ගීතාවලිය 14:2-3
ගීතාවලිය 14:2-3 සිංහල කාලීන පරිවර්තනය (SCV)
ස්වාමින්වහන්සේ ස්වර්ගයේ සිට මිනිස් වර්ගයා දෙස පහත බලන සේක; එසේ බලන්නේ, බුද්ධිමත් කෙනකු වේ ද, දෙවියන්වහන්සේ සොයන කෙනකු වේ දැයි බලන පිණිස ය. සියල්ලන් නොමගට හැරී ගොසිනි; සැවොම එක සේ දූෂිත ව ඇත. යහපත කරන කෙනෙක් නැත; එක් කෙනකුවත් නැත.
බෙදාගන්න
ගීතාවලිය 14 කියවන්නගීතාවලිය 14:2-3 Sinhala Revised Old Version (SROV)
නුවණින් ක්‍රියාකරන්නාවූ, දෙවියන්වහන්සේ සොයන්නාවූ යමෙක් ඇද්දැයි දකින පිණිස, ස්වාමීන්වහන්සේ ස්වර්ගයේ සිට මනුෂ්‍යපුත්‍රයන් දෙස බැලූසේක. සියල්ලෝම මුළාව ගොස් සිටිති; එකලෙස කිලුටුව සිටිති; යහපත කරන්නෙක් නැත, එසේය, එක්කෙනෙක්වත් නැත.
බෙදාගන්න
ගීතාවලිය 14 කියවන්නගීතාවලිය 14:2-3 Sinhala New Revised Version (NRSV)
සමිඳාණෝ සුරලොව සිට බලන සේක; මිනිස් ලොවෙහි නැණවත් අය, දෙවිඳුන් වැඳ පුදන අය, ඇද්දැ යි විමසන සේක. ඔවුන් සියල්ලන් ම මුළා ව ගොස් ඇත; සව් සත කෙලෙස් මලින් පිරී ඇත. හොඳක් කරන කිසිවෙක් නැත; ඇත්තට ම නැත.
බෙදාගන්න
ගීතාවලිය 14 කියවන්න