ගීතාවලිය 136:4-9

ගීතාවලිය 136:4-9 සිංහල කාලීන පරිවර්තනය (SCV)

තනි ව මහා ආශ්චර්යයන් කරන තැනැන්වහන්සේට; මන්ද උන්වහන්සේගේ නොමියෙන ප්‍රේමය සදහට පවතින්නේ ය. ස්වකීය බුද්ධියෙන් අහස තැනූ තැනැන්වහන්සේට; මන්ද උන්වහන්සේගේ නොමියෙන ප්‍රේමය සදහට පවතින්නේ ය. ජල මතු පිට පොළොව ඇතුරූ තැනැන්වහන්සේට; මන්ද උන්වහන්සේගේ නොමියෙන ප්‍රේමය සදහට පවතින්නේ ය. මහා ආලෝක වස්තු තැනූ තැනැන්වහන්සේට– මන්ද උන්වහන්සේගේ නොමියෙන ප්‍රේමය සදහට පවතින්නේ ය. දවාල පාලනයට හිරු; මන්ද උන්වහන්සේගේ නොමියෙන ප්‍රේමය සදහට පවතින්නේ ය. රාත්‍රිය පාලනයට සඳ සහ තරු; මන්ද උන්වහන්සේගේ නොමියෙන ප්‍රේමය සදහට පවතින්නේ ය.

ගීතාවලිය 136:4-9 Sinhala Revised Old Version (SROV)

මහත් ආශ්චර්යයන් කරන එකම තැනන්වහන්සේට [ස්තුතිකරව්]; මක්නිසාද උන්වහන්සේගේ කරුණාව සදාකල් පවත්නේය. නුවණින් අහස මැවූ තැනන්වහන්සේට [ස්තුතිකරව්]; මක්නිසාද උන්වහන්සේගේ කරුණාව සදාකල් පවත්නේය. ජල මතුයෙහි පොළොව අතුළාවූ තැනන්වහන්සේට [ස්තුතිකරව්]; මක්නිසාද උන්වහන්සේගේ කරුණාව සදාකල් පවත්නේය. මහත් ආලෝක මැවූ තැනන්වහන්සේට [ස්තුතිකරව්]; මක්නිසාද උන්වහන්සේගේ කරුණාව සදාකල් පවත්නේය. දවාලෙහි ආණ්ඩුකිරීමට සූර්යයා මැවූ තැනන්වහන්සේට [ස්තුතිකරව්]; මක්නිසාද උන්වහන්සේගේ කරුණාව සදාකල් පවත්නේය. රාත්‍රියෙහි ආණ්ඩුකිරීමට සඳ සහ තාරකා මැවූ තැනන්වහන්සේට [ස්තුතිකරව්]; මක්නිසාද උන්වහන්සේගේ කරුණාව සදාකල් පවත්නේය.