ගීතාවලිය 139:16-17
ගීතාවලිය 139:16-17 සිංහල කාලීන පරිවර්තනය (SCV)
මගේ රූපකාය සෑදෙන්නටත් පෙර, ඔබගේ ඇසට මා පෙනුණි; මා උදෙසා නිර්මිත දවස් ගණන, ඒ එකකුදු උදාවන්නටත් පෙර, ඔබගේ පොතේ ලියනු ලැබිණ. ඔබගේ සිතුවිලි මට කොතරම් අනර්ඝ ද! අහෝ දෙවියන්වහන්ස, ඒවායේ මුළු ගණන කොතරම් අපරිමිත ද!
බෙදාගන්න
ගීතාවලිය 139 කියවන්නගීතාවලිය 139:16-17 Sinhala Revised Old Version (SROV)
ඔබගේ ඇස්වලට මාගේ ශරීර ධාතුව පෙනුණේය, ඔබගේ පොතෙහි මාගේ සියලු අවයවයෝ ලියනලද්දෝය. ඒවායින් එකක්වත් නැති කල්හි දවසින් දවස ඒවා සාදනලද්දේය. දෙවියන්වහන්ස, ඔබගේ සිතිවිලි මට කොපමණ අනර්ඝද! ඒවායේ ගණන කොපමණ මහත්ද!
බෙදාගන්න
ගීතාවලිය 139 කියවන්නගීතාවලිය 139:16-17 Sinhala New Revised Version (NRSV)
මා බිහි වන්නට පෙර ඔබ මා දුටු සේක. මාගේ දවස් පටන්ගන්නටත් පෙර මාගේ ආයු ඔබේ පොතෙහි සටහන් කර තිබිණි. දෙවිඳුනි, ඔබේ සිතුවිලි කොපමණ ගැඹුරු ද? එහි අදහස් කොපමණ අසීමිත ද?
බෙදාගන්න
ගීතාවලිය 139 කියවන්න