ගීතාවලිය 12:1-2
ගීතාවලිය 12:1-2 සිංහල කාලීන පරිවර්තනය (SCV)
පිහිට වන්න, ස්වාමින්වහන්ස, ධාර්මිකයෝ තවත් නො වෙති. විශ්වාසවන්තයින්, මිනිසුන් වෙතින් අතුරුදහන් ව ගොසිනි. අසල්වැසි හැම කෙනෙක් ම එකිනෙකාට පවසන්නේ මුසා ය; දෙසිතින් යුක්ත ව ඔවුන් පවසන්නේ චාටු කතා ය.
බෙදාගන්න
ගීතාවලිය 12 කියවන්නගීතාවලිය 12:1-2 Sinhala Revised Old Version (SROV)
ස්වාමිනි, පිහිටවුව මැනව; මක්නිසාද භක්තිවන්තයෝ පිරිහෙති; විශ්වාස අය මනුෂ්යපුත්රයන් අතරෙන් නැතිවෙති. ඔවුන් සෑම දෙන තමුන්ගේ අසල්වාසියා සමඟ නිෂ්ඵල දේ කථාකරති. ඔව්හු චාටු සහිත මුඛයෙන් හා දෙසිතින් කථාකෙරෙති.
බෙදාගන්න
ගීතාවලිය 12 කියවන්නගීතාවලිය 12:1-2 Sinhala New Revised Version (NRSV)
සමිඳුනි, පිහිට වුණ මැනව. සැදැහැවතුන් ඉතිරි ව නැත. විශ්වාසවන්තකම ලොවින් තුරන් වී ඇත. මිනිසා මිනිසාට බොරු පවසයි; චාටු බසින් දෙසිත් ඇති ව කතා කරයි.
බෙදාගන්න
ගීතාවලිය 12 කියවන්න