ගීතාවලිය 146:3-5
ගීතාවලිය 146:3-5 සිංහල කාලීන පරිවර්තනය (SCV)
අධිපතීන් පිට විශ්වාසය නො තබන්න; ගලවන්නට බලය නැති, මිනිසුන් වෙත විශ්වාසය නො තබන්න. ඔවුන්ගේ හුස්ම පිට ව ගිය කල, ඔවුහු ආපිට පොළෝ ගැබට හැරී යති; හරියට ඒ දවසේ ම ඔවුන්ගේ සැලසුම් ද අභාවයට යයි. තමන්ගේ උපකාරය, යාකොබ්ගේ දෙවියන්වහන්සේ නම්, තමන් බලාපොරොත්තුව, දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ තුළ නම්, එබන්දෝ භාග්‍යවත්හු ය.
ගීතාවලිය 146:3-5 Sinhala Revised Old Version (SROV)
අධිපතීන් කෙරෙහිවත් පිහිටවිය නොහැකි මනුෂ්‍ය පුත්‍රයා කෙරෙහිවත් විශ්වාසය නොතබව්. ඔහුගේ හුස්ම නික්ම යයි, ඔහු ස්වකීය භූමියට හැරී යයි; එදාම ඔහුගේ කල්පනා නැතිවේ. යාකොබ්ගේ දෙවියන්වහන්සේ උපකාරකොට ඇත්තාවූ, තමාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ කෙරෙහි තමාගේ බලාපොරොත්තුව ඇත්තාවූ තැනැත්තේ වාසනාවන්තය.
ගීතාවලිය 146:3-5 Sinhala New Revised Version (NRSV)
රජ කුමරුන් කෙරෙහි වත්, පිහිට විය නොහැකි කිසි ම මිනිසෙකු කෙරෙහි වත් විශ්වාසය නොතබන්න. මිනිසා අන්තිම හුස්ම හෙළයි; පසට ආපසු හැරෙයි; එදින ම ඔහුගේ යෝජනා සුන් වී යයි. ජාකොබ්ගේ දෙවිඳුන් සරණ පතන, සිය දෙවි සමිඳුන් කෙරෙහි බලාපොරොත්තු තබන තැනැත්තේ වාසනාවන්ත ය.
ගීතාවලිය 146:3-5 Sinhala New Revised Version 2018 (SNRV)
රජ කුමරුන් කෙරෙහි වත්, පිහිට විය නොහැකි කිසි ම මිනිසෙකු කෙරෙහි වත් විශ්වාසය නොතබන්න. මිනිසා අන්තිම හුස්ම හෙළයි; පසට ආපසු හැරෙයි; එදින ම ඔහුගේ යෝජනා සුන් වී යයි. ජාකොබ්ගේ දෙවිඳුන් සරණ පතන, සිය දෙවි සමිඳුන් කෙරෙහි බලාපොරොත්තු තබන තැනැත්තේ වාසනාවන්ත ය.
ගීතාවලිය 146:3-5 New International Version (NIV)
Do not put your trust in princes, in human beings, who cannot save. When their spirit departs, they return to the ground; on that very day their plans come to nothing. Blessed are those whose help is the God of Jacob, whose hope is in the LORD their God.