ගීතාවලිය 15:1-3
ගීතාවලිය 15:1-3 සිංහල කාලීන පරිවර්තනය (SCV)
අහෝ ස්වාමින්වහන්ස, ඔබගේ ශුද්ධ කූඩාරමේ නැවතී සිටින්නේ කවුරු ද? ඔබගේ ශුද්ධ කන්දේ වාසය කරනු ඇත්තේ කවුරු ද? නිදොස්කමින් හැසිරෙන්නා ය; දමිටු දේ ම කරන්නා ය; මුළු හදින් ඇත්ත කතා කරන්නා ය; තම දිවෙන් නින්දා අපහාස නො කරන්නා ය; තම අසල්වැසියාට වරද නො කරන්නා ය. තම සගයාට එරෙහිව අවලාද නො නගන්නා ය
ගීතාවලිය 15:1-3 Sinhala Revised Old Version (SROV)
ස්වාමිනි, ඔබගේ මණ්ඩපයෙහි සිටින්නේ කවුද? ඔබගේ පිරිසිදු කන්දේ වසන්නේ කවුද? අවංකලෙස හැසිරෙන්නාවූ, ධර්මිෂ්ඨකම් කරන්නාවූ, සිතින් සැබෑව කියන්නාවූ තැනැත්තේය. ඔහු තමාගේ දිවෙන් කේලාම් නොකියයි, තමාගේ මිත්රයාට නපුර නොකරයි, තමාගේ අසල්වාසියාට විරුද්ධව නින්දා බසක් පතළ නොකරයි.
ගීතාවලිය 15:1-3 Sinhala New Revised Version (NRSV)
සමිඳුනි, ඔබේ දෙව් මැදුරෙහි කවරෙකුට සිටිය හැක්කේ ද? ඔබේ ශුද්ධ කන්දේ කවරෙකුට විසිය හැක්කේ ද? නිදොස් ලෙස කල් යවන, දැහැමි ලෙස වැඩ කරන, අවංක වදන් පවසන තැනැත්තාට ය. ගතු කේළාම් නොකියන, මිතුරාට නපුර නොකරන, අසල්වැසියාට එරෙහි ව කට කතා නොපතුරන තැනැත්තාට ය.
ගීතාවලිය 15:1-3 Sinhala New Revised Version 2018 (SNRV)
සමිඳාණන් වහන්ස, ඔබේ දෙව් මැදුරෙහි කවරෙකුට සිටිය හැක්කේ ද? ඔබේ ශුද්ධ කන්දේ කවරෙකුට විසිය හැක්කේ ද? නිදොස් ලෙස කල් යවන, දැහැමි ලෙස වැඩ කරන, අවංක වදන් පවසන තැනැත්තාට ය. ගතු කේළාම් නොකියන, මිතුරාට නපුර නොකරන, අසල්වැසියාට එරෙහි ව කට කතා නොපතුරන තැනැත්තාට ය.
ගීතාවලිය 15:1-3 New International Version (NIV)
LORD, who may dwell in your sacred tent? Who may live on your holy mountain? The one whose walk is blameless, who does what is righteous, who speaks the truth from their heart; whose tongue utters no slander, who does no wrong to a neighbor, and casts no slur on others