ගීතාවලිය 148:12-13
ගීතාවලිය 148:12-13 සිංහල කාලීන පරිවර්තනය (SCV)
යෞවන යෞවනියනි, මහල්ලනි, බාලයිනි. ඒ සියල්ලෝ ස්වාමින්වහන්සේගේ නාමයට ප්රශංසා කරත්වා! උන්වහන්සේගේ නාමය පමණක් උත්කෘෂ්ට ය; උන්වහන්සේගේ ශෝභාලංකාරය පොළොවත්, අහසත් ඉක්මවා යයි.
බෙදාගන්න
ගීතාවලිය 148 කියවන්නගීතාවලිය 148:12-13 Sinhala Revised Old Version (SROV)
තරුණයන් හා තරුණියෙනි, මහල්ලන් හා බාලයෙනි, පොළොවේ සිට ස්වාමීන්ට ප්රශංසාකරව්. මොව්හු ස්වාමීන්ගේ නාමයට ප්රශංසාකෙරෙත්වා; මක්නිසාද උන්වහන්සේගේ නාමය පමණක් උසස්ය. උන්වහන්සේගේ මහිමය ස්වර්ගය හා පොළොව මත්තෙහි පවත්නේය.
බෙදාගන්න
ගීතාවලිය 148 කියවන්නගීතාවලිය 148:12-13 Sinhala New Revised Version (NRSV)
තරුණ තරුණියනි, මහල්ලන් හා බාලයෙනි, සමිඳුන් පසසන්න. මොවුහු සමිඳුන්ගේ නාමයට ප්රශංසා කරත් වා! එතුමන්ගේ නාමය පමණක් උදාරතර ය. එතුමන්ගේ මහිමය අහසත්, පොළොවත් ඉක්මවා යන්නේ ය.
බෙදාගන්න
ගීතාවලිය 148 කියවන්න