ගීතාවලිය 137:2-4
ගීතාවලිය 137:2-4 සිංහල කාලීන පරිවර්තනය (SCV)
අපගේ වීණා එහි වූ පොප්ලර් ගස්වල එල්ලා තබලා ය. මන්ද අප අල්ලාගෙන ගිය අය අපගෙන් ගීත ඉල්ලූහ; අපට පීඩා කළ අය ප්‍රීති ගීත ගයන ලෙසට, “හා! අපට සියොන් ගීයක් ගයාපල්ලා” යි සමච්චලයෙන් පැවසූහ. කෙසේ නම් අපි මේ පිට දේශයකදී ස්වාමින්වහන්සේගේ ගීත ගයන්නෙමු ද?
ගීතාවලිය 137:2-4 Sinhala Revised Old Version (SROV)
එහි මැද නළාගස්වල අපේ වීණා එල්ලා තැබීමුව. මක්නිසාද අප වහල්කොට ගෙනගිය අය එහිදී ගී කියන ලෙස අපෙන් ඉල්ලුවෝය, අපට පීඩාකළ අය: සියොන් ගීතිකාවලින් එකක් කියා සෙල්ලම්කරන්ට කිවුය. අන්‍ය දේශයකදී ස්වාමීන්ගේ ගීය කෙසේ ගායනා කරමුද?
ගීතාවලිය 137:2-4 Sinhala New Revised Version (NRSV)
එහි බට පඳුරුවල අපේ වීණා එල්ලා තැබීමු. එසේ කෙළේ, අප වහල්කමට ගෙන ගිය අය ගැයුම් වැයුම් කරන ලෙස අපට බල කළ බැවිනි. අපට පීඩා කළ අය, සියොන් ගීයක් ගයා ඔවුන් විනෝද කරවන ලෙස අපෙන් ඉල්ලූ බැවිනි. විදේශයක දී, සමිඳුන්ගේ ගීතය අපි කෙසේ ගයමු ද?
ගීතාවලිය 137:2-4 Sinhala New Revised Version 2018 (SNRV)
එහි බට පඳුරුවල අපේ වීණා එල්ලා තැබීමු. එසේ කෙළේ, අප වහල්කමට ගෙන ගිය අය ගැයුම් වැයුම් කරන ලෙස අපට බල කළ බැවිනි. අපට පීඩා කළ අය, සියොන් ගීයක් ගයා ඔවුන් විනෝද කරවන ලෙස අපෙන් ඉල්ලූ බැවිනි. විදේශයක දී, සමිඳාණන් වහන්සේගේ ගීතය අපි කෙසේ ගයමු ද?
ගීතාවලිය 137:2-4 New International Version (NIV)
There on the poplars we hung our harps, for there our captors asked us for songs, our tormentors demanded songs of joy; they said, “Sing us one of the songs of Zion!” How can we sing the songs of the LORD while in a foreign land?