ගීතාවලිය 14:1-3
ගීතාවලිය 14:1-3 සිංහල කාලීන පරිවර්තනය (SCV)
අඥානයා, “දෙවි කෙනකු නැතැ” යි තමන්ට ම කියා ගනී. ඔවුහු දූෂිතයෝ ය; ඔවුන්ගේ ක්රියා අධම ය. යහපත කරන කිසි කෙනකු නැත. ස්වාමින්වහන්සේ ස්වර්ගයේ සිට මිනිස් වර්ගයා දෙස පහත බලන සේක; එසේ බලන්නේ, බුද්ධිමත් කෙනකු වේ ද, දෙවියන්වහන්සේ සොයන කෙනකු වේ දැයි බලන පිණිස ය. සියල්ලන් නොමගට හැරී ගොසිනි; සැවොම එක සේ දූෂිත ව ඇත. යහපත කරන කෙනෙක් නැත; එක් කෙනකුවත් නැත.
ගීතාවලිය 14:1-3 Sinhala Revised Old Version (SROV)
අඥානයා: දෙවිකෙනෙක් නැතැයි සිතින් කීය. ඔව්හු දුශ්චරිතයෙහි සිටිති, ඔව්හු පිළිකුල් ක්රියා කළෝය; යහපත කරන්නෙක් නැත. නුවණින් ක්රියාකරන්නාවූ, දෙවියන්වහන්සේ සොයන්නාවූ යමෙක් ඇද්දැයි දකින පිණිස, ස්වාමීන්වහන්සේ ස්වර්ගයේ සිට මනුෂ්යපුත්රයන් දෙස බැලූසේක. සියල්ලෝම මුළාව ගොස් සිටිති; එකලෙස කිලුටුව සිටිති; යහපත කරන්නෙක් නැත, එසේය, එක්කෙනෙක්වත් නැත.
ගීතාවලිය 14:1-3 Sinhala New Revised Version (NRSV)
“දෙවි කෙනෙක් නැතැ”යි අනුවණයෝ සිතින් සිතති. එවැනි අය අධම කුදිටු දේ ම කරති; යහපත කරන කිසිවෙක් ඔවුන් අතර තවත් නැත. සමිඳාණෝ සුරලොව සිට බලන සේක; මිනිස් ලොවෙහි නැණවත් අය, දෙවිඳුන් වැඳ පුදන අය, ඇද්දැ යි විමසන සේක. ඔවුන් සියල්ලන් ම මුළා ව ගොස් ඇත; සව් සත කෙලෙස් මලින් පිරී ඇත. හොඳක් කරන කිසිවෙක් නැත; ඇත්තට ම නැත.
ගීතාවලිය 14:1-3 Sinhala New Revised Version 2018 (SNRV)
“දෙවි කෙනෙක් නැතැ”යි අනුවණයෝ සිතින් සිතති. එවැනි අය අධම කුදිටු දේ ම කරති; යහපත කරන කිසිවෙක් ඔවුන් අතර තවත් නැත. සමිඳාණෝ සගලොව සිට බලන සේක; මිනිස් ලොවෙහි නැණවත් අය, දෙවිඳුන් වැඳ පුදන අය, ඇද්දැ යි විමසන සේක. ඔවුන් සියල්ලන් ම මුළා ව ගොස් ඇත; සව් සත කෙලෙස් මලින් පිරී ඇත. හොඳක් කරන කිසිවෙක් නැත; ඇත්තට ම නැත.
ගීතාවලිය 14:1-3 New International Version (NIV)
The fool says in his heart, “There is no God.” They are corrupt, their deeds are vile; there is no one who does good. The LORD looks down from heaven on all mankind to see if there are any who understand, any who seek God. All have turned away, all have become corrupt; there is no one who does good, not even one.