ගීතාවලිය 139:6-14

ගීතාවලිය 139:6-14 සිංහල කාලීන පරිවර්තනය (SCV)

එබඳු දැනගැන්ම මගේ වටහා ගැනීම ඉක්මවා යයි; මට ළඟා විය නො හැකි තරමට එය උසස් ය. ඔබගේ ආත්මය වෙතින් මට බැහැර ව ගිය හැක්කේ කොතැනකට ද? ඔබ අබියසින් මට පලා යා හැක්කේ කොතැනකට ද? ස්වර්ගයට මා නැග ගියහොත්, ඔබත් එහි සිටී; මා ෂෙයෝලයේ සැතපුණත්, ඔබත් එතැන සිටී. අරුණැල්ලේ පියාපත් පිට මා නැගිටුන ද මහ සයුරේ දුර කෙළවරේ පදිංචි වුණ ද එහිදී පවා ඔබගේ හස්තය මට මග පෙන්වන්නේ ය; ඔබගේ දකුණු අත, තදින් මා අල්ලා ගන්නේ ය. “අඳුර සැබවින් ම මා සඟවා ගනීවි; මා වටා ඇති එළිය අඳුරට හැරේවි” යි මා කීවත්, අඳුර පවා ඔබට අඳුරක් නො වේ; රාත්‍රිය, ඔබ හමුවේ දහවල මෙන් බබළයි. මන්ද අන්ධකාරය හා ආලෝකය අතර වෙනසක් ඔබට නැත. මගේ අභ්‍යන්තර කොටස් නිමැවූයේ ඔබ ය. මගේ මව් කුස තුළ මා හැඩගැස්සුවේ ඔබ ය. මහා භයානක ලෙසත්, පුදුමාකාර ලෙසත් මා තනා ඇති බැවින් මම ඔබට ප්‍රශංසා කරමි. ඔබගේ වැඩ පුදුමාකාර ය; මගේ ජීවය හොඳින් ඒ වග දනී.

ගීතාවලිය 139:6-14 Sinhala Revised Old Version (SROV)

මෙවැනි ඥානය මට අතිශයින් පුදුමය; එය උසස්ය, ඊට ළඟාවෙන්ට නොහැකිවෙමි. ඔබගේ ආත්මය කෙරෙන් කොතැනට යන්නෙම්ද? ඔබ ඉදිරියෙන් කොතැනට පලායන්නෙම්ද? මම ස්වර්ගයට නැගුණෙම් නුමුත් ඔබ එහිය. ෂෙයෝලෙහි මාගේ යහන පිළියෙළ කෙරෙම් නුමුත් ඔබ එහිය. මා අරුණු පියාපතින් ගොස් මුහුදේ ඉතා දුරු කෙළවර විසුවත්; එහිදීත් ඔබගේ හස්තය මට මගපෙන්වන්නේය, ඔබගේ දකුණු හස්තය මා අල්ලන්නේය. සැබවින් අන්ධකාරය මා වසාගන්නේය, මා වටකරින් වූ එළිය රාත්‍රිය වන්නේයයි කීයෙම් නුමුත්, අන්ධකාරය ඔබගෙන් කිසිවක් නොසඟවයි, රාත්‍රියද දවාල මෙන් බබළයි. අන්ධකාරයත් එළියත් ඔබට එක සමානය. මක්නිසාද ඔබ මාගේ හදවත හිමිකරගත්සේක. මාගේ මවු කුසෙහි මා වැසූසේක. මම ඔබට ස්තුතිකරන්නෙමි; මක්නිසාද මම භයානකලෙසත් පුදුම ලෙසත් සාදනලද්දෙමි. ඔබගේ කර්මාන්ත ආශ්චර්යමත්ය; මාගේ ආත්මයද ඒ බව මනාකොට දනියි.

ගීතාවලිය 139:6-14 Sinhala New Revised Version (NRSV)

මෙම ඥානය මාගේ දැනුම ඉක්මවා යයි. එය උසස් ය, මට ඊට ළඟාවිය නොහැකි ය. ඔබෙන් සැඟවී මම කොතැනට යම් ද? ඔබ ඉදිරියෙන් කොතැනට පලා යම් ද? මා ස්වර්ගයට නැඟුණත්, ඔබ එහි ය. පාතාලයට බැස සැතපුණත්, ඔබ එහි ය. මා නැගෙනහිරට ඉගිළී ගියත්, බටහිර මුහුදු සීමාන්තයේ විසුවත් එහිදීත් ඔබේ අත මට මඟ පෙන්වන්නේ ය. ඔබේ දකුණත මට පිහිට වන්නේ ය. “අඳුර මා වසාගනී වා! මා අවට පැතිරෙන එළිය අඳුරක් වේවා”යි මා කීවත්, අඳුර ඔබට අඳුරක් නොවේ; අඳුරත්, එළියත් ඔබට එක හා සමාන ය. ඔබ මාගේ ඇතුළාන්තය මැවූ සේක; මාගේ මවු කුසෙහි මා තැනූ සේක. මම ඔබට තුති පුදමි. මන්ද, මා ඔබට ගරුබිය දැක්විය යුතු ය. ඔබේ සියලු ක්‍රියා අසිරිමත් ය; ඔබ තරයේ මා දන්න සේක.

ගීතාවලිය 139:6-14 Sinhala New Revised Version 2018 (SNRV)