ගීතාවලිය 136:1-4
ගීතාවලිය 136:1-4 සිංහල කාලීන පරිවර්තනය (SCV)
ස්තුති දෙන්න, ස්වාමින්වහන්සේට, මන්ද උන්වහන්සේ යහපත් ය. මන්ද උන්වහන්සේගේ නොමියෙන ප්‍රේමය සදහට පවතින්නේ ය. ස්තුති දෙන්න, දෙවිවරුන්ගේ දෙවියන්වහන්සේට. මන්ද උන්වහන්සේගේ නොමියෙන ප්‍රේමය සදහට පවතින්නේ ය. ස්තුති දෙන්න, ස්වාමිවරුන්ගේ ස්වාමින්වහන්සේට: මන්ද උන්වහන්සේගේ නොමියෙන ප්‍රේමය සදහට පවතින්නේ ය. තනි ව මහා ආශ්චර්යයන් කරන තැනැන්වහන්සේට; මන්ද උන්වහන්සේගේ නොමියෙන ප්‍රේමය සදහට පවතින්නේ ය.
ගීතාවලිය 136:1-4 Sinhala Revised Old Version (SROV)
ස්වාමීන්ට ස්තුතිකරව්; මක්නිසාද උන්වහන්සේ යහපත්ය. උන්වහන්සේගේ කරුණාව සදාකල් පවත්නේය. දෙවිවරුන්ගේ දෙවියන්ට ස්තුතිකරව්; මක්නිසාද උන්වහන්සේගේ කරුණාව සදාකල් පවත්නේය. ස්වාමිවරුන්ගේ ස්වාමීන්ට ස්තුතිකරව්; මක්නිසාද උන්වහන්සේගේ කරුණාව සදාකල් පවත්නේය. මහත් ආශ්චර්යයන් කරන එකම තැනන්වහන්සේට [ස්තුතිකරව්]; මක්නිසාද උන්වහන්සේගේ කරුණාව සදාකල් පවත්නේය.
ගීතාවලිය 136:1-4 Sinhala New Revised Version (NRSV)
සමිඳුන් හට තුති පුදන්න. එතුමාණෝ යහපත් ය. එතුමන්ගේ තිර පෙම සදහට පවත්නේ ය. දේවාතිදෙවිඳුන්ට තුති පුදන්න. එතුමන්ගේ තිර පෙම සදහට පවත්නේ ය. රාජාතිරජිඳුන්ට තුති පුදන්න. එතුමන්ගේ තිර පෙම සදහට පවත්නේ ය. අසිරිමත් දේ කරන එක ම තැනැන් වහන්සේට තුති පුදන්න. එතුමන්ගේ තිර පෙම සදහට පවත්නේ ය.
ගීතාවලිය 136:1-4 Sinhala New Revised Version 2018 (SNRV)
සමිඳාණන් වහන්සේ හට තුති පුදන්න. එතුමාණෝ යහපත් ය. එතුමාණන්ගේ තිර පෙම සදහට පවත්නේ ය. දේවාතිදෙවිඳුන්ට තුති පුදන්න. එතුමාණන්ගේ තිර පෙම සදහට පවත්නේ ය. රාජාතිරජිඳුන්ට තුති පුදන්න. එතුමාණන්ගේ තිර පෙම සදහට පවත්නේ ය. අසිරිමත් දේ කරන එක ම තැනැන් වහන්සේට තුති පුදන්න. එතුමාණන්ගේ තිර පෙම සදහට පවත්නේ ය.
ගීතාවලිය 136:1-4 New International Version (NIV)
Give thanks to the LORD, for he is good. His love endures forever. Give thanks to the God of gods. His love endures forever. Give thanks to the Lord of lords: His love endures forever. to him who alone does great wonders, His love endures forever.