ගීතාවලිය 149:3-6 - Compare All Versions

ගීතාවලිය 149:3-6 SCV (සිංහල කාලීන පරිවර්තනය)

කිකිණි රබන් ගසා, වීණා වයා උන්වහන්සේට සංගීත නංවමින්, ඔවුහු නටමින්, උන්වහන්සේගේ නාමයට ප්‍රශංසා කරත්වා! මන්ද ස්වාමින්වහන්සේ ස්වකීය ජනයා ගැන ප්‍රමෝද වන සේක; උන්වහන්සේ යටහතුන් ගැලවීමෙන් සරසවන සේක. මෙම ගෞරවයෙන් යුතු ව විශ්වාසිකයෝ ප්‍රීතිමත් වෙත්වා; තම යහන්වලදී පවා ඔවුහු සතුටින් ගී ගයත්වා. ඔවුන්ගේ මුවේ, දෙවියන්වහන්සේගේ උතුම් ප්‍රශංසා ද ඔවුන්ගේ අත්වල, දෙමුවහත් අසිපත් ද තිබේවා.

බෙදාගන්න
ගීතාවලිය 149 SCV

ගීතාවලිය 149:3-6 SROV (Sinhala Revised Old Version)

නටමින් උන්වහන්සේගේ නාමයට ප්‍රශංසාකෙරෙත්වා. රබාන සහ වීණාව ගෙන උන්වහන්සේට ප්‍රශංසා ගී කියත්වා. මක්නිසාද ස්වාමීන්වහන්සේ තමන් සෙනඟ කෙරෙහි ප්‍රසන්නවනසේක. යටහතුන් ගැළවීමෙන් සරසනසේක. ශුද්ධවන්තයෝ මහිමයෙන් යුක්තව සන්තෝෂවෙත්වා; තමුන්ගේ යහන්වල ඉඳ ප්‍රීතියෙන් ගායනාකෙරෙත්වා. ඔවුන්ගේ මුඛවල දෙවියන්වහන්සේට උතුම් ප්‍රශංසාද අතෙහි දෙමුවහත් කඩුවක්ද වේවා

බෙදාගන්න
ගීතාවලිය 149 SROV

ගීතාවලිය 149:3-6 NRSV (Sinhala New Revised Version)

එතුමන්ගේ නාමයට රඟපාමින් පැසසුම් කරත් වා! රබන් ගසා, වීණා වයා එතුමන්ට පසස් ගී ගයත් වා! සමිඳාණෝ සිය සෙනඟ කෙරෙහි ප්‍රසන්න වන සේක. දීනයන් ජය සිරියෙන් සරසන සේක. සැදැහැවත්තු මහිමයෙන් යුක්ත ව ප්‍රීති වෙත් වා! මුළු රෑ එතුමන් නමදිමින් ප්‍රීතියෙන් ගායනා කරත් වා! දෙමුවහත් කඩුවක් අතට ගනිත් වා! සිය මුවින් සමිඳුන්ට පැසසුම් කරත් වා!

බෙදාගන්න
ගීතාවලිය 149 NRSV

ගීතාවලිය 149:3-6 SNRV (Sinhala New Revised Version 2018)

එතුමාණන්ගේ නාමයට රඟපාමින් පැසසුම් කරත් වා! රබන් ගසා, වීණා වයා එතුමාණන්ට පසස් ගී ගයත් වා! සමිඳාණෝ සිය සෙනඟ කෙරෙහි ප්‍රසන්න වන සේක. දීනයන් ජය සිරියෙන් සරසන සේක. සැදැහැවත්තු මහිමයෙන් යුක්ත ව ප්‍රීති වෙත් වා! මුළු රෑ එතුමාණෝ නමදිමින් ප්‍රීතියෙන් ගායනා කරත් වා! දෙමුවහත් කඩුවක් අතට ගනිත් වා! සිය මුවින් සමිඳුන්ට පැසසුම් කරත් වා!

බෙදාගන්න
ගීතාවලිය 149 SNRV

ගීතාවලිය 149:3-6 NIV (New International Version)

Let them praise his name with dancing and make music to him with timbrel and harp. For the LORD takes delight in his people; he crowns the humble with victory. Let his faithful people rejoice in this honor and sing for joy on their beds. May the praise of God be in their mouths and a double-edged sword in their hands

බෙදාගන්න
ගීතාවලිය 149 NIV