ගීතාවලිය 135:1-21

ගීතාවලිය 135:1-21 සිංහල කාලීන පරිවර්තනය (SCV)

ස්වාමින්වහන්සේට ප්‍රශංසා කරන්න. ස්වාමින්වහන්සේගේ නාමයට ප්‍රශංසා කරන්න; ස්වාමින්වහන්සේගේ සේවකයින් වන ස්වාමින්වහන්සේගේ ගෘහයේ සිටගන්නා, අපගේ දෙවියන්වහන්සේගේ ගෘහ මළුවල සිටින්නෙනි, ප්‍රශංසා කරන්න. ස්වාමින්වහන්සේට ප්‍රශංසා කරන්න; මන්ද, ස්වාමින්වහන්සේ යහපත් ය. උන්වහන්සේගේ නාමයට ප්‍රශංසා ගී ගයන්න, මන්ද එය ප්‍රසන්න ය. ස්වාමින්වහන්සේ, තමන්ට ම යාකොබ් ද තම අගනා වස්තුව ලෙස ඉශ්‍රායෙල් ද තෝරාගත් සේක. ස්වාමින්වහන්සේ ශ්‍රේෂ්ඨ වග, අපගේ ස්වාමින් සියලු දෙවිවරුනට වඩා ශ්‍රේෂ්ඨ වග මම දනිමි. ස්වාමින්වහන්සේ අහස් තුළ ද පොළොව පිට ද සාගර තුළ හා මුළු ගැඹුරේ ද තමන් අබිමත කවරක් වුව කරන සේක. පොළෝ කෙළවරින් වලාකුළු නැගෙන්නට සලස්වන්නේ උන්වහන්සේ ය; වැස්සට පෙර විදුලිය එවන්නේත්, තම ගබඩාවලින් සුළං පිටතට ගෙනෙන්නේත්, උන්වහන්සේ ය. මිනිසුන්ගේ මෙන් ම සතුන්ගේ ද යන වශයෙන් ඊජිප්තුවේ කුලුඳුලන් ගසා හෙළුවේ, උන්වහන්සේ ය. එම්බා ඊජිප්තුව, නුඹ මධ්‍යයේ පාරාවෝටත්, ඔහුගේ සියලු සේවකයින්ටත් එරෙහිව ලකුණු හා පුදුම එවුවේ, උන්වහන්සේ ය. නොයෙකුත් ජාතීන් ගසා හෙළා, බලගතු රජවරුන් මරා දැමුවේ උන්වහන්සේ ය; එනම්, අමෝරිවරුන්ගේ රජු වූ සීහොන් ද බාෂාන්හි රජු වූ ඕග් ද කානාන්හි සියලු රාජ්‍යයන් ද යන වශයෙනි. උන්වහන්සේ, ඔවුන්ගේ දේශය උරුමයක් කොට, උන්වහන්සේගේ ජනයා වන ඉශ්‍රායෙල්වරුනට උරුමයක් කොට දුන් සේක. අහෝ ස්වාමින්වහන්ස, ඔබගේ නාමය සදහට ම පවතින්නේ ය; ඔබගේ යශෝරාවය, අහෝ ස්වාමින්වහන්ස, සියලු පරම්පරා දක්වා පවතින්නේ ය. මන්ද ස්වාමින්වහන්සේ තම ජනයා නිර්දෝෂ වග ප්‍රකාශ කරන සේක; තම සේවකයින්ට අනුකම්පා කරන සේක. සෙසු ජාතීන්ගේ දෙවිවරු, රිදී හා රන් පිළිම වේ; ඒවා මිනිසුන්ගේ අත්වල නිමැවුම් ය. ඒවාට කටවල් ඇත, එහෙත් කතා බැරි ය; ඇස් ඇත, එහෙත් පෙනෙන්නේ නැත. ඒවාට කන් ඇත, එහෙත් ඇහෙන්නේ නැත; ඒවායේ මුවෙහි හුස්ම නැත. ඒවා සාදන්නෝ ද ඔවුන් වගේ වෙති; ඒ පිළිම අදහන්නෝ ද ඒවා මෙන් වෙති. එම්බා ඉශ්‍රායෙල් වංශය, ස්වාමින්වහන්සේ පසසන්න; එම්බා ආරොන් වංශය, ස්වාමින්වහන්සේ පසසන්න. එම්බා ලෙවී වංශය, ස්වාමින්වහන්සේ පසසන්න; උන්වහන්සේට භය පක්ෂපාත ඇත්තෙනි, ස්වාමින්වහන්සේ පසසන්න. යෙරුසලමෙහි වාසය කරන, ස්වාමින්වහන්සේට සියොනෙහි සිට පැසසුම් අත් වේවා!

ගීතාවලිය 135:1-21 Sinhala Revised Old Version (SROV)

ස්වාමීන්ට ප්‍රශංසාකරව්; ස්වාමීන්ගේ නාමයට ප්‍රශංසාකරව්. ස්වාමීන්ගේ මෙහෙකරුවෙනි, ස්වාමීන්ගේ ගෘහයෙහි, අපේ දෙවියන්වහන්සේගේ ගෘහ මළුවල සිටින්නෙනි, උන්වහන්සේට ප්‍රශංසාකරව්. ස්වාමීන්ට ප්‍රශංසාකරව්; මක්නිසාද ස්වාමීන්වහන්සේ යහපත්ය. උන්වහන්සේගේ නාමය ප්‍රියකරු නිසා ගී කියමින් එය වර්ණනාකරව්. මක්නිසාද ස්වාමීන්වහන්සේ තමන්ටම යාකොබ්ද තමන්ගේ විශේෂ වස්තුව කොට ඉශ්‍රායෙල්ද තෝරාගත්සේක. මක්නිසාද ස්වාමීන්වහන්සේ මහත් බවත් අපේ ස්වාමීන්වහන්සේ සියලු දෙවිවරුන්ට වඩා උසස් බවත් දනිමි. ස්වාමීන්වහන්සේ යමකට කැමතිවූසේක්ද එය අහසෙහිද පොළොවෙහිද මුහුදුවල සහ හැම ගැඹුරු තැන්හිද ඉෂ්ටකළසේක. උන්වහන්සේ පොළෝ කෙළවරින් වලාකුල් නංවනසේක; වර්ෂාවට විදුලි සාදනසේක; ස්වකීය ගබඩාවලින් හුළඟ නික්මවනසේක. උන්වහන්සේ මිසරයේ මනුෂ්‍යයන්ගෙත් මෘගයන්ගෙත් කුලුඳුලන්ට පහරදුන්සේක. එම්බා මිසරය, නුඹ මැදට, ඵාරාවෝ සහ ඔහුගේ සියලු මෙහෙකරුවන් කෙරෙහි, උන්වහන්සේගේ ලකුණු හා හාස්කම් පැමිණවූසේක. උන්වහන්සේ බොහෝ ජාතීන්ට පහරදී, බලවත් රජුන් නැසූසේක; අමෝරිවරුන්ගේ රජවූ සීහොන්ද බාෂාන්හි රජවූ ඕග්ද කානාන්හි සියලු රාජ්‍යයන්ද නසා, ඔවුන්ගේ දේශය උරුමයක් පිණිස, ස්වකීය සෙනඟවූ ඉශ්‍රායෙල්ට උරුමයක් පිණිස, දුන්සේක. ස්වාමිනි, ඔබගේ නාමය සදාකල් පවත්නේය; ස්වාමිනි, ඔබ සිහිකිරීම සියලු පරම්පරා දක්වා වන්නේය. මක්නිසාද ස්වාමීන්වහන්සේ තමන් සෙනඟ විනිශ්චයකරනසේක, ස්වකීය මෙහෙකරුවන් ගැන තැවෙනසේක. ජාතීන්ගේ රූප රන් රිදීය, මනුෂ්‍යයන්ගේ අත් වැඩය. ඒවාට කටවල් ඇත, එහෙත් කථානොකෙරෙති; ඇස් ඇත, එහෙත් නොදකිති; කන් ඇත, එහෙත් නොඅසති; ඒවායේ කටවල හුස්මත් නැත. ඒවා සාදන්නොත්, එසේය, ඒවා කෙරෙහි විශ්වාසකරන සියල්ලොත් ඒවාට සමානවන්නෝය. එම්බා ඉශ්‍රායෙල් වංශය, ස්වාමීන්ට ප්‍රශංසාකරව්. එම්බා ආරොන්ගේ වංශය, ස්වාමීන්ට ප්‍රශංසාකරව්. එම්බා ලෙවී වංශය, ස්වාමීන්ට ප්‍රශංසාකරව්. ස්වාමීන් කෙරෙහි භය ඇත්තෙනි, ස්වාමීන්ට ප්‍රශංසාකරව්. යෙරුසලමෙහි වසන ස්වාමීන්වහන්සේ සියොන්හි සිට ප්‍රශංසා ලබනසේක්වා. ස්වාමීන්ට ප්‍රශංසාකරව්.

ගීතාවලිය 135:1-21 Sinhala New Revised Version (NRSV)

සමිඳුන්ට ප්‍රශංසා කරන්න. සමිඳුන්ගේ මෙහෙකරුවෙනි, සමිඳුන්ගේ නාමයට ප්‍රශංසා කරන්න. සමිඳුන්ගේ මාලිගාවෙහි, අපේ දෙවිඳුන්ගේ මාලිගාවෙහි මණ්ඩපවල සිටින්නෙනි, එතුමන්ට ප්‍රශංසා කරන්න. සමිඳුන්ට ප්‍රශංසා කරන්න. එතුමාණෝ යහපත් ය. එතුමාණෝ කරුණාබර වන සේක. එතුමන්ගේ නාමයට ගී ගයන්න; සමිඳාණෝ තමන්ට ම ජාකොබ්ගේ පෙළපත ද තමන්ගේ විශේෂ උරුමය කොට ඉශ්රායෙල් සෙනඟ ද තෝරාගත් සේක. සමිඳාණන් අති උතුම් බවත්, වෙනත් සියලු දෙවිවරුන්ට වඩා අපේ සමිඳාණන් උසස් බවත් දනිමි. සමිඳාණෝ, යමක් කරන්නට කැමැති සේක් නම්, අහසෙහි ද පොළොවෙහි ද මුහුදුවල සහ හැම ගැඹුරු තැන්වල ද එය ඉටු කරන සේක. එතුමාණෝ දෙරණ සීමාවෙන් වලාකුළු නංවන සේක; වර්ෂාව සඳහා විදුලිය හටගන්වන සේක; සිය ගබඩාවලින් සුළඟ නික්මවන සේක; එතුමාණෝ මිසර වැසියන්ගේත්, මෘගයන්ගේත් කුලුඳුලන්ට පහර දුන් සේක. එම්බා මිසරය! තී මැදට, පාරාවෝට සහ ඔහුගේ සියලු මෙහෙකරුවන්ට එරෙහි ව එතුමාණෝ අරුමපුදුම දේ හා හාස්කම් පැමිණෙවු සේක. එතුමාණෝ බොහෝ විජාතීන්ට පහර දී, බලවත් රජුන් ඝාතනය කළ සේක. අමෝරිවරුන්ගේ රජ වූ සීහොන් ද බාෂාන්හි රජ වූ ඕග් ද කානාන්හි සියලු රාජ්‍යයන් ද වැනසූ සේක. ඔවුන්ගේ දේශය උරුම කොට, ස්වකීය සෙනඟ වූ ඉශ්රායෙල්ට උරුම කොට දුන් සේක. සමිඳුනි, ඔබේ නාමය සදාකල් පවත්නේ ය. සමිඳුනි, ඔබේ මහිමය සියලු පරම්පරාවන්ට පැතිර යන්නේ ය. මන්ද, සමිඳාණෝ තමන් සෙනඟට යුක්තිය ඉටුකර දෙන සේක. ස්වකීය මෙහෙකරුවන්ට අනුකම්පා කරන සේක. විජාතීන්ගේ රූප රනින් හා රිදීයෙන් ය, ඒවා මිනිස් අතින් සෑදූ දේ ය. ඒවාට කටවල් ඇත, එහෙත්, කතා නොකරයි; ඇස් ඇත, එහෙත්, නොදකියි; කන් ඇත, එහෙත්, නොඇසෙයි; නාස් පුඩු ඇත, එහෙත්, හුස්මක් නැත. ඒවා සාදන්නෝත්, එමෙන් ම ඒවා විශ්වාස කරන සියල්ලෝත් ඒවාට සමාන වන්නෝ ය. එම්බා ඉශ්රායෙල් වංශය! සමිඳුන්ට ප්‍රශංසා කරන්න. එම්බා ආරොන්ගේ වංශය! සමිඳුන්ට ප්‍රශංසා කරන්න. එම්බා ලෙවී වංශය! සමිඳුන්ට ප්‍රශංසා කරන්න. සමිඳුන්ට ගරුබිය ඇත්තෙනි, සමිඳුන්ට ප්‍රශංසා කරන්න. සියොන්හි, ජෙරුසලමෙහි වැඩ වසන සමිඳාණෝ ප්‍රශංසා ලබන සේක් වා! සමිඳුන්ට ප්‍රශංසා කරන්න.

ගීතාවලිය 135:1-21 Sinhala New Revised Version 2018 (SNRV)

සමිඳාණන් වහන්සේට ප්‍රශංසා කරන්න. සමිඳුන්ගේ මෙහෙකරුවෙනි, සමිඳුන්ගේ නාමයට ප්‍රශංසා කරන්න. සමිඳුන්ගේ මාලිගාවෙහි, අපේ දෙවිඳුන්ගේ මාලිගාවෙහි මණ්ඩපවල සිටින්නෙනි, එතුමාණන්ට ප්‍රශංසා කරන්න. සමිඳුන්ට ප්‍රශංසා කරන්න. එතුමාණෝ යහපත් ය. එතුමාණෝ කරුණාබර වන සේක. එතුමාණන්ගේ නාමයට ගී ගයන්න; සමිඳාණෝ තමන්ට ම ජාකොබ්ගේ පෙළපත ද තමන්ගේ විශේෂ උරුමය කොට ඉශ්රායෙල් සෙනඟ ද තෝරාගත් සේක. සමිඳාණන් අති උතුම් බවත්, වෙනත් සියලු දෙවිවරුන්ට වඩා අපේ සමිඳාණන් උසස් බවත් දනිමි. සමිඳාණෝ, යමක් කරන්නට කැමැති සේක් නම්, අහසෙහි ද පොළොවෙහි ද මුහුදුවල සහ හැම ගැඹුරු තැන්වල ද එය ඉටු කරන සේක. එතුමාණෝ දෙරණ සීමාවෙන් වලාකුළු නංවන සේක; වර්ෂාව සඳහා විදුලිය හටගන්වන සේක; සිය ගබඩාවලින් සුළඟ නික්මවන සේක; එතුමාණෝ මිසර වැසියන්ගේත්, මෘගයන්ගේත් කුලුඳුලන්ට පහර දුන් සේක. එම්බා මිසරය! තී මැදට, පාරාවෝට සහ ඔහුගේ සියලු මෙහෙකරුවන්ට එරෙහි ව එතුමාණෝ අරුමපුදුම දේ හා හාස්කම් පැමිණෙවු සේක. එතුමාණෝ බොහෝ විජාතීන්ට පහර දී, බලවත් රජුන් ඝාතනය කළ සේක. අමෝරිවරුන්ගේ රජ වූ සීහොන් ද බාෂාන්හි රජ වූ ඕග් ද කානාන්හි සියලු රාජ්‍යයන් ද වැනසූ සේක. ඔවුන්ගේ දේශය උරුම කොට, ස්වකීය සෙනඟ වූ ඉශ්රායෙල්ට උරුම කොට දුන් සේක. සමිඳුනි, ඔබේ නාමය සදාකල් පවත්නේ ය. සමිඳුනි, ඔබේ මහිමය සියලු පරම්පරාවන්ට පැතිර යන්නේ ය. මන්ද, සමිඳාණෝ තමන් සෙනඟට යුක්තිය ඉටුකර දෙන සේක. ස්වකීය මෙහෙකරුවන්ට අනුකම්පා කරන සේක. විජාතීන්ගේ රූප රනින් හා රිදීයෙන් ය, ඒවා මිනිස් අතින් සෑදූ දේ ය. ඒවාට කටවල් ඇත, එහෙත්, කතා නොකරයි; ඇස් ඇත, එහෙත්, නොදකියි; කන් ඇත, එහෙත්, නොඇසෙයි; නාස් පුඩු ඇත, එහෙත්, හුස්මක් නැත. ඒවා සාදන්නෝත්, එමෙන් ම ඒවා විශ්වාස කරන සියල්ලෝත් ඒවාට සමාන වන්නෝ ය. එම්බා ඉශ්රායෙල් වංශය! සමිඳුන්ට ප්‍රශංසා කරන්න. එම්බා ආරොන්ගේ වංශය! සමිඳුන්ට ප්‍රශංසා කරන්න. එම්බා ලෙවී වංශය! සමිඳුන්ට ප්‍රශංසා කරන්න. සමිඳුන්ට ගරුබිය ඇත්තෙනි, සමිඳුන්ට ප්‍රශංසා කරන්න. සියොන්හි, ජෙරුසලමෙහි වැඩ වසන සමිඳාණෝ ප්‍රශංසා ලබන සේක් වා! සමිඳුන්ට ප්‍රශංසා කරන්න.

ගීතාවලිය 135:1-21 New International Version (NIV)

Praise the LORD. Praise the name of the LORD; praise him, you servants of the LORD, you who minister in the house of the LORD, in the courts of the house of our God. Praise the LORD, for the LORD is good; sing praise to his name, for that is pleasant. For the LORD has chosen Jacob to be his own, Israel to be his treasured possession. I know that the LORD is great, that our Lord is greater than all gods. The LORD does whatever pleases him, in the heavens and on the earth, in the seas and all their depths. He makes clouds rise from the ends of the earth; he sends lightning with the rain and brings out the wind from his storehouses. He struck down the firstborn of Egypt, the firstborn of people and animals. He sent his signs and wonders into your midst, Egypt, against Pharaoh and all his servants. He struck down many nations and killed mighty kings— Sihon king of the Amorites, Og king of Bashan, and all the kings of Canaan— and he gave their land as an inheritance, an inheritance to his people Israel. Your name, LORD, endures forever, your renown, LORD, through all generations. For the LORD will vindicate his people and have compassion on his servants. The idols of the nations are silver and gold, made by human hands. They have mouths, but cannot speak, eyes, but cannot see. They have ears, but cannot hear, nor is there breath in their mouths. Those who make them will be like them, and so will all who trust in them. All you Israelites, praise the LORD; house of Aaron, praise the LORD; house of Levi, praise the LORD; you who fear him, praise the LORD. Praise be to the LORD from Zion, to him who dwells in Jerusalem.