ගීතාවලිය 13:1-3
ගීතාවලිය 13:1-3 සිංහල කාලීන පරිවර්තනය (SCV)
අහෝ ස්වාමින්වහන්ස, තව කොපමණ කලක් ද? ඔබ සදහට ම මා අමතක කරන සේක් ද? තව කොපමණ කලක් මවෙතින් ඔබේ මුහුණ සඟවා ගන්නා සේක් ද? තව කොපමණ කලක් මා මගේ සිතුවිලි සමඟ පොර බදන්න ද? හැමදාමත් හද-සන්තාපයෙන් සිටින්න ද? තව කොපමණ කලක් මගේ සතුරා මට ඉහළින් ජය ගන්නේ ද? මා දෙස බැලුව මැනව, මට උත්තර දුන මැනව අහෝ ස්වාමින්වහන්ස! මගේ දෙවියන්වහන්ස! මගේ දෙනෙතට යළි එළිය දුන මැනවි; නැතහොත්, මා මැරී යනු ඇත.
ගීතාවලිය 13:1-3 Sinhala Revised Old Version (SROV)
ස්වාමිනි, ඔබ කොපමණ කල් මා නිතරම සිහි නොකර සිටිනසේක්ද? කොපමණ කල් ඔබගේ මුහුණ මාගෙන් සඟවනසේක්ද? කොපමණ කල් මාගේ ආත්මයෙන් මන්ත්රණ යොදමින්, දවස මුළුල්ලේ මාගේ සිතෙහි ශෝකය ඇතුව සිටිම්ද? කොපමණ කල් මාගේ සතුරා මා කෙරේ උසස්වන්නේද? මාගේ දෙවිවූ ස්වාමිනි, මා සලකා මට උත්තරදුන මැනව. මරණ නින්දට මා නොපැමිණෙන පිණිස මාගේ ඇස් එළියකළ මැනව.
ගීතාවලිය 13:1-3 Sinhala New Revised Version (NRSV)
සමිඳුනි, කොතෙක් කලක් ඔබ මා අමතක කරන සේක් ද? සදහට ම ද? ඔබ මා හැර දමා අහක බලාගෙන සිටින සේක් ද? සිත් වේදනාවෙන් තැවිතැවී කොපමණ කල් සිටින්න ද? දිවා රෑ සෝදුකින් පෙළිපෙළී කොපමණ කල් සිටින්න ද? මා සතුරෝ මට ඉහළින් කොපමණ කල් වැජඹෙන්නෝ ද? දෙවි සමිඳුනි, මා සලකා මට පිළිතුරු දුන මැනව; මරණ නින්ද වළක්වන පිණිස මා දෙනෙතට එළිය දෙන්න.
ගීතාවලිය 13:1-3 Sinhala New Revised Version 2018 (SNRV)
සමිඳාණන් වහන්ස, කොතෙක් කලක් ඔබ මා අමතක කරන සේක් ද? සදහට ම ද? ඔබ මා හැර දමා අහක බලාගෙන සිටින සේක් ද? සිත් වේදනාවෙන් තැවිතැවී කොපමණ කල් සිටින්න ද? දිවා රෑ සෝදුකින් පෙළිපෙළී කොපමණ කල් සිටින්න ද? මා සතුරෝ මට ඉහළින් කොපමණ කල් වැජඹෙන්නෝ ද? දෙවි සමිඳුනි, මා සලකා මට පිළිතුරු දුන මැනව; මරණ නින්ද වළක්වන පිණිස මා දෙනෙතට එළිය දෙන්න.
ගීතාවලිය 13:1-3 New International Version (NIV)
How long, LORD? Will you forget me forever? How long will you hide your face from me? How long must I wrestle with my thoughts and day after day have sorrow in my heart? How long will my enemy triumph over me? Look on me and answer, LORD my God. Give light to my eyes, or I will sleep in death