ගීතාවලිය 136:23-26
ගීතාවලිය 136:23-26 සිංහල කාලීන පරිවර්තනය (SCV)
අප අසරණ ව සිටියදී අප සිහි කළ තැනැන්වහන්සේ; මන්ද උන්වහන්සේගේ නොමියෙන ප්‍රේමය සදහට පවතින්නේ ය. අපේ සතුරන් අතින් අප මුදා ලූ; මන්ද උන්වහන්සේගේ නොමියෙන ප්‍රේමය සදහට පවතින්නේ ය. ජීවත් වන සැමට ම අහර සපයා දෙන තැනැන්වහන්සේ; මන්ද උන්වහන්සේගේ නොමියෙන ප්‍රේමය සදහට පවතින්නේ ය. ස්තුති දෙන්න, ස්වර්ගයේ දෙවියන්වහන්සේට; මන්ද උන්වහන්සේගේ නොමියෙන ප්‍රේමය සදහට පවතින්නේ ය.
ගීතාවලිය 136:23-26 Sinhala Revised Old Version (SROV)
අපේ පහත් ස්වභාවයෙහිදී අප සිහිකළ උන්වහන්සේට [ස්තුතිකරව්]; මක්නිසාද උන්වහන්සේගේ කරුණාව සදාකල් පවත්නේය. අපේ එදිරිකාරයන්ගෙන් අප මිදූ උන්වහන්සේට [ස්තුතිකරව්]; මක්නිසාද උන්වහන්සේගේ කරුණාව සදාකල් පවත්නේය. උන්වහන්සේ මාංසමයවූ සියල්ලන්ට ආහාර දෙනසේක. මක්නිසාද උන්වහන්සේගේ කරුණාව සදාකල් පවත්නේය. ස්වර්ගයේ දෙවියන්වහන්සේට ස්තුතිකරව්; මක්නිසාද උන්වහන්සේගේ කරුණාව සදාකල් පවත්නේය.
ගීතාවලිය 136:23-26 Sinhala New Revised Version (NRSV)
අප පරාජයට පත් ව සිටිය දී අප සිහිකළ තැනැන් වහන්සේට තුති පුදන්න. එතුමන්ගේ තිර පෙම සදහට පවත්නේ ය. අපේ සතුරන්ගෙන් අප මිදූ තැනැන් වහන්සේට තුති පුදන්න. එතුමන්ගේ තිර පෙම සදහට පවත්නේ ය. එතුමාණෝ සව් සත හට ආහාර සපයන සේක. එතුමන්ගේ තිර පෙම සදහට පවත්නේ ය. සගලෝ දෙවිඳුන් හට තුති පුදන්න. එතුමන්ගේ තිර පෙම සදහට පවත්නේ ය.
ගීතාවලිය 136:23-26 Sinhala New Revised Version 2018 (SNRV)
අප පරාජයට පත් ව සිටිය දී අප සිහිකළ තැනැන් වහන්සේට තුති පුදන්න. එතුමාණන්ගේ තිර පෙම සදහට පවත්නේ ය. අපේ සතුරන්ගෙන් අප මිදූ තැනැන් වහන්සේට තුති පුදන්න. එතුමාණන්ගේ තිර පෙම සදහට පවත්නේ ය. එතුමාණෝ සව් සත හට ආහාර සපයන සේක. එතුමාණන්ගේ තිර පෙම සදහට පවත්නේ ය. සගලෝ දෙවිඳුන් හට තුති පුදන්න. එතුමාණන්ගේ තිර පෙම සදහට පවත්නේ ය.
ගීතාවලිය 136:23-26 New International Version (NIV)
He remembered us in our low estate His love endures forever. and freed us from our enemies. His love endures forever. He gives food to every creature. His love endures forever. Give thanks to the God of heaven. His love endures forever.