ගීතාවලිය 13:3-6
ගීතාවලිය 13:3-6 සිංහල කාලීන පරිවර්තනය (SCV)
මා දෙස බැලුව මැනව, මට උත්තර දුන මැනව අහෝ ස්වාමින්වහන්ස! මගේ දෙවියන්වහන්ස! මගේ දෙනෙතට යළි එළිය දුන මැනවි; නැතහොත්, මා මැරී යනු ඇත. “මම ඔහු පැරදුවෙමි” යි කියන්නට මගේ සතුරාට ඉඩ නො තැබුව මැනවි. මා වැටුණු කල, ප්රීති වන්නට මගේ එදිරිවාදීන්ට ඉඩ නො දුන මැනවි. එහෙත් මම, නොමියෙන ඔබේ පෙම මත විශ්වාසය තබමි; ඔබෙන් ලැබෙන මිදීම ගැන හදවතින් මම ප්රීති වන්නෙමි. ස්වාමින්වහන්සේට මම ගී ගයන්නෙමි, මන්ද, උන්වහන්සේ ඒ සා මට යහපත්කම් කළ බැවිනි.
ගීතාවලිය 13:3-6 Sinhala Revised Old Version (SROV)
මාගේ දෙවිවූ ස්වාමිනි, මා සලකා මට උත්තරදුන මැනව. මරණ නින්දට මා නොපැමිණෙන පිණිස මාගේ ඇස් එළියකළ මැනව. නැත්නම්: ඔහුගෙන් ජයගතිමියි මාගේ සතුරා කියන්නේය; මා චංචලවන කල මාගේ එදිරිකාරයෝද ප්රීතිවන්නෝය. එහෙත් මම වනාහි ඔබගේ කරුණාව විශ්වාසකෙළෙමි; මාගේ සිත ඔබගේ ගැළවීමෙහි ප්රීති වන්නේය. ස්වාමීන්වහන්සේ මට යහපත්කම් කළ නිසා උන්වහන්සේට ගායනාකරන්නෙමි.
ගීතාවලිය 13:3-6 Sinhala New Revised Version (NRSV)
දෙවි සමිඳුනි, මා සලකා මට පිළිතුරු දුන මැනව; මරණ නින්ද වළක්වන පිණිස මා දෙනෙතට එළිය දෙන්න. එවිට නොහැක, මාගේ සතුරාට, “ඔහු පැරදුවෙමි”යි මා ගැන, කියන්නට; නොහැකි ය, මාගේ සතුරන්ට මාගේ වැටීම ගැන සිනාසෙන්නට. ඔබේ තිර පෙමෙහි මම රඳා සිටිමි. ඔබ මා ගැළෙවු බැවින් මම ප්රීති වන්නෙමි. සමිඳුන් දයා කරුණා පෑ බැවින් එතුමන් හට මම ගී ගයන්නෙමි.
ගීතාවලිය 13:3-6 Sinhala New Revised Version 2018 (SNRV)
දෙවි සමිඳුනි, මා සලකා මට පිළිතුරු දුන මැනව; මරණ නින්ද වළක්වන පිණිස මා දෙනෙතට එළිය දෙන්න. එවිට නොහැක, මාගේ සතුරාට, “ඔහු පැරදුවෙමි”යි මා ගැන, කියන්නට; නොහැකි ය, මාගේ සතුරන්ට මාගේ වැටීම ගැන සිනාසෙන්නට. ඔබේ තිර පෙමෙහි මම රඳා සිටිමි. ඔබ මා ගැළෙවු බැවින් මම ප්රීති වන්නෙමි. සමිඳුන් දයා කරුණා පෑ බැවින් එතුමාණෝ හට මම ගී ගයන්නෙමි.
ගීතාවලිය 13:3-6 New International Version (NIV)
Look on me and answer, LORD my God. Give light to my eyes, or I will sleep in death, and my enemy will say, “I have overcome him,” and my foes will rejoice when I fall. But I trust in your unfailing love; my heart rejoices in your salvation. I will sing the LORD’s praise, for he has been good to me.