ගීතාවලිය 130:1-4
ගීතාවලිය 130:1-4 සිංහල කාලීන පරිවර්තනය (SCV)
ගැඹුරේ සිට ඔබට මොර ගසමි මම, අහෝ ස්වාමින්වහන්ස, අහෝ ස්වාමිනි, මගේ යැදුම් හඬට කන් දී, දයාව ඉල්ලන මගේ කන්නලව්වට, අවධානය යොමු කළ මැනව. අහෝ ස්වාමින්වහන්ස, ඔබ අයුතුකම් ගණන් ගත් සේක් නම්, කෙළින් සිටිය හැක්කේ කවරකුට ද? එහෙත් ඔබ වෙත පාප කමාව ඇත්තේ ය. ඒ, ඔබට භය පක්ෂපාත වන පිණිස ය.
ගීතාවලිය 130:1-4 Sinhala Revised Old Version (SROV)
ස්වාමිනි, ගැඹුරු තැන්වල සිට ඔබට මොරගැසීමි. ස්වාමිනි, මාගේ ශබ්දය ඇසුව මැනව. මාගේ කන්නලව් ශබ්දයට ඔබගේ කන් යොමුවේවා. ස්වාමිනි, ඔබ අයුතුකම් ගණනට ගන්නාසේක් නම්, ස්වාමිනි, කාට සිටින්ට හැක්කේද? නුමුත් ඔබ කෙරෙහි භය ඇතුව සිටින පිණිස ඔබ වෙත කමාව ඇත්තේය.
ගීතාවලිය 130:1-4 Sinhala New Revised Version (NRSV)
සමිඳුනි, දුක් සයුරේ සිට මම ඔබට මොරගසමි. සමිඳුනි, මාගේ හඬට සවන් දුන මැනව, මාගේ කන්නලව්වට ඔබේ කන් යොමු කළ මැනව. සමිඳුනි, ඔබ අපේ අයුතුකම් සටහන් කර තබන සේක් නම්, විනිශ්චයයෙන් බේරෙන්නට පුළුවන් කවරෙකුට ද? එහෙත්, ඔබ කෙරෙහි ගරුබියෙන් සිටින පිණිස ඔබ අපට කමාව දෙන සේක.
ගීතාවලිය 130:1-4 Sinhala New Revised Version 2018 (SNRV)
සමිඳාණන් වහන්ස, දුක් සයුරේ සිට මම ඔබට මොරගසමි. සමිඳුනි, මාගේ හඬට සවන් දුන මැනව, මාගේ කන්නලව්වට ඔබේ කන් යොමු කළ මැනව. සමිඳුනි, ඔබ අපේ අයුතුකම් සටහන් කර තබන සේක් නම්, විනිශ්චයයෙන් බේරෙන්නට පුළුවන් කවරෙකුට ද? එහෙත්, ඔබ කෙරෙහි ගරුබියෙන් සිටින පිණිස ඔබ අපට කමාව දෙන සේක.
ගීතාවලිය 130:1-4 New International Version (NIV)
Out of the depths I cry to you, LORD; Lord, hear my voice. Let your ears be attentive to my cry for mercy. If you, LORD, kept a record of sins, Lord, who could stand? But with you there is forgiveness, so that we can, with reverence, serve you.