ගීතාවලිය 18:1-2
ගීතාවලිය 18:1-2 සිංහල කාලීන පරිවර්තනය (SCV)
මම ඔබට ප්‍රේම කරමි, අහෝ මගේ ශක්තිය වන ස්වාමින්වහන්ස, ස්වාමින්වහන්සේ මගේ පර්වතය ය; මගේ බළකොටුව ය; මගේ මිදුම්කරුවාණෝ ය. මා පිළිසරණ ලබන මගේ පර්වතය ය, මගේ දෙවියන්වහන්සේ ය. උන්වහන්සේ මගේ පලිහ ය; මගේ ගැලවීමේ අඟ ය; මගේ සැඟවුම් පොළ ය.
ගීතාවලිය 18:1-2 Sinhala Revised Old Version (SROV)
මාගේ ශක්තියවූ ස්වාමිනි, ඔබට ප්‍රේමකරමි. ස්වාමීන්වහන්සේ මාගේ පර්වතයය, මාගේ බලකොටුවය, මාගේ මිදුම්කාරයාණෝය; මාගේ දෙවියන්වහන්සේය, මාගේ ශක්තිමත් පර්වතයය, උන්වහන්සේ සරණ කොට ගන්නෙමි; උන්වහන්සේ මාගේ පලිහය, මාගේ ගැළවීමේ අඟය, මාගේ උස් කොටුවය.
ගීතාවලිය 18:1-2 Sinhala New Revised Version (NRSV)
මාගේ සවි ශක්තිය වන සමිඳුනි, මම ඔබට ප්‍රේම කරමි; සමිඳාණෝ මාගේ පර්වතය ය; බලකොටුව ය; මිදුම්කාරයාණෝ ය. ඔබ මා දෙවිඳාණෝ ය; පර්වතය ය. මම ඔබ සරණකොට ගනිමි. ඔබ මට පලිහ ය; ගැළවීමේ බලය ය; උස් කොටු පවුර ය.
ගීතාවලිය 18:1-2 Sinhala New Revised Version 2018 (SNRV)
මාගේ සවි ශක්තිය වන සමිඳාණන් වහන්ස, මම ඔබට ප්‍රේම කරමි; සමිඳාණෝ මාගේ පර්වතය ය; බලකොටුව ය; මිදුම්කාරයාණෝ ය. ඔබ මා දෙවිඳාණෝ ය; පර්වතය ය. මම ඔබ සරණකොට ගනිමි. ඔබ මට පලිහ ය; ගැළවීමේ බලය ය; උස් කොටු පවුර ය.
