ගීතාවලිය 139:7-10
ගීතාවලිය 139:7-10 සිංහල කාලීන පරිවර්තනය (SCV)
ඔබගේ ආත්මය වෙතින් මට බැහැර ව ගිය හැක්කේ කොතැනකට ද? ඔබ අබියසින් මට පලා යා හැක්කේ කොතැනකට ද? ස්වර්ගයට මා නැග ගියහොත්, ඔබත් එහි සිටී; මා ෂෙයෝලයේ සැතපුණත්, ඔබත් එතැන සිටී. අරුණැල්ලේ පියාපත් පිට මා නැගිටුන ද මහ සයුරේ දුර කෙළවරේ පදිංචි වුණ ද එහිදී පවා ඔබගේ හස්තය මට මග පෙන්වන්නේ ය; ඔබගේ දකුණු අත, තදින් මා අල්ලා ගන්නේ ය.
ගීතාවලිය 139:7-10 Sinhala Revised Old Version (SROV)
ඔබගේ ආත්මය කෙරෙන් කොතැනට යන්නෙම්ද? ඔබ ඉදිරියෙන් කොතැනට පලායන්නෙම්ද? මම ස්වර්ගයට නැගුණෙම් නුමුත් ඔබ එහිය. ෂෙයෝලෙහි මාගේ යහන පිළියෙළ කෙරෙම් නුමුත් ඔබ එහිය. මා අරුණු පියාපතින් ගොස් මුහුදේ ඉතා දුරු කෙළවර විසුවත්; එහිදීත් ඔබගේ හස්තය මට මගපෙන්වන්නේය, ඔබගේ දකුණු හස්තය මා අල්ලන්නේය.
ගීතාවලිය 139:7-10 Sinhala New Revised Version (NRSV)
ඔබෙන් සැඟවී මම කොතැනට යම් ද? ඔබ ඉදිරියෙන් කොතැනට පලා යම් ද? මා ස්වර්ගයට නැඟුණත්, ඔබ එහි ය. පාතාලයට බැස සැතපුණත්, ඔබ එහි ය. මා නැගෙනහිරට ඉගිළී ගියත්, බටහිර මුහුදු සීමාන්තයේ විසුවත් එහිදීත් ඔබේ අත මට මඟ පෙන්වන්නේ ය. ඔබේ දකුණත මට පිහිට වන්නේ ය.
ගීතාවලිය 139:7-10 Sinhala New Revised Version 2018 (SNRV)
ඔබෙන් සැඟවී මම කොතැනට යම් ද? ඔබ ඉදිරියෙන් කොතැනට පලා යම් ද? මා ස්වර්ගයට නැඟුණත්, ඔබ එහි ය. පාතාලයට බැස සැතපුණත්, ඔබ එහි ය. මා නැගෙනහිරට ඉගිළී ගියත්, බටහිර මුහුදු සීමාන්තයේ විසුවත් එහිදීත් ඔබේ අත මට මඟ පෙන්වන්නේ ය. ඔබේ දකුණත මට පිහිට වන්නේ ය.
ගීතාවලිය 139:7-10 New International Version (NIV)
Where can I go from your Spirit? Where can I flee from your presence? If I go up to the heavens, you are there; if I make my bed in the depths, you are there. If I rise on the wings of the dawn, if I settle on the far side of the sea, even there your hand will guide me, your right hand will hold me fast.