන්සේ තම අභිෂේක ලද්දාණන් වන දාවිත්ට හා ඔහුගේ වංශයට සදාතනික නොමියෙන පෙමක් පානා සේක.

බෙදාගන්න
ගීතාවලිය 18 SCV

ගීතාවලිය 18:35-50 SROV (Sinhala Revised Old Version)

තවද ඔබගේ ගැළවීම නමැති පලිහ ඔබ මට දුන්සේක. ඔබගේ දකුණත මා දැරුවේය, ඔබගේ මෘදුකම මා උසස්කෙළේය. ඔබ මාගේ අඩිපාර පළල්කළසේක, මාගේ පාදයෝද නොලිස්සුවෝය. මාගේ සතුරන් ලුහුබැඳ අල්ලාගන්නෙමි. ඔවුන් විනාශවෙන තුරු හැරී නොඑන්නෙමි. නැගිටින්ට බැරිවන ලෙස ඔවුන්ට පහරදෙන්නෙමි. ඔව්හු මාගේ පාද යට වැටෙන්නාහුය. මක්නිසාද ඔබ මාගේ ඉණ බලයෙන් සැරසූසේක. මට විරුද්ධව නැගුටුණු අය ඔබ මා යටතේ මැඩපැවැත්වූසේක. මාගේ වෛරකාරයන් මා විසින් සිඳිනු ලබන පිණිස ඔබ මාගේ සතුරන් මට පිටුපාන්ට සැලැස්සූසේක. ඔව්හු මොරගැසුවෝය, නුමුත් ගළවන්ට කිසිවෙක් නොවීය. ස්වාමීන්ට මොරගැසුවෝය, නුමුත් උන්වහන්සේ ඔවුන්ට උත්තර නුදුන්සේක. ඒකල මම සුළඟ ඉදිරියෙහි ධූලි මෙන් ඔවුන් සුණු කෙළෙමි. වීථිවල මඩ මෙන් ඔවුන් වීසි කෙළෙමි ඔබ සෙනඟගේ විවාදවලින් මා මුදා ගත්සේක; ඔබ මා ජාතීන්ගේ ප්‍රධානියා කළසේක. මා විසින් ඇඳින නොගත් සෙනඟක් මට මෙහෙකරන්නේය. ඔව්හු මා ගැන ඇසූ කෙණෙහිම මට කීකරුවන්නාහුය. විදේශීහු මට යටත්වන්නාහුය. විදේශීහු මලානිකව, තමන් සැඟවී හුන් තැන්වලින් වෙවුලමින් පිටත එන්නෝය. ස්වාමීන්වහන්සේ ජීවත්වනසේක; මාගේ පර්වතයවූ උන්වහන්සේට ප්‍රශංසාවේවා; මාගේ ගැළවීමේ දෙවියන්වහන්සේ උසස්වනසේක්වා. උන්වහන්සේ වනාහි මා උදෙසා පළිගන්නාවූ, ජාතීන් මට යටත්කරදෙන්නාවූ දෙවියන්වහන්සේය. උන්වහන්සේ මාගේ සතුරන්ගෙන් මා මුදාගන්නාසේක. එසේය, මට විරුද්ධව නැගිටින්නන්ට වඩා ඔබ මා උසස්කරනසේක. බලාත්කාරකරන්නාගෙන් මා ගළවාගන්නසේක. එබැවින් ස්වාමිනි, ජාතීන් අතරේ ඔබට ස්තුතිකරන්නෙමි, ඔබගේ නාමයට ප්‍රශංසා ගී කියන්නෙමි. උන්වහන්සේ තමන් රජහට මහත් ගැළවීම දෙනසේක; තමන්ගේ අභිෂේකලත් තැනැත්තා වන දාවිත්ටත් ඔහුගේ වංශයටත් සදාකල් කරුණාව පෙන්වනසේක.

බෙදාගන්න
ගීතාවලිය 18 SROV

ගීතාවලිය 18:35-50 NRSV (Sinhala New Revised Version)

ගැළවීමේ පලිහ ඔබ මට දුන් සේක. ඔබේ දකුණත මාගේ අනුග්‍රහය විය. ඔබේ පිහිට මා උසස් කෙළේ ය. ඔබ මා යන මඟ පළල් කළ සේක; මාගේ දෙපා ස්ථිර ව පිහිටිණි. මාගේ සතුරන් ලුහුබැඳ අල්ලාගනිමි; ඔවුන් වනසා මිස ආපසු නොහැරෙමි. යළි නොනැඟිටින පරිදි ඔවුන්ට පහර දෙමි. ඔව්හු මා පා සෙවණෙහි වැටෙති. සටනට ඔබ මාගේ ඉඟටිය බලයෙන් පළඳවන සේක; මට විරුද්ධ ව නැඟුණු අය ඔබ මා යටතෙහි මැඩලන සේක. මාගේ වෛරක්කාරය‍න් මා විසින් සිඳලනු ලබන පිණිස, මාගේ සතුරන් මට පිටු පාන්නට සලසන සේක. ඔව්හු පිහිට සොයා මොරගසති. එහෙත්, ඔවුන්ට ගැළවුම්කාරයෙක් නැත. සමිඳුන්ට මොරගසති; එහෙත්, එතුමාණන්ගෙන් පිළිතුරක් නැත. එවිට මම සුළඟෙහි පාවෙන දූවිල්ල මෙන් ඔවුන් සුණු විසුණු කරමි; වීදිවල මඩ මෙන් ඔවුන් පයින් පාගාදමමි. ඔබ ජනතාවගේ උද්ඝෝෂණවලින් මා මුදාගන්න සේක; මා ජාතීන්ගේ නායකයා කරන සේක. මා පෙර දැන නොසිටි සෙනඟක් මට සේවය කරති. මා ගැන ඇසූ කෙණෙහි ම ඔව්හු මට කීකරු වන්නෝ ය; විදේශීහු බැගෑපත් ලීලාවෙන් මා සොයා එන්නාහ. විදේශීහු මට අවනත වන්නෝ ය; සිය බලකොටුවලින් වෙවුල වෙවුලා පිටතට එන්නෝ ය. සමිඳාණෝ සැරදෙත් වා! මාගේ ප්‍රාකාරය වන එතුමන්ට පැසසුම් වේ වා! මාගේ විමුක්තිදායකයාණෝ අන් හැමට පරමෝත්තම වන සේක. එතුමාණෝ වනාහි මා වෙනුවෙන් පළිගන්න, ජාතීන් මට යටත් කර දෙන දෙවිඳාණෝ ය. එතුමාණෝ මාගේ සතුරන්ගෙන් මා මුදන සේක; මට විරුද්ධ ව නැඟිටිනවුන්ට ඉහළින් ඔබ මා පිහිටුවන සේක. ප්‍රචණ්ඩකාරීන්ගෙන් මා මුදන සේක. එබැවින් සමිඳුනි, මම විජාතීන් අතර ඔබට පැසසුම් පුදමි; ඔබේ නමට තුති ගී ගයන්නෙමි. එතුමාණෝ සිය රජුට ජය සිරි දෙන සේක; තමන් අතින් අබිසෙස් ලත් දාවිත් රජුට ද ඔහුගේ වංශයට ද සදහට ම කරුණා කරන සේක.

බෙදාගන්න
ගීතාවලිය 18 NRSV

ගීතාවලිය 18:35-50 SNRV (Sinhala New Revised Version 2018)

ගැළවීමේ පලිහ ඔබ මට දුන් සේක. ඔබේ දකුණත මාගේ අනුග්‍රහය විය. ඔබේ පිහිට මා උසස් කෙළේ ය. ඔබ මා යන මඟ පළල් කළ සේක; මාගේ දෙපා ස්ථිර ව පිහිටිණි. මාගේ සතුරන් ලුහුබැඳ අල්ලාගනිමි; ඔවුන් වනසා මිස ආපසු නොහැරෙමි. යළි නොනැඟිටින පරිදි ඔවුන්ට පහර දෙමි. ඔව්හු මා පා සෙවණෙහි වැටෙති. සටනට ඔබ මාගේ ඉඟටිය බලයෙන් පළඳවන සේක; මට විරුද්ධ ව නැඟුණු අය ඔබ මා යටතෙහි මැඩලන සේක. මාගේ වෛරක්කාරය‍න් මා විසින් සිඳලනු ලබන පිණිස, මාගේ සතුරන් මට පිටු පාන්නට සලසන සේක. ඔව්හු පිහිට සොයා මොරගසති. එහෙත්, ඔවුන්ට ගැළවුම්කාරයෙක් නැත. සමිඳුන්ට මොරගසති; එහෙත්, එතුමාණන්ගෙන් පිළිතුරක් නැත. එවිට මම සුළඟෙහි පාවෙන දූවිල්ල මෙන් ඔවුන් සුණු විසුණු කරමි; වීදිවල මඩ මෙන් ඔවුන් පයින් පාගාදමමි. ඔබ ජනතාවගේ උද්ඝෝෂණවලින් මා මුදාගන්න සේක; මා ජාතීන්ගේ නායකයා කරන සේක. මා පෙර දැන නොසිටි සෙනඟක් මට සේවය කරති. මා ගැන ඇසූ කෙණෙහි ම ඔව්හු මට කීකරු වන්නෝ ය; විදේශීහු බැගෑපත් ලීලාවෙන් මා සොයා එන්නාහ. විදේශීහු මට අවනත වන්නෝ ය; සිය බලකොටුවලින් වෙවුල වෙවුලා පිටතට එන්නෝ ය. සමිඳාණෝ සැරදෙත් වා! මාගේ ප්‍රාකාරය වන එතුමාණන්ට පැසසුම් වේ වා! මාගේ විමුක්තිදායකයාණෝ අන් හැමට පරමෝත්තම වන සේක. එතුමාණෝ වනාහි මා වෙනුවෙන් පළිගන්න, ජාතීන් මට යටත් කර දෙන දෙවිඳාණෝ ය. එතුමාණෝ මාගේ සතුරන්ගෙන් මා මුදන සේක; මට විරුද්ධ ව නැඟිටිනවුන්ට ඉහළින් ඔබ මා පිහිටුවන සේක. ප්‍රචණ්ඩකාරීන්ගෙන් මා මුදන සේක. එබැවින් සමිඳුනි, මම විජාතීන් අතර ඔබට පැසසුම් පුදමි; ඔබේ නමට තුති ගී ගයන්නෙමි. එතුමාණෝ සිය රජුට ජය සිරි දෙන සේක; තමන් අතින් අබිසෙස් ලත් දාවිත් රජුට ද ඔහුගේ වංශයට ද සදහට ම කරුණා කරන සේක.

බෙදාගන්න
ගීතාවලිය 18 SNRV

ගීතාවලිය 18:35-50 NIV (New International Version)

You make your saving help my shield, and your right hand sustains me; your help has made me great. You provide a broad path for my feet, so that my ankles do not give way. I pursued my enemies and overtook them; I did not turn back till they were destroyed. I crushed them so that they could not rise; they fell beneath my feet. You armed me with strength for battle; you humbled my adversaries before me. You made my enemies turn their backs in flight, and I destroyed my foes. They cried for help, but there was no one to save them— to the LORD, but he did not answer. I beat them as fine as windblown dust; I trampled them like mud in the streets. You have delivered me from the attacks of the people; you have made me the head of nations. People I did not know now serve me, foreigners cower before me; as soon as they hear of me, they obey me. They all lose heart; they come trembling from their strongholds. The LORD lives! Praise be to my Rock! Exalted be God my Savior! He is the God who avenges me, who subdues nations under me, who saves me from my enemies. You exalted me above my foes; from a violent man you rescued me. Therefore I will praise you, LORD, among the nations; I will sing the praises of your name. He gives his king great victories; he shows unfailing love to his anointed, to David and to his descendants forever.

බෙදාගන්න
ගීතාවලිය 18 NIV